දිමත්ගේ විශිෂ්ට පන්දු යැවීමෙන් මලියදේවයට පහසු ජයක්!

U19 Division 1 Schools Cricket Tournament 2023/24

109
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (16) දිනයේ ද පැවැත්වුනා.

මේ අතරින් ඊයේ (15) ආරම්භ වූ ගාල්ල මහින්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර සාම්ප්‍රදායික දෙදින තරගයෙන් මලියදේව විද්‍යාලයට කඩුලු 8ක ජයග්‍රහණයක් හිමි වුනා.

සම්පූර්ණයෙන්ම පාහේ පන්දු යවන්නන්ගේ ග්‍රහණයට නතු වූ මෙම තරගයේ ඉනිම දෙකේ දී මලියදේව විද්‍යාලය වෙනුවෙන් කඩුලු 9ක් දඩයම් කිරීමට දිමත් අබේසිංහ විසින් සමත් වූ අතර ගයන වීරසිංහ සහ තවීශ බාලසූරිය ද පන්දුවෙන් දස්කම් දැක්වුවා.

  • ගාල්ල මහින්ද විද්‍යාලය – 89/10 (43.2) තරුශ ඩිල්ශාන් 30, දිමත් අබේසිංහ 5/36, තවීශ බාලසූරිය 3/18 & 73/10 (37.5) දෙනෙත් කෞශල්‍ය 36, ගයන වීරසිංහ 4/19, දිමත් අබේසිංහ 4/29
  • කුරුණෑගල මලියදේව විද්‍යාලය– 116/10 (40.5) විනුක ගලප්පත්ති 44, අරෝශ උදයංග 4/32, කවීන් රුක්ශාන් 4/20 & 52/2 (18.4) දිමන්ත නිස්සංක 18*

කුරුණෑගල මලියදේව විද්‍යාලයට කඩුලු 8ජයග්‍රහණයක්.

මෙම තරගය අද දිනයෙන් අවසන් වන අතරේ විද්‍යාල කිහිපයක් අද දිනයේ ද තවත් සාම්ප්‍රදායික දෙදින තරග කිහිපයක් ආරම්භ කරමින් තරග බිමට පිවිසුණා.

මෙම තරගවල දී කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් බිමාශ් විදුදය සහ ජනිත් රත්නසිරි විසින් අර්ධ ශතක ලබා ගත් අතර කොළඹ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් අයේශ් ශෂිමාල් කඩුලු 4 දස්කමක් දැක්වීමට සමත් වුනා.

එමෙන්ම කඳාන ද මැසනඩ් විද්‍යාලය වෙනුවෙන් ඩිනෝශ් ජෙලන් විසින් විශිෂ්ට ශතකයක් ලබා ගන්නා අතරේ නායක උවිඳු පෙරේරා, ශරිත් සුදීන සහ නිකලෝ ශෙරෝන් විසින් අර්ධ ශතක වලින් මැසනඩ් ඉනිම ශක්තිමත් කළා.

කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය

  • කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය – 255/10 (60.4) බිමාශ් විදුදය 93, ජනිත් රත්නසිරි 54, අයේශ් ශෂිමාල් 4/70, අශින්ස නයිනායක 3/38
  • කොළඹ ආනන්ද විද්‍යාලය– 92/8 (28) මිහින් මුණසිංහ 26, කවීශ පියුමාල් 3/25, තරුශ දසුන් 2/8

වෙන්නපුව ජෝසප් වාස් විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය

  • කඳාන ද මැසනඩ් විද්‍යාලය– 363/8 (d) (70.2) ඩිනෝශ් ජෙලන් 119, උවිඳු පෙරේරා 71, නිකලෝ ශැරෝන් 52, විශ්ව රාජපක්ෂ 3/77
  • වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය– 98/4 (23) කවිත් ප්‍රනාන්දු 44, කවිඳු කෞශල්‍ය 2/23

මෙම තරගවල දෙවන සහ අවසන් දිනය හෙට (17) ක්‍රියාත්මක වනු ඇති.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<