රුසඳගේ පිත්තෙන් වේගවත් ශතකයක්!

U19 Division 1 School Cricket Tournament 2023/24

257
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (15) අවසන් වුනා.

මෙම තරග අතුරින් කොළඹ තර්ස්ටන් විද්‍යාලය, සහිරා විද්‍යාලයට එරෙහිව ඉනිමක ජයක් ලබා ගැනීමට සමත් වුනා.

එමෙන්ම මෙම තරගවල දී විද්‍යාල කිහිපයක ම ක්‍රීඩකයින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ද සමත් වුනා.

තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් තනුග පලිහවඩන සහ සහිරා විද්‍යාලය වෙනුවෙන් රනිඳු මලිත් කඩුලු 5 දස්කම් දැක්වීමට සමත් වුනා.

කොළඹ නාලන්දා විද්‍යාලයේ සජිත විතානගේ කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ රුසඳ ගමගේ විශිෂ්ට ශතකයක් වාර්තා කළා. මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව රුසඳගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු 123 සඳහා ඔහුට වැය වුනේ පන්දු 88ක් පමණයි. එහි දී ඔහුගේ පිත්තෙන් හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් එල්ල වුනා.

පළමු කොටසේ Tier A තරග

කොළඹ නාලන්දා විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 14 – 15)

  • කොළඹ නාලන්දා විද්‍යාලය – 152/10 (69) සජිත විතානගේ 37, දිනිරු අබේවික්‍රමසිංහ 2/13, සමිරු ගිම්හාන් 2/15 & 150/3 (43) මනුප මන්මිත 61*, සදෙව් සමරසිංහ 54, රවීන් කවින්ත 2/24
  • මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය – 211/10 (63.4) රිසිනු කිත්මුක 56, දිනිරු අබේවික්‍රමසිංහ 38, සජිත විතානගේ 5/48, මිනෝද් කල්දේරා 2/40

තරගය ජය පරාජයෙන් තොරයි, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 15 – 16)

  • කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය – 196/10 (61.3) රිශ්ම අමරසිංහ 55, හිරාන් ජයසුන්දර 34, ශනල් බිනුක්ශ 4/36, ඩිලාශ් කුමාරනායක 2/31
  • කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය – 58/2 (12) ගවිරු සෙහස් 29

පළමු දිනයට තරගය නතර කළා, මෙම තරගය ThePapare හරහා සජීවී ව නැරඹීමේ අවස්ථාව ද ඔබට හිමි වනවා.

පළමු කොටසේ Tier B තරග

කොළඹ සහිරා විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය

සහිරා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 14 – 15)

  • කොළඹ සහිරා විද්‍යාලය – 125/10 (55.4) අබ්දුල් රහුමාන් 27, විහස් තෙව්මික 6/42, රචින්ත ද සිල්වා 2/12 & 141/10 (45.3) මොහොමඩ් ඉජාස් 38, තනුග පලිහවඩන 5/58, විහස් තෙව්මික 3/37
  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය – 289/10 (50) නවිඳු ප්‍රනාන්දු 70, දිනාල් ඉඳුවර 47, රනිඳු මලිත් 5/50

කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 23ක ජයක්.

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය

මහින්ද විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 15 – 16)

  • කොළඹ ඉසිපතන විද්‍යාලය – 164/10 (54.5) තරුශ්ක අශෙල් 68, කවීන් රුක්ශාන් 3/39, දෙනෙත් කෞශල්‍ය 2/29
  • ගාල්ල මහින්ද විද්‍යාලය – 124/6 දිනුර කළුපහන 26, චනුල් දිනෝත් 2/23, දසිත් සෙනාල් 2/17

පළමු දිනට තරගය නතර කළා.

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 15 – 16)

  • කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 113/10 (50.1) මහීෂ මිහිදුම් 38, කවිඳු සේනාධි 4/23, ශනෙල් තිමාන 1/3
  • වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය – 142/5 (43) දිනිත් චාමික 68*, නිම්න ප්‍රනාන්දු 2/33

පළමු දිනට තරගය නතර කළා.

මොරටු මහා විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

ධර්මපාල විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 15 – 16)

  • මොරටු මහා විද්‍යාලය – 176/10 (61) ශෙහාර ප්‍රනාන්දු 35, විහඟ නිම්සර 30, චිතුම් බැද්දගේ 4/19, මෙනුශ පබසර 3/69
  • පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය – 56/9 (39) තිමෝත් පතිනායක 11, ඉසුරු ප්‍රනාන්දු 4/11, නිශිත ප්‍රනාන්දු 2/16

පළමු දිනට තරගය නතර කළා.

සාම්ප්‍රදායික දෙදින තරග

ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය

වීරකැටිය මන්දඬුව ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 15 – 16)

  • ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය – 236/10 (65.1) කවිඳු කේසර 62, හසිත සුරංග 34, පෙසඳු සන්ජන් 4/42, මනුග ගුරුගේ 3/63
  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය – 54/6 (23) ජිමුත් ඉද්දමල්ගොඩ 15, එමල්ශ පබසර 2/9

පළමු දිනට තරගය නතර කළා.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 15 – 16)

  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය – 380/9 (90.2) රුසඳ ගමගේ 123, දිලන දම්සර 75, නදීශ් ප්‍රනාන්දු 3/45, දිනෙත් මල්ලවාරච්චි 2/32
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 36/1 (08) උශේන් සිල්වා 18

පළමු දිනය සඳහා තරගය නතර කළා.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<