පන්දු යවන්නන් කැපී පෙනුණු දිනයක් නිමාවෙයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

551
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද (17) දිනයේ අවසන් වුනා.

මෙම තරගවල දී කටුගස්තොට සාන්ත අන්තෝනි, කඳාන ද මැසනඩ්, කොළඹ ඩෙ ලා සාලේ සහ කොළඹ ලුම්බිණි විද්‍යාල විසින් ජයග්‍රහණ වාර්තා කළා.

එහි දී සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් කවීශ පියුමාල් ඉනිම් දෙකේ දී කඩුලු 7ක් දවා ගැනීමට සමත් වූ අතර, කඳාන ද මැසනඩ් විද්‍යාලය වෙනුවෙන් දිනිඳු සස්මිත් සහ සවිනු චන්තුල කඩුලු 4 දස්කම් දැක්වීමට සමත් වුනා.

මේ අතර කොළඹ ඩෙ ලා සාලේ විද්‍යාලය විසින් කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ලද ජයග්‍රහණයේ වැඩි ගෞරවයක් දිනා ගැනීමට මිශේන් නිලංක සහ හේෂාන් අනු‍රාධ විසින් සමත් වුනේ සාන්ත තෝමස් ඉනිම් දෙකේ දැවී ගිය කඩුලු 20න් 16ක ම අයිතිය තමන් සතු කර ගනිමිනුයි. මෙම තරග දෙදින සාම්ප්‍රදායික තරග ලෙසයි පැවැත්වුනේ.

එමෙන්ම පළමු කොටසේ Tier B යටතේ පැවැත්වුණු කොළඹ සහිරා විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය අතර තරගය ලුම්බිණි විද්‍යාලය විසින් ජයග්‍රහණය කළ අතර එම ජයග්‍රහණයට ප්‍රවීන් මනීශගේ තුන් ඉරියව් දස්කම් විශේෂ හේතුවක් වුනා.

කොළඹ සහිරා විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය

  • කොළඹ සහිරා විද්‍යාලය– 154/10 (51) රොශාන් කරීම් 41, සල්මන් රෙෆායි 31*, සහන් කෞශල්‍ය 3/24 & 115/10 (50.1) සල්මන් රෙෆායි 21, ප්‍රවීන් මනීශ 3/32
  • කොළඹ ලුම්බිණි විද්‍යාලය– 235/10 (59.2) ප්‍රවීන් මනීශ 70, දිනිත ප්‍රභාංක 48, මොහොමඩ් අකීල් 5/77, තරුශ නවෝද්‍ය 5/40 & 35/1 (5.1)

කොළඹ ලුම්බිණි විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය

  • කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය– 255/10 (60.4) බිමාශ් විදුදය 93, ජනිත් රත්නසිරි 54, අයේශ් ශෂිමාල් 4/70, අශින්ස නයිනායක 3/38 & 11/0 (2.4)
  • කොළඹ ආනන්ද විද්‍යාලය– 104/8 (28) මිහින් මුණසිංහ 26, කවීශ පියුමාල් 3/32, තරුශ දසුන් 2/12 & 158/10 (f/o) (61.4) කාන්චන ද ලිවේරා 40, නෙතුල එදිරිමාන්න 32, කවීශ පියුමාල් 4/59, තිසර ඒකනායක 4/47

කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 10ක ජයක්.

වෙන්නපුව ජෝසප් වාස් විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය

  • කඳාන ද මැසනඩ් විද්‍යාලය– 363/8 (d) (70.2) ඩිනෝශ් ජෙලන් 119, උවිඳු පෙරේරා 71, නිකලෝ ශැරෝන් 52, විශ්ව රාජපක්ෂ 3/77 & 22/2 (2.1)
  • වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය– 172/10 (47.2) කවිත් ප්‍රනාන්දු 68, දිනිඳු සස්මිත් 4/31 කවිඳු කෞශල්‍ය 2/39 &  212/10 (f/o)(66.3) ඩොමිනිකන් ප්‍රනාන්දු 61, තරිඳු එශාන් 47, සවිනු චන්තුල 4/49, කවිඳු කෞශල්‍ය 2/28

කඳාන ද මැසනඩ් විද්‍යාලයට කඩුලු 8ක ජයක්.

කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ ඩෙ ලා සාලේ විද්‍යාලය

  • සාන්ත තෝමස් විද්‍යාලය– 126/10 (43.2) ජනන්ජ වාසන 40, මිශේන් නිලංක 6/20, හේෂාන් අනුරාධ 3/53 & 169/10 (45.2) මැතිව් සොලමන්ස් 83, හේෂාන් අනුරාධ 5/43 මිශේන් නිලංක 2/56
  • කොළඹ ඩෙ ලා සාලේ විද්‍යාලය– 300/10 (90.1) නිතිඳු සංකල්ප 54, මොහිමඩ් අමාන් 51, සදිල් නෙත්මික ඩයස් 6/51

කොළඹ ඩෙ ලා සාලේ විද්‍යාලයට ඉනිම සහ ලකුණු 5ක ජයක්.

මතුගම සාන්ත මේරි විද්‍යාලය සහ මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය

  • මතුගම සාන්ත මේරි විද්‍යාලය– 153/10 (59.2) රනිඳු නිපුන් 31, දුලේන් දම්හිරු 3/29 & 151/4 (51) යසිත් සත්‍සර 63, බිහඳු විනුවර 2/32
  • W.W. කන්නංගර විද්‍යාලය – 260/10 (89.2) නුරාන් භාතිය 80, අමිල දර්ශන 52, එන්.ක්‍රිතික් 4/64

තරගය ජය පරාජයෙන් තොරයි.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<