ශතක වැස්සක් අස්සේ දහම්ගෙන් ද්විත්ව ශතකයක්

U19 Division 1 Schools Cricket Tournament 2023/24

264
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (16) පැවැත්වුණා.

මේ අතරින් අද දිනයෙන් අවසන් වූ තරග අතරේ ජයග්‍රහණ ලබා ගැනීමට කොළඹ ඉසිපතන, වත්තල සාන්ත අන්තෝනි සහ මොරටු මහා විද්‍යාල විසින් සමත් වුනා.

එමෙන්ම අද දිනයේ දී විද්‍යාල කිහිපයකින්ම ශතක වාර්තා වීම ද විශේෂත්වයක්. ඊට අමතරව අද දිනය තුළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු තුන් ඉරියව්වෙන් ම කැපී පෙනීමට ද සමත් වුනා.

අද දිනයේ කැපී පෙනුණු ක්‍රීඩක දක්ෂතා කිහිපයක් සැකෙවින්;

කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ දහම් නිර්මාල් විසින් කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව විශිෂ්ට ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා. පන්දු 225ක් පුරා ක්‍රියාත්මක වූ දහම්ගේ ඉනිම හතරේ පහර 16කින් සහ හයේ පහර 12කින් වර්ණවත් වුනා.

කඳාන ද මැසනඩ් විද්‍යාලයේ ශරිත් සුදීන කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ තිසර ඒකනායක සහ කවීෂ පියුමාල් දෙදෙනා විසින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත් වුනා.

කොළඹ ඉසිපතන විද්‍යාලයේ තරුශ්ක අශෙල් කඩුලු 5 දස්කමක් සමඟ තුන් ඉරියව්වෙන් ම දස්කම් දක්වද්දී, සිතුක ගුණවර්ධන කඩුලු 5 දස්කමක් සමඟ ගාල්ල මහින්ද විද්‍යාල ඉනිම් දෙක තුළ කඩුලු 7ක් බිඳ හෙළීමට සමත් වුනා.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහිව ඉනිමක ජයක් කරා මොරටු මහා විද්‍යාලය රැගෙන ගිය ඉසුරු ප්‍රනාන්දු ඉනිම් දෙකේ දී කඩුලු 8ක් බිඳ හෙළීමට සමත් වුනා.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ කවිඳු සේනාධි පිත්තෙන් ලකුණු 46ක් සහ පන්දුවෙන් කඩුලු 8 ලබා ගනිමින් තුන් ඉරියව් දක්ෂතා දැක්වූවා.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් කොශේන්ද්‍ර ප්‍රනාන්දු සහ තරිඳු ඩිලංක ශතක රැස් කිරීමට සමත් වුනා.

කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් රමිරු පෙරේරා සහ රෙහාන් පීරිස් ශතක රැස් කිරීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 15 – 16)

  • කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය– 196/10 (61.3) රිශ්ම අමරසිංහ 55, හිරාන් ජයසුන්දර 34, ශනල් බිනුක්ශ 4/36, ඩිලාශ් කුමාරනායක 2/31 & 77/4 (26) රන්දීශ බණ්ඩාරනායක 1/4
  • කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය– 353/4d (76) දහම් නිර්මාල් 204*, චෙනුල් පින්සර 63, ලහිරු අමරසේකර 2/74

තරගය ජය පරාජයෙන් තොරයි, ඩී.එස්. සේනානායක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය

ද මැසනඩ් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 16 – 17)

  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය– 250/10 (81.3) තමිඳු ප්‍රදීප්ත 76, සෙනෙත් සිසාන් 38, ශරිත් සුදීන 5/73, කවිඳු කෞශල්‍ය 2/27
  • කඳාන ද මැසනඩ් විද්‍යාලය– 43/3 (10) තත්ශුක ඉන්දීප 17, ශැරෝන් අභිශේක් 1/0

පළමු දිනට තරගය නතර කළා.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 16 – 17)

  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 131/10 (46.1) තිසේන් ඇහැලියගොඩ 42, තිසර ඒකනායක 5/45, කවීෂ පියුමාල් 5/40
  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය– 55/3 (13)

තරගය පළමු දිනයට නතර කළා.

පළමු කොටසේ Tier B තරග

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය

මහින්ද විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 15 – 16)

  • කොළඹ ඉසිපතන විද්‍යාලය– 164/10 (54.5) තරුශ්ක අශෙල් 68, කවීන් රුක්ශාන් 3/39, දෙනෙත් කෞශල්‍ය 2/29 & 158/10 (63.5) තරුශ්ක අශෙල් 42, කෙවින් සැමුවෙල් 40, කවීන් රුක්ශාන් 3/49, අරෝශ උදයංග 2/16
  • ගාල්ල මහින්ද විද්‍යාලය – 136/10 (43.5) දිනුර කළුපහන 26, චනුල් දිනෝත් 4/28 දසිත් සෙනාල් 2/20 & 55/10 (14.3) ප්‍රමේශ් මදුභාශණ 15, සිතුක ගුණවර්ධන 5/14, තරුශ්ක අශෙල් 5/11

ඉසිපතන විද්‍යාලයට ලකුණු 131ක ජයක්.

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 15 – 16)

  • කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 113/10 (50.1) මහීෂ මිහිදුම් 38, කවිඳු සේනාධි 4/23, ශනෙල් තිමාන 1/3 & 101/10 (51.5) මහීෂ මිහිදුම් 34, කවිඳු සේනාධි 4/33, ශනෙල් තිමාන 3/11
  • වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය– 251/10 (85.5) දිනිත් චාමික 68, කවිඳු සේනාධි 46, නිම්න ප්‍රනාන්දු 2/51, විහඟ තීක්ෂණ 3/52

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 27ක ජයක්.

මොරටු මහා විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

ධර්මපාල විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 15 – 16)

  • මොරටු මහා විද්‍යාලය– 176/10 (61) ශෙහාර ප්‍රනාන්දු 35, විහඟ නිම්සර 30, චිතුම් බැද්දගේ 4/19, මෙනුශ පබසර 3/69
  • පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය– 61/10 (41.4) තිමෝත් පතිනායක 11, ඉසුරු ප්‍රනාන්දු 4/11, නිශිත ප්‍රනාන්දු 3/17 & 102/10 (f/o) (37.3) නෙත්මින නිර්මාල් 48, ඉසුරු ප්‍රනාන්දු 4/32, විහඟ නිම්සර 2/2

මොරටු මහා විද්‍යාලයට ඉනිම සහ ලකුණු 13ක ජයක්.

සාම්ප්‍රදායික දෙදින තරග

ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය

වීරකැටිය මන්දඬුව ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 15 – 16)

  • ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය– 236/10 (65.1) කවිඳු කේසර 62, හසිත සුරංග 34, පෙසඳු සන්ජන් 4/42, මනුග ගුරුගේ 3/63 &138/7d (31.1) සෙවිත දුල්මාල් 52, හසිත සුරංග 41, නවිජ ද සේරම්  2/22
  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය– 102/10 (23) කුමේශ් නුවන්ජන 22, එමල්ශ පබසර 2/9, දුල්සත් නිම්විරු 3/19 & 171/8 (60) පෙසඳු සන්ජන් 90, විදුර ලක්ෂාන් 2/16

තරගය ජය පරාජයෙන් තොරයි, ඇලෝශියස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 15 – 16)

  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය– 380/9 (90.2) රුසඳ ගමගේ 123, දිලන දම්සර 75, නදීශ් ප්‍රනාන්දු 3/45, දිනෙත් මල්ලවාරච්චි 2/32
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 448/10 (100.2) කොශේන්ද්‍ර ප්‍රනාන්දු 126, තරිඳු ඩිලංක 101, ලශ්මික පෙරේරා 5/91

තරගය ජය පරාජයෙන් තොරයි, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය

SSC ක්‍රීඩාංගණයේ දී

(පෙබරවාරි 16 – 17)

  • කොළඹ රාජකීය විද්‍යාලය-299/6d (78) රෙහාන් පීරිස් 103, රමිරු පෙරේරා 100*, අශින්ස නයිනායක 3/69
  • කොළඹ ආනන්ද විද්‍යාලය– 65/1 (20) කාන්චන ද ලිවේරා 48*

පළමු දිනට තරගය නතර කළා.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<