පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම් දිනයක් නිමා වෙයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

469

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (22) දිනයේ දී ක්‍රියාත්මක වුනා. 

මෙම තරග අතුරින් ඊයේ (21) ආරම්භ වූ දෙදින තරග ද්විත්වයක ජයග්‍රහණ ලබා ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය සහ කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාල සමත් වුනා. 

ඩී.එස් සේනානායක විද්‍යාලය විසින් කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහිව කඩුලු 9කින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එහි දී D.S.සේනානායක විද්‍යාලය වෙනුවෙන් නායක ගවිරු සෙහස් පිත්තෙන් සහ පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා. ඊට අමතරව වෙස්ලි විද්‍යාලයේ ශකේෂ් මිනෝන් විසින් කඩුලු 5 අවස්ථාවක් සටහන් කර ගත්තා. 

මේ අතර කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය විසින් සමත් වූ අතර මෙම තරගයේ දී මහානාම විද්‍යාලය වෙනුවෙන් ඉනුක කරන්නාගොඩ විසින් ඉනිම් දෙකේ දී කඩුලු 10ක් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් මෙවන් දිසානායක විසින් ඉනිම් දෙකේ දී කඩුලු 8ක් බිඳ හෙළුවා. 

මේ අතර ඊයේ ආරම්භ වූ අනෙක් දෙදින තරගයෙන් මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට කඳාන ද මැසනඩ් විද්‍යාලය විසින් සමත් වුනා. 

මෙම තරගයේ දී මැසනඩ්  විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ කවිඳු කෞශල්‍ය ඉනිම් දෙකේ දී ම කඩුලු 8ක් බිඳ හෙළීමට සමත් වුනා. 

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය  

  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය – 128/10 (56.1) නවීන් ප්‍රනාන්දු 39, ඔශාන් ද සිල්වා 36, කවිඳු කෞශල්‍ය 6/45 & 128/10 (64.5) සුවන් ප්‍රනාන්දු 44, ශරිත් සුදීන 3/9 
  • කඳාන ද මැසනඩ් විද්‍යාලය – 167/10 (28.2) තත්ශුක ඉන්දීප 33, නිකලෝ ශරෝන් 51, රසිඳු ප්‍රනාන්දු 2/16, අචල පෙරේරා 3/67 & 7/0 (0.3) 

කඳාන ද මැසනඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය  

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 71/10 (27.5) සමිඳු මදුරංග 13, ඉනුක කරන්නාගොඩ 6/17, රශ්මික පෙරේරා 3/8 & 152/10 (68.5) සමිඳු මදුරංග 40, ස්ටීව් අර්ශාන් 45, ඉනුක කරන්නාගොඩ 4/47 
  • කොළඹ මහානාම විද්‍යාලය – 163/10 (46) දුල්නිත් සිගේරා 35, රශ්මික පෙරේරා 30, මෙවන් දිසානායක 7/58, සමිඳු මදුරංග 2/13 & 63/5 (13.1) අනුක විජේවර්ධන 21, නිර්වාන් ජයතිලක 4/26 

මහානාම විද්‍යාලයට කඩුලු 5ක ජයක්. 

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොළඹ D.S.සේනානායක විද්‍යාලය 

  • කොළඹ වෙස්ලි විද්‍යාලය 183/10 (60.1) බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු 61, රුක්ශාන් තරංග 29, ශනල් බිනුක 3/36, ගවිරු සෙහස් 3/32 & 94/10 (34.3) නිලුපුල් ලියනගේ 27, ශනල් බිනුක 3/13 
  • කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය – 252/10 (65.3) ගවිරු සෙහස් 53, රන්දීශ බණ්ඩාරනායක 46, ශකේෂ් මිනෝන් 5/72 & 27/1 (5.1) 

ඩී.එස් සේනානායක විද්‍යාලයට කඩුලු 9ක ජයක්. 

මීට අමතරව තවත් සාම්ප්‍රදායික දෙදින තරගයක් මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය අතර ද තවත් දෙදින තරගයක් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර ද අද ආරම්භ වුනා. 

සාන්ත තෝමස් සහ දේවානන්ද විද්‍යාල අතර තරගයේ පළමුව පන්දුවට පහර දීමට අවස්ථාව හිමි වූ මාතර සාන්ත තෝමසුවන් සිය පළමු ඉනිමට ලකුණු 196ක් එක් කිරීමට සමත් වූ අතර ඒ වෙනුවෙන් පෙසඳු සන්ජන්ගේ පිත්තෙන් ලකුණු 72ක් වාර්තා වුනා. එමෙන්ම දෙවානන්දය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ කවීශ් හන්සක කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා. 

දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් දේවානන්ද පිතිකරුවන් කඩුලු 4ක් දැවී ලකුණු 78ක් ලබා සිටියා. 

  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය – 196/10 (71) පෙසඳු සන්ජන් 72, ජිමුත් ඉද්දමල්ගොඩ 28, කවීශ් හන්සක 5/54, රවිඳු ද සිල්වා 3/34 
  • අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය – 78/4 (24) මයුර මල්ශාන් 33, චමෝද් චන්දූප 28, නවිජ ද සේරම් 2/3 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් තෝමසුවන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 131ක් පමණයි. 

මෙහි දී සෙබස්තියන් විද්‍යාල වෙනුවෙන් පන්දු යැවීමෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ මනුජ චන්තුක කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් වුනා. 

ඊට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම දියත් කළ සාන්ත සෙබස්තියන් පිතිකරුවන් විසින් දිනය අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 166ක් ලබා ගත්තේ සිය පළමු ඉනිමේ ජයග්‍රහණය තහවුරු කර ගනිමිනුයි. 

  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 131/10 (42.1) දිනෙත් ගුණවර්ධන 59, මනුජ චන්තුක 7/40 
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 166/7 (55) නදීශ් ප්‍රනාන්දු 40, දිනෙත් ගුණවර්ධන 3/33 

මෙම තරග ද්විත්වයේ ම දෙවන දිනය හෙට (23) පැවැත්වෙනු ඇති. 

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<