ශ්‍රී ලංකා 19 පහළ සභාපති කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවෙන් ශතකයක්

354
U19 SL cricket v South Africa

දකුණු අප්‍රිකානු දකුණත් පිතිකරු රේනාඩ් වැන් ටොන්ඩර් ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම හා දකුණු අප්‍රිකානු  19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (20) ඇරඹූ පුහුණු  තරගයේ දී අගනා ශතකයක් ලබාගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර කඩුලු 5 ක් දැවී ලකුණු 343 ක් ලබා සිටින විට ඉණිම අත්හිටුවීමට ඔවුන් තීරණය කරන ලදි.

වැන් ටොන්ඩර් පන්දු 164 කදී ලකුණු 147 ක් ලබාගනිමින් දක්ෂ ලෙස පිතිකරණයේ නිරත විය. එයට 4 පහරවල් 9 ක් හා 6 පහරවල් 7 ක් ඇතුළත් කිරීමට ඔහු සමත් විය. ඔහුට සහය වූ කණ්ඩායම් නායක වියාන් මොල්ඩර් පන්දු 90 කදී ලකුණු 79 ක් ලබාගැනීමට සමත් විය. එම ඉණිමට දැවැන්ත 6 පහරක් හා 4 පහරවල් 11 ක් අන්තර්ගත විය. සෙබස්තියන් විද්‍යාලයයේ අශේන් වර්ණකුලසූරිය කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

මෙම ශ්‍රී ලංකා කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් වන අයන සිරිවර්ධන, පසිදු සූරියබණ්ඩාර හා තවත් දක්ෂ ක්‍රීඩකයින් රැසක් සහභාගි වී සිටියි.

මෙම තරගයේ දෙවන හා අවසන් දිනය අදයි (21) .

දකුණු අප්‍රිකානු කණ්ඩායම – 343 -5 dec (73.4) ජොශුවා වෑන් හර්ඩින් 147, වියාන් මුල්ඩර් 79 අශේන් වර්ණකුලසූරිය ලකුණු 62 කට කඩුලු 2

ශ්‍රී ලංකා 19 න් පහළ සභාපති කණ්ඩායම – 33-3 (14) කේෂාන් වන්නිආරච්චි 15* අකෝනා මියකා ලකුණු 6 කට කඩුලු 2 යි

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල් පිටුවට