පන්දු යවන්නන් කැපී පෙනුණු දිනයක්

U19 Division 1 Schools Cricket Tournament 2023/24

175
U19 division 1 schools cricket tournament

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (19) පැවැත්වුණා. 

අද දිනයේ අවසන් වූ එකම තරගයෙන් මාතර සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි වුනා. මේ අතර අද දිනය සාපේක්ෂව පන්දු යවන්නන් විසින් විශේෂ දක්ෂතා දැක් වූ දිනයක් ලෙස හඳුන්වා දිය හැකි. අද දිනයේ කැපී පෙනුණු ක්‍රීඩක දක්ෂතා කිහිපයක් මෙසේයි; 

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ බිමාශ් විදුදය කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා. 

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් නවීන් ප්‍රනාන්දු කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා. 

ගාල්ල ඇලෝශියස් විද්‍යාලයේ දුල්සත් නිම්විරු කඩුලු 7 දස්කමක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා. 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් යතින්ද්‍ර සිරිවර්ධන සහ නාතන් කල්දේරා කඩුලු 5 දස්කම් දැක්වීමට සමත් වුනා. 

කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ තමිඳු ප්‍රදීප්ත අගනා ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා, එමෙන්ම මෙම තරගයේ දී ම රාජකීය විද්‍යාලයේ රමිරු පෙරේරා කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් වුනා. 

කොළඹ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් අශින්ස නයිනායක කඩුලු 6 දස්කමක් ප්‍රදර්ශනය කළා. 

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් අමිත සන්දීප කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා. 

කොළඹ සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් ශෙන්නන් රොද්‍රිගෝ කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා. 

පළමු කොටසේ Tier A තරග 

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය  

වේල්ස් කුමර විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 18 –  19) 

  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය – 198/10 (54.4) නවීන් ප්‍රනාන්දු 67, උනෙත් පීරිස් 36, මනුග ගුරුගේ 4/61, ජිමුත් ඉද්දමල්ගොඩ 2/25 & 203/9 (53) ඔශාන් ද සිල්වා 38, මනුග ගුරුගේ කඩුලු 3/21 
  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය – 231/10 (85.1) ජිමුත් ඉද්දමල්ගොඩ 53, ලෝශිත දික්සිත් 44, නවීන් ප්‍රනාන්දු 5/36, අචල පෙරේරා 4/59 

තරගය ජය පරාජයෙන් තොරයි, මාතර සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

කොළඹ නාලන්ද විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය නාලන්ද විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 – 20) 

  • කොළඹ නාලන්ද විද්‍යාලය – 103/10 (38) හසිත් රත්නායක 24, බිමාශ් විදුදය 5/46, චාරුක ඒකනායක 2/5 
  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය – 196/5 (56) තිසර ඒකනායක 71*, කෞශික කුමාරසිංහ 36, සදෙව් සමරසිංහ 1/17 

පළමු දිනයට තරගය නතර කළා. 

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය  

සාන්ත ආනා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 – 20) 

  • කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය – 120/10 (47) සනුජ නිඳුවර 46, ඉනුක කරන්නාගොඩ 4/23, දුවිඳු රණතුංග 3/43 
  • කොළඹ මහානාම විද්‍යාලය – 168/9 (51) රශ්මික පෙරේරා 76, ඉනුක කරන්නාගොඩ 48, ගීතික ද සිල්වා 3/35, ශෙහාන් කුමාර 3/40 

පළමු දිනයට තරගය නතර කළා. 

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය  

කදිරන ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 – 20) 

  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය – 299/10 (80.2) තමිඳු ප්‍රදීප්ත 103, නිකිල් ජයවීර 63, රමිරු පෙරේරා 7/93 
  • කොළඹ රාජකීය විද්‍යාලය – 24/0 (17) 

පළමු දිනයට තරගය නතර කළා. 

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය  

ඩී.එස්. සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 – 20) 

  • ඩී.එස්.සේනානායක විද්‍යාලය – 265/10 (55) මලිත පෙරේරා 92, චනුල් අතලේ 43*, මනුජ චන්තුක 4/69, මලින්ත සිල්වා 4/63 
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 173/7 (42.3) විමත් දින්සර 79, අක්මාල් ෆස්ලි 3/38 

පළමු දිනයට තරගය නතර කළා. 

පළමු කොටසේ Tier B තරග 

කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය  

බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 – 20) 

  • කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය – 228/10 (75.5) හිමරු දේශාන් 71, සොනාල් අවදික 36, අශින්ස නයිනායක 6/67 
  • කොළඹ ආනන්ද විද්‍යාලය – 88/1 (22) දනිඳු සෙල්ලපෙරුම 45* 

පළමු දිනට තරගය නතර කළා. 

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය  

BRC ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 -20) 

  • වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය – 187/10 (51.2)  අමිත සන්දීප 78, විහඟ රශ්මිත 36, තරුශ්ක අශෙල් 4/42, සිතුක ගුණවර්ධන 3/28 
  • කොළඹ ඉසිපතන විද්‍යාලය – 139/8 (46) රුචිත් රොද්‍රිගෝ 49, අමිත සන්දීප 5/43 

පළමු දිනය සඳහා තරගය නතර කළා. 

මොරටු මහා විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය  

මොරටු මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 – 20) 

  • මොරටු මහා විද්‍යාලය – 212/10 (80.4) දෙනෙත් සිතුමිණ 54, කාන්චන නිම්ශාන් 50, නිසල අබේරත්න 3/25, දක්ෂික මනුකල්ප 3/40 
  • මහනුවර ධර්මරාජ විද්‍යාලය – 55/3 (18) 

පළමු දිනයට තරගය නතර කළා. 

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය  

සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 – 20) 

  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය – 100/10 (38.1) විශේන් හැළඹගේ 19, දුල්සත් නිම්විරු 7/37, සෙවිත 2/20 & 45/0 (16) 
  • ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය – 105/10 (41) කවිඳු කේසර 19, ශෙන්නන් රොද්‍රිගෝ 5/19 

පළමු දිනයට තරගය නතර කළා. 

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය  

කටුනායක BOI ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 – 20) 

  • කොළඹ ලුම්බිණි විද්‍යාලය – 197/10 (58.2) ප්‍රවීන් මනීෂ 50, සහන් කෞශල්‍ය 37, රවීන් සැවියෝ 4/45, ජනිත් ප්‍රනාන්දු 2/35 
  • වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය – 76/10 (31) ඉසුරු ජයසේකර 18, උශාන් සත්සර 3/13, ප්‍රවීන් මනීෂ 3/22 & 11/0 (f/o) (7)  

පළමු දිනයට තරගය නතර කළා. 

සාම්ප්‍රදායික දෙදින තරග  

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය  

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 – 20)  

  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය – 64/10 (33.3) තරණ විමලධර්ම 23, යතින්ද්‍ර සිරිවර්ධන 5/19, නාතන් කල්දේරා 5/6 
  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 173/7 (61) තිසේන් ඇහැලියගොඩ 61, මලිත් රත්නායක 4/29 

පළමු දිනයට තරගය නතර කළා. 

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<