සත්කාරකයින් හමුවේ ලෝක ශූරයින්ගේ බලය බිඳ වැටේ

80
BFA

මෙවර ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලියේ අද (20) දිනයේ පැවති අවසන් මහා තරගයේ දී ලකුණු 5 – 4ක් ලෙස ලෝක ශූර ජපානය පරාජයට පත්කරමින් සත්කාරක තායිවානය ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. 

බටහිර ශූරයින් නැගෙනහිර ශූරයින් හමුවේ පසුබසියි

ආසියානු බේස්බෝල් සම්මේලනය (BFA) විසින් 29වන වරට සංවිධානය කරනු ලබන මෙවර ආසියානු බේස්බෝල්…………

ඒ අනුව ආසියානු බේස්බෝල් සම්මේලනය (BFA) විසින් 29වන වරට සංවිධානය කරනු ලැබූ ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලියේ ශූරතාවය සත්කාරක තායිවානයටත්, අනුශූරතාවය ජපානයටත්, තෙවන ස්ථානය චීනයටත් හිමිවිය. 

  • අවසන් මහා තරගය 

සත්කාරක තායිවානය සමඟ ලෝක ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණ ගැනීමට සමත් වී සිටින ජපානය මේ සඳහා සුදුසුකම් ලබා තිබූ අතර තරගය අවසානයේ ලකුණු 5 – 4ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් වූයේ සත්කාරක තායිවානය යි. (තායිවානය 5 – 4 ජපානය) 

  • තෙවන ස්ථානය සඳහා තරගය 

චීනය සමඟ දකුණු කොරියාව තෙවන ස්ථානය සඳහා වන තරගය සඳහා සුදුසුකම් ලබා තිබූ අතර එම තරගයෙන් ලකුණු 8 – 6ක් ලෙස ජයග්‍රහණය කිරීමට චීනය සමත් විය. (චීනය 8 – 6 දකුණු කොරියාව)

ඒ අනුව මෙවර ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලිය අවසානයේ එක් එක් කණ්ඩායම් හිමිකර ගත් ස්ථාන පහත පරිදි වේ. 

  1. වන ස්ථානය – තායිවානය 
  2. වන ස්ථානය – ජපානය 
  3. වන ස්ථානය – චීනය 
  4. වන ස්ථානය – දකුණු කොරියාව 
  5. වන ස්ථානය – පිලිපීනය 
  6. වන ස්ථානය – හොං කොං රාජ්‍යය 
  7. වන ස්ථානය – ශ්‍රී ලංකාව 
  8. වන ස්ථානය – පාකිස්තානය

ශ්‍රී ලංකාව පළමු ජයග්‍රහණය වාර්තා කරයි

ආසියානු බේස්බෝල් සම්මේලනය (BFA) විසින් සංවිධානය කරනු ලබන 29වන ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලියේ……………..

ඒ අනුව ලෝක ශූර ජපාන කණ්ඩායමට අමතරව එළඹෙන 2020 ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබාගැනීමට තායිවානය සහ චීනය සමත් විය.

අවසන් මහා තරගයේ සම්පූර්ණ තරග වාර්තාව සඳහා රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<