නාලන්දයට පළමු ඉනිමේ ජයක්; තවත් තරග තුනක් ක්‍රියාත්මකයි

U19 Division 1 School Cricket Tournament 2023/24

437
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සම්මේලනය විසින් සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (14) දිනයේ දී ක්‍රියාත්මක වුනා.

මෙහි දී දෙදින තරගයක් ලෙස ඊයේ (13) දිනයේ ආරම්භ වූ කොළඹ නාලන්දා සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාල අතර පැවැත්වුණු තරගය අද දිනයේ ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

මෙම තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි සෙබස්තියන් ක්‍රීඩකයින් එක් කඩුල්ලකට ලකුණු 35ක් ලබා සිටි අතර, අද දිනයේ දී ඔවුන් සියල්ලන් ම දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 188ක් පමණයි.

පසුව සිය දෙවන ඉනිම ක්‍රියාත්මක කළ නාලන්දා විද්‍යාලය දිනය අවසන් වන විට කඩුලු 5කට ලකුණු 153ක් ලබා සිටියා. ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ අතර පළමු ඉනිමේ ලද ලකුණු 72ක ඉදිරිය නිසා නාලන්දයට පළමු ඉනිමේ ජයක් හිමි වුනා.

මෙහි දී නාලන්දා දෙවන ඉනිම වෙනුවෙන් මනුප මන්මිත විසින් ශතකයක් රැස් කරමින් දස්කම් පෙන්වද්දී, පන්දු යැවීමෙන් මිනෝද් කල්දේරා දක්ෂතා දැක්වීමට සමත් වුනා.

  • නාලන්දා පළමු ඉනිම– 260/10 (90.4) ඔසඳ පමුදිත 76, මනුප මන්මිත 39, මනුජ චන්තුක 3/80, රයන් දිසානායක 2/26
  • ශාන්ත සෙබස්තියන් පළමු ඉනිම188/10 (62.3) විමත් දින්සර 66, උශේන් සිල්වා 37, මිනෝද් කල්දෙරා 4/67, හසිත් රත්නායක 3/49
  • නාලන්දා දෙවන ඉනිම– 153/5 (43) මනුප මන්මිත 102*, ඔසඳ පමුදිත 16, නදීශ් ප්‍රනාන්දු 2/16, සනිඳු කන්දගේ 1/4

 

මේ අතර පාසල් අතර පැවැත්වෙන සාම්ප්‍රදායික තරග තුනක් ද අද දිනයේ ආරම්භ වුනා. මෙම තරග වල දී මොරටු මහා විද්‍යාලයේ ඉසුරු ප්‍රනාන්දු කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වූ අතර, ලොයෝලා විද්‍යාලය වෙනුවෙන් ආලෝක නිමේශ් කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලය සහ පුත්තලම ආනන්ද ජාතික පාසල අතර පැවැත්වුණු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා.

කොළඹ සහිරා විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය

  • කොළඹ සහිරා විද්‍යාලය– 110/10 (48.4) මොහොමඩ් ඉජාස් 27, උමාර් ඉම්රාන් 26, ඉසුරු ප්‍රනාන්දු 5/28, S. සුවාරිස් 2/10
  • මොරටු මහා විද්‍යාලය– 77/1 (23) ශෙහාර ප්‍රනාන්දු 45*, දෙනෙත් සිතුමිණ 29*, සල්මන් රෙෆායි 1/14

මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලය සහ පුත්තලම ආනන්ද ජාතික පාසල

  • මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලය– 79/4 (24.2) ලිනත් දුල්තර 18, ශකිල අශේන් 16*, රනිඳු අභිශේක් 2/28, චමෝද ආධිත්‍ය 1/1

(වර්ෂාව නිසා තරගය නතර කෙරුණා)

කොළඹ ඩෙ ලා සාලේ විද්‍යාලය සහ කොච්චිකඩේ ලොයෝලා විද්‍යාලය

  • කොළඹ ඩෙ ලා සාලේ විද්‍යාලය– 118/10 (48.5) හෙශාන් විහඟ 23, මිශේන් නිලංක 23, ආලෝක නිමේශ් 4/20, දිමුතු ශශිමාල් 3/19
  • කොච්චිකඩේ ලොයෝලා විද්‍යාලය– 78/6 (29) සවිඳු නෙත්සර 32, ආලෝක නිමෙශ් 17*, හෙශාන් විහඟ 3/36, රශින්ත කෞශාන් 1/8

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<