රිච්මන්ඩ් දැවැන්ත ජයක් කරා; කවීෂ පියුමාල් අගනා පන්දු යැවීමක

U19 Division 1 Schools Cricket Tournament 2023/24

206
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (16) පැවැත්වුණා.

මෙම තරග අතුරින් කඳාන ද මැසනඩ් විද්‍යාලයට එරෙහිව දැවැන්ත ජයක් ලබා ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය විසින් සමත් වුනා. එමෙන්ම අද දිනයේ ද ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම ශතක රැස් කිරීමට සමත් වූ අතර, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ කවීෂ පියුමාල් සහ තවත් පන්දු යවන්නන් කිහිප දෙනෙකු පන්දුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ද සමත් වුනා.

එවන් ක්‍රීඩක දක්ෂතා කිහිපයක් සැකෙවින්,

කොළඹ සහිරා විද්‍යාලය වෙනුවෙන් තරුශ නවෝද්‍ය කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ශැරෝන් අභිශේක් විසින් කඩුලු 6 දස්කමක් ද සමඟින් සමස්ත තරගයේ කඩුලු 10ක් බිඳ හෙළීමට සමත් වුනා.

කොළඹ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් කාන්චන ද ලිවේරා විශිෂ්ට ශතකයක් වාර්තා කළා. පන්දු 178ක් තුළ ලකුණු 147ක් වාර්තා කළ කාන්චනගේ ඉනිම හයේ පහර 4කින් සහ හතරේ පහර 17ක් වර්ණවත් වුනා.

කොළඹ වෙස්ලි විද්‍යාලයේ බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 163ක් ලබා ගැනීමට සමත් වුනා.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ අභීත් පරණවිදාන කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වූ අතර, ඊයේ (16) දිනයේ කඩුලු 5 දස්කමක් දැක්වූ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ කවීෂ පියුමාල් අද දිනයේ කඩුලු 9 දස්කමක් දැක්වීමට සමත් වීම විශේෂත්වයක්.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් වතිල උදාර සහ සුපුන් වඩුගේ ශතක රැස් කිරීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය

මැසනඩ් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 16 – 17)

  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය – 250/10 (81.3) තමිඳු ප්‍රදීප්ත 76, සෙනෙත් සිසාන් 38, ශරිත් සුදීන 5/73, කවිඳු කෞශල්‍ය 2/27
  • කඳාන ද මැසනඩ් විද්‍යාලය– 107/10 (45.1) ඩිනෝශ් ජෙලෝන් 39, ශැරෝන් අභිශේක් 6/16 & 133/10 (f/o) (42.3) ශරිත් සුදීන 38, උවිඳු පෙරේරා 34, ශැරෝන් අභිශේක් 4/63, මල්ෂ තරුපති 3/26

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 18ක ජයක්.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 16 – 17)

  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය– 131/10 (46.1) තිසේන් ඇහැලියගොඩ 42, තිසර ඒකනායක 5/45, කවීෂ පියුමාල් 5/40 & 163/10 (56.1) මිතිල චාල්ස් 46, මහිත් පෙරේරා 41, කවීෂ පියුමාල් 9/63
  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය– 124/10 (37.1) ජනිත් රත්නසිරි 19, අභීත් පරණවිදාන 5/27, කවිඳු ඩයස් 3/40 & 73/4 (18) තිසර ඒකනායක 35*, යතින්ද්‍ර සිරිවර්ධන 3/25

තරගය ජය පරාජයෙන් තොරයි, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය

මලියදේව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 17 – 18)

  • කොළඹ වෙස්ලි විද්‍යාලය – 318/5 (102.1) බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු 163*, උවින් පෙරේරා 44, තවීශ බාලසූරිය 2/57

පළමු දිනය සඳහා තරගය නතර කළා.

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 17 – 18)

  • කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය– 188/10 (64.1) දිදුළ එශාන් 55, ජනිඳු නන්දසේන 42, දිනුක තෙන්නකෝන් 4/51, වතිල උදාර 2/26
  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය– 230/2 (38)  වතිල උදාර 104, සුපුන් වඩුගේ 101*, අයේෂ් ගජනායක 1/31

පළමු කොටසේ Tier B තරග

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කොළඹ සහිරා විද්‍යාලය

සහිරා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 17 – 18)

  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය– 170/10 (55) ආකාශ් මෙන්ඩිස් 55, තරුශ නවෝද්‍ය 5/40, ඉස්මත් සයාන් 3/29 & 9/1 (2)
  • කොළඹ සහිරා විද්‍යාලය – 111/10 මොහොමඩ් ඉජාස් 32, නෙතුජ බාසිත 4/13, සෙනිත හැළඹගේ 2/15

පළමු දිනය සඳහා තරගය නතර කළා.

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය

SSC ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 16 – 17)

  • කොළඹ රාජකීය විද්‍යාලය-299/6d (78) රෙහාන් පීරිස් 103, රමිරු පෙරේරා 100*, අශින්ස නයිනායක 3/69 & 194/8 (53) සිනෙත් ජයවර්ධන 71, රුවිශාන් පෙරේරා 3/35, අයේෂ් ශශිමාල් 2/33
  • කොළඹ ආනන්ද විද්‍යාලය– 239/10 (67.4)  කාන්චන ද ලිවේරා 147, රමිරු පෙරේරා 4/41, සිනෙත් ජයවර්ධන 3/48

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ රාජකීය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<