ක්‍රිකට් ලොව මෞලි මංගල්‍යය සඳහා සියළුම රටවල් ලහි ලහියේ සූදානම් වන වටපිටාවක ශ්‍රී ලංකාවේ ද දේශීය එක්දින තරගාවලියක් අද (04) ආරම්භ විය. ඒ සුපිරි පළාත් එක්දින තරගාවලියයි. කණ්ඩායම් 4ක සහභාගීත්වය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ අද දිනයේ ජයග්‍රහණ හිමිකර ගත්තේ ගාලු කණ්ඩායම සහ කොළඹ කණ්ඩායමයි. එහිදී පැය 20ක් වැනි කෙටි කාලයක් ඇතුළත රටවල් දෙකක සීමිත පන්දුවාර තරග දෙකකදී සුපිරි දස්කම් පෑ ලසිත් මාලිංග අද දිනයේ වඩාත්ම කතාබහට ලක්වූ ක්‍රීඩකයා බවට පත්විය.
තීරණාත්මක සුපිරි පළාත් සටනට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග අදියරක් මේ මස 4 වැනිදා දඹුල්ලේ හා පල්ලෙකැලේ දී ආරම්භ වේ.
අද උදෑසන තරගාවලියේ දෙවැනි තරගය ලෙස ගාලු කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම එකිනෙකා හා ගැටුනේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. මෙහිදී ගාලු කණ්ඩායම වත්මන් එක්දින නායක ලසිත් මාලිංග විසින් මෙහෙයවූ අතර මහනුවර කණ්ඩායම දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ තරගයට එක්විය. අද කාසියේ වාසිය දිනාගත් මහනුවර කණ්ඩායම මුලින් පන්දු යැවීමට තීරණය කළේ ප්‍රතිවාදීන් අඩු ලකුණකට සීමා කරමින් ජය කණුව කරා යෑමේ අපේක්ෂාව පෙරදැරිවයි. කෙසේ නමුත් අද පල්ලෙකැලේ තණතිල්ලේ හැසිරීම අනුව තරගය ජය ගැනීමට ප්‍රමාණවත් ලකුණු පුවරුවක් ගොඩ නැගීමට ගාලු පිතිකරුවෝ සමත් වූහ.
ඒ වෙනුවෙන් යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 65ක් රැස්කර ගත්තේ අද දින පැවති තරග දෙකේම වැඩිම ලකුණු ලාභියා ලෙසයි. පන්දු 87කට මුහුණ දුන් කුසල් එහිදී හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් එල්ල කළේය. ඔහුට අමතරව එක්දින තරග 3කදී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ සඳුන් වීරක්කොඩි අර්ධ ශතකයක් රැස්කර ගත්තේ ගාලු ඉනිම ආරම්භයේදීම බිඳ වැටෙන්නට ඉඩ නොතබමිනි. කෙසේවෙතත් අනෙක් අන්තයෙන් ඉනිම ආරම්භ කළ ලහිරු තිරිමාන්න අද ලකුණු 10කට දැවී ගිය අතර මෑත කාලීනව ජාත්‍යන්තර අත්දැකීම් රාශියක් ඇති ධනංජය ද සිල්වා ලකුණු 5කට පිටිය හැර ගියේය.
Photos: Kandy vs Galle | Super Provincial One Day 2019
මැදපෙළ පිතිකරුවන් වශයෙන් වමත් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 31කදී ලකුණු 32ක් රැස් කළේය. ඒ එක් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟිනි. පළමු පෙළ තරග වලදී ඉතාමත් සතුටුදායක දස්කම් දක්වා ඇති මිනෝද් භානුක අද ලකුණු 39ක් රැස් කළේ පන්දු 43කට මුහුණ දෙමිනි. ගාලු ඉනිමේ පසුපෙළ පිතිකරුවන් ලෙස වනිඳු හසරංග සහ (03) සහ ශම්මු අශාන් (20) පිටියට පිවිසියද ඔවුන්ට පිත්තෙන් වැඩි යමක් ඉටු කිරීමට අවස්ථාවක් උදා නොවීය. ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ලකුණු 15ක් ලබාසිටි ධම්මික ප්‍රසාද් දුවද්දී දැවී යාමට හසු වෙද්දී ගාලු ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 255ක් ලෙසයි. මහනුවර පිළ වෙනුවෙන් කසුන් රාජිත සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.
අද සන්ධ්‍යා කාලයේ දී මෙම ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසියේ දිමුත් කරුණාරත්න සහ සදීර සමරවික්‍රමයි. කෙසේවෙතත් මහනුවර පිළේ ජය බලාපොරොත්තු සිහිනයක්ම බවට පත්කළ මාලිංග අද දිනය නිමා කළේ ලකුණු 49ට කඩුලු 7ක්ම දවා ගනිමිනි. විශේෂත්වය වන්නේ ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ඊයේ මධ්‍යම රාත්‍රිය දක්වාම පැවති තරගයටත් සහභාගි වීමෙන් අනතුරුව දිවයිනට පැමිණි මාලිංග අද මෙවන් දස්කමක් දැක්වීමයි.
ලෝක කුසලාන සංචිතයේ තව ආසන ටිකයි ඉතුරු – අසන්ත ද මෙල්
මේ මස 4 වැනිදා ආරම්භ වන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දක්වන දස්කම් අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක කුසලානය සඳහා පිටත්ව යන සංචිතයේ ඉතිරි…
මාලිංග ඊයේ පැවති IPL තරගයේදී ද ලකුණු 34කට කඩුලු 3ක් දවා ගනිමින් මුම්බායි ඉන්දියන්ස් පිළ මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් විය. අතිශයින්ම තරගකාරී විස්සයි විස්ස තරගයක්, අළුයම තුන දක්වා වූ වෙහෙසකර ගුවන් ගමනක් සහ නිදි වර්ජිත රාත්‍රියක් අවසානයේ ඔහු අද මෙවන් දස්කමක් දැක්වීම සැබවින්ම විශ්මයජනක සිදුවීමකි.
මාලිංගට අමතරව දුෂ්මන්ත චමීර අද ලකුණු 27කට කඩුලු 3ක් දවා ගනිමින් ගාලු කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය. මාලිංගගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ප්‍රියමාල් පෙරේරා, පැතුම් නිශ්ශංක, සචිත්‍ර සේනානායක වැනි ක්‍රීඩකයින් දැවී ගියේ තනි ඉලක්කමේ ලකුණු වලටයි. වර්තමානයේ යම් පසුබෑමක් පෙන්නුම් කරන තිසර පෙරේරා අද රැස්කළේ ලකුණු 12ක් පමණි. ඔහු දුෂ්මන්ත චමීරගේ පන්දුවකට ගොදුරු විය. ගාලු පිළේ වේග පන්දු ආක්‍රමණයෙන් ගැලවෙන්නට සමත් වූ එකම පිතිකරුවා ලෙස නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 35ක් රැස් කළේය. ඒ පන්දු 48කට මුහුණ දෙමිනි.
චාමර, චාමික සුසංයෝගයෙන් කොළඹ ගොඩයයි
ඒ අනුව තුන් ඉරියව්වෙන්ම ඉහළ දක්ෂතා දැක්වූ ගාලු කණ්ඩායමට ලකුණු 156ක දැවැන්ත ජයක් හිමිවූ අතර 3.12 දළ ලකුණු වේගයක් සමඟින් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද සමත් විය. එහි දෙවැනි ස්ථානය හිමිව තිබෙන්නේ දඹුල්ල කණ්ඩායම ලකුණු 82කින් පරාජය කළ දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන කොළඹ කණ්ඩායමටයි. ඔවුන්ගේ දළ ලකුණු වේගය 1.64කි. මෙම තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වීමෙන් අනතුරුව ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 2 අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන අතර අනෙක් කණ්ඩායම් දෙක තෙවැනි ස්ථානය වෙනුවෙන් තරග වදිනු ඇත.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sandun Weerakkody | c Dimuth Karunaratne b Jeffrey Vandersay | 56 | 63 | 9 | 0 | 88.89 |
Lahiru Thirimanne | c Nuwan Pradeep b Kasun Rajitha | 10 | 21 | 1 | 0 | 47.62 |
Dhanajaya de silva | c Manoj Sarathchandra b Thisara Perera | 5 | 18 | 0 | 0 | 27.78 |
Kusal Mendis | c Sadeera Samarawickrama b Jeffrey Vandersay | 65 | 87 | 3 | 1 | 74.71 |
Milinda Siriwardana | c Priyamal Perera b Sachithra Senanayake | 32 | 31 | 1 | 2 | 103.23 |
Minod Bhanuka | c Sadeera Samarawickrama b Jeffrey Vandersay | 39 | 43 | 2 | 1 | 90.70 |
Wanindu Hasaranga | run out () | 3 | 3 | 0 | 0 | 100.00 |
Shammu Ashan | c Chathuranga de Sliva b Kasun Rajitha | 20 | 15 | 3 | 0 | 133.33 |
Dhammika Prasad | run out () | 15 | 11 | 0 | 1 | 136.36 |
Lasitha Malinga | b Kasun Rajitha | 2 | 5 | 0 | 0 | 40.00 |
Dushmantha Chameera | not out | 2 | 3 | 0 | 0 | 66.67 |
Extras | 6 (b 1 , lb 2 , nb 0, w 3, pen 0) |
Total | 255/10 (50 Overs, RR: 5.1) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nuwan Pradeep | 8 | 1 | 34 | 0 | 4.25 | |
Kasun Rajitha | 9 | 0 | 44 | 3 | 4.89 | |
Thisara Perera | 7 | 0 | 37 | 1 | 5.29 | |
Sachithra Senanayake | 10 | 0 | 36 | 1 | 3.60 | |
Jeffrey Vandersay | 10 | 0 | 55 | 3 | 5.50 | |
Chathuranga de Sliva | 6 | 0 | 46 | 0 | 7.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sadeera Samarawickrama | c Minod Bhanuka b Lasitha Malinga | 15 | 13 | 3 | 0 | 115.38 |
Dimuth Karunaratne | not out | 35 | 48 | 3 | 0 | 72.92 |
Pathum Nissanka | c Dhammika Prasad b Lasitha Malinga | 2 | 2 | 0 | 0 | 100.00 |
Priyamal Perera | c Minod Bhanuka b Lasitha Malinga | 2 | 6 | 0 | 0 | 33.33 |
Sachithra Senanayake | lbw b Lasitha Malinga | 6 | 7 | 1 | 0 | 85.71 |
Manoj Sarathchandra | b Lasitha Malinga | 0 | 2 | 0 | 0 | 0.00 |
Thisara Perera | c Minod Bhanuka b Dushmantha Chameera | 12 | 11 | 2 | 0 | 109.09 |
Chathuranga de Sliva | c Milinda Siriwardana b Dushmantha Chameera | 1 | 3 | 0 | 0 | 33.33 |
Jeffrey Vandersay | c Lahiru Thirimanne b Dushmantha Chameera | 19 | 16 | 4 | 0 | 118.75 |
Kasun Rajitha | c Minod Bhanuka b Lasitha Malinga | 0 | 6 | 0 | 0 | 0.00 |
Nuwan Pradeep | b Lasitha Malinga | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 7 (b 0 , lb 3 , nb 2, w 2, pen 0) |
Total | 99/10 (18.5 Overs, RR: 5.26) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lasitha Malinga | 9.5 | 0 | 49 | 7 | 5.16 | |
Dushmantha Chameera | 5 | 0 | 27 | 3 | 5.40 | |
Dhammika Prasad | 4 | 0 | 20 | 0 | 5.00 |