ඇෆ්ගනිස්තානයට විශාල පාඩුවක්

3758

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන මොහොමඩ් ශේශාඩ් ආබාධයකට ලක්වීම හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර ඇති අතර ඔහු වෙනුවෙන් ඉක්රම් අලි ඛිල්ව ආදේශ කිරීමට ජාත්යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇත.

ශ්‍රී ලංකාව ලබා ගන්නා දෙවැනි පරාජය හෝ ජයග්‍රහණයට පෙර

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී …….

ශේශාඩ්ව මෙලෙස තරගාවලියෙන් ඉවත් කර තිබෙන්නේ ඔහුගේ දණ හිස ආශ්‍රිතව ආබාධයක් හට ගැනීම නිසාවෙනි.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ පළමු තරගය ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති අතර එම තරගයේ දී ලකුණු නොලබාම දැවී  යාමට ඔහුට සිදු විය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයේ දී ශේශාඩ් ලකුණු 7ක් ලබාගෙන සිටිය දී ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ශේශාඩ් වෙනුවෙන් කණ්ඩායමට ආදේශ වූ ඉක්රම් අලි ඛිල් මේ දක්වා ක්‍රීඩා කර තිබෙන්නේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග දෙකක් පමණි. ඔහු මේ වසරේ මාර්තු මාසයේ දී අයර්ලන්තයට එරෙහිව පැවති තරගයක දී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගන්නා ලදි. වයස අවුරුදු 18ක් වන ඉක්රම් අලි ඛිල් 2016 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙකි.

AB ලෝක කුසලානයෙන් ප්‍රතික්ෂේප වේ

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගොස් ……

ජාත්යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විසින් පවත්වනු ලබන ප්‍රධාන තරගාවලිවල දී යම් ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වුවහොත් ක්‍රීඩකයෙක් සංචිතයට ආදේශ කළ හැක්කේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ඇතිව පමණි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ සිටින සාමාජිකයින් 6 දෙනා අතර ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර ද සිටීම සුවිශේෂී වේ.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<