ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් කොරෝනා මර්දනයට සවියක් වෙයි

81
National Skipper Dimuth Karunaratne hands over the grant to Dr. Janitha Hettiarachchi, Medical Superintendent of the Homagama Base Hospital

නව කොරෝනා (Covid-19) වසංගතය මැඩ පැවැත්වීම වෙනුවෙන් හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සඳහා වන පුද්ගලික ආරක්ෂණ උපකරණ තොගයක් මිලදී ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තීරණය කර ඇත. 

එංගලන්ත නායිකාව ස්වේච්ඡාවෙන් කොරෝනා රෝගීන්ගේ සහයට

මේ දිනවල එංගලන්තය ද ඇතුළුව ලොව පුරා වේගයෙන් පැතිර යන නව කොරෝනා (COVID-19)

අදාළ උපකරණ කට්ටල ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් අද (29) දින එම රෝහල් පාලනාධිකාරියට භාර දෙනු ලැබීය. 

කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක කෙරෙන රෝගීන් සඳහා ප්‍රතිකාර සිදුකෙරෙන විශේෂ මධ්‍යස්ථානයක් ලෙසින් ක්‍රියාත්මක වන මෙම හෝමාගම රෝහලේ පාලනාධිකාරිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉහත දායකත්වය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් පියවර ගෙන ඇත. 

“මාරාන්තික වෛරසය නිමා කිරීම සඳහා ක්‍රීඩකයින් වශයෙන් සිදුවිය යුතු උපරිම සහයෝගය ශ්‍රී ලංකා රජයට ලබා දීමට අපි කටයුතු කරනවා.” යැයි අදාළ උපකරණ කට්ටල බෙදා දීමේ අවස්ථාවේ දී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න 

සඳහන් කර සිටියේය. 

Video – 2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවේ ගමන් මග

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා රටවල් 32ක් අදියර 3 ක් ඔස්සේ තරග වැදීමට නියමිතය

මෙම උපකරණ කට්ටල ලබා දීමට ප්‍රථම කොළඹ ජාතික රෝහලට අවශ්‍ය ස්වරාලය හෙවත් උගුර ආශ්‍රිත ප්‍රදේශයේ වූ පටක පරීක්ෂා කිරීම සඳහා යොදා ගැනෙන ලැරින්ගෝස්කෝප් (Laryngoscopes) උපකරණයක් ද මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම සාමාජිකයෝ සිය පෞද්ගලික මුදලින් දායකත්වය දක්වා තිබේ. 

මෙම උපකාරවලට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය හරහා COVID–19 වසංගතයට එරෙහි සටනට නිරන්තරයෙන් සහයෝගය දෙන ලෙස ද ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටීමට කටයුතු කළේය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<