ගෙවුනු දවස අගෝස්තු 05 – තෙවැනි දිනයත් නිමා වෙයි

272

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

කුසල්ගෙන් ශතකයක්

pic 1

තවත් ටෙස්ට් ජයග්‍රහණයක් කරා වේගයෙන් පියවර මනිමින් සිටි ඉන්දියානු කණ්ඩායමේ ජය ගමන යම් පමණකින් අඩාල කිරීමට අද (05) දෙවැනි ඉනිම සාර්ථක කරගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. ඒ දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් අතරේ ගොඩ නැගුණු ලකුණු 191ක සබඳතාවය හේතුවෙනි. කෙසේ වෙතත් මේ වන විට කඩුලු 2ක් දැවී ලකුණු 209ක් ලබා සිටින ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ ඉන්දීය ප්‍රථම ඉනිමට වඩා ගව් ගණනක් ඈතිනි.

සම්පූර්ණ වාර්තාව: පරාජය පෙනෙන මානයේ දී පොඩි කුසල්ගෙන් විශිෂ්ට ශතකයක්!


උදේ තත්වය පාලනය කර ගන්න බැරි වුනා – නිරෝෂන්

pic 2

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ SSC පිටියේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනයෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අද (05) දිනය තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණපෑමට සිදු වූ වාතාවරණය සම්බන්ධයෙන් සිය අදහස් දක්වන ලදි.

“අපිට අද උදෑසන කාලය තුළ තරගය මනාව පාලනය කර ගැනීමට නොහැකි වුනා. ඒ නිසා අපිට දිගු ඉනිම් කිහිපයක් දියත් කරමින් පිතිකරණයේ නිරත වෙන්න බැරි වුනා. නමුත් අප අද තරගයේ සවස් කාලය තුළ ධනාත්මකව සිතා පිතිකරණයේ නිරත වුනා. මෙම තණතීරුව ලෙහෙසි පහසු තණතීරුවක් නොවේ. නමුත් අපි තරමක් ප්‍රමාද වී මෙහි හැසිරීම අවබෝධ කර ගත්තා. අද උදෑසන කාලය තුළ අපිට කිසිම දෙයක් කර ගන්නා බැරි වුනා.“ යැයි නිරෝෂන් දික්වැල්ල එහි දී ප්‍රකාශ කළේය.

සම්පූර්ණ වාර්තාව: තෙවන දිනය ගැන දික්වැල්ල කතා කරයි

දිනයක අවසානය