ලෝක කුසලානය ගැන කණගාටුදායක අනාවැකියක්

305

2020 දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය සැපයීම ඕස්ට්‍රේලියාවට “කළ නොහැකි” බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සභාපති එහ්සාන් මානි පවසා ඇත. 

තරගාවලිය වසරකින් කල්දැමීමට ඉඩ ඇති බවත්, එහ්සාන් මනි විශ්වාසය පලකර ඇත. මේ පිළිබඳ අවසන් තීරණයක් ඉදිරි සති තුන හතර තුළ දී ගනු ඇත.

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක්ට වසරක දීර්ඝ කිරීමක්

ඕස්ට්‍රේලියාවේ දී ඔක්තෝබර් 18 සිට නොවැම්බර් 16 දක්වා පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය පවතින කොරෝනා වයිරසය නිසා කල්දැමිය යුතු බව බොහෝ දෙනා මීට පෙර සිටම ප්‍රකාශ කර තිබුණි. සති කීපයක් ඇතුළත මෙලෙස පැවසූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දෙවන ජ්‍යේෂ්ඨ සාමාජිකයා බවට මනි පත්විය. 

COVID-19 වසංගතය හමුවේ තරගාවලිය පැවැත්වීම අසීරු බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ සභාපති අර්ල් එඩින්ග්ස් අඟහරුවාදා පවසා තිබුණි. තරගාවලියට සහභාගී වන රටවල් 16 අතරින් සමහර රටවල් වල තත්ත්ව තවමත් ඉහළ යමින් තිබෙන බව සැලකිල්ලට ගනිමින් තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කිරීම යථාර්ථවාදී නොවන බවත් එය ඉතා දුෂ්කර බවත් ඔහු කියා සිටියා.

“මේ වසරේ එය ක්‍රීඩා කළහොත් එය bio bubble තත්ත්වයක් තුල (හුදකලා වටපිටාවක් සහිතව) සිදු විය හැකි යැයි ඔවුන් තරයේ කියා සිටිනවා. එංගලන්තයට ගිය පාකිස්තාන කණ්ඩායමට මෙය සිදු කරන්න වේවි. කණ්ඩායම් ද පැමිණ හෝටලයක රැඳී සිටීවි. ප්‍රේක්ෂකයන් නොමැතිව තරග පැවැත්වේවි. මෙය කණ්ඩායම් එකක් හෝ දෙකකට කමක් නැහැ. නමුත් කණ්ඩායම් ප්‍රමාණය 12-16 වගේ ප්‍රමාණයක් විස්සයි විස්ස තරගාවලියකට ක්‍රීඩා කරනවා. එවිට එය කළ නොහැකි දෙයක් බවට පත්වෙනවා. වර්තමාන තත්ත්වය එක්ක 2020 දී කිසිදු ජාත්‍යන්තර ඉසව්වක් පැවැත්වීම කළ හැකි යැයි මම සිතන්නේ නෑ.” 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අමතරව මනි සහ එඩින්ග්ස් ගෝලීය ක්‍රිකට් මණ්ඩලයේ දෙවන වඩාත් බලගතු අංශය වන මූල්‍ය හා වාණිජ කටයුතු කමිටුවේ ද සාමාජිකයන් වේ.  මනි F&CA හි සභාපති වන අතර එඩින්ග්ස් එහි මණ්ඩලයේ සාමාජිකයන් හය දෙනාගෙන් එක් අයෙකි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ශෂාන්ක් මනෝහර් සහ ප්‍රධාන විධායක මනූ සැව්නි හිටපු නිලධාරි සාමාජිකයන් ලෙස එම මණ්ඩලය නියෝජනය කරති.

F&CA කමිටුව පිරිමි හා කාන්තා ක්‍රිකට් සඳහා එක් එක් ලෝක ඉසව් සඳහා අයවැය තීරණය කර වෙන් කරයි. එසේම ලෝක ඉසව්වලින් සාමාජිකයින්ට වාර්ෂිකව ලැබෙන මුදල් බෙදා හැරීම පිළිබඳව ද අවධානය යොමු කරයි. එය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානතම කරුණක් වන අතර මේ වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය නිල වශයෙන් කල් දැමීම ප්‍රමාද කිරීමට ඔවුන් දායක වී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සාමාජිකයින්ට තමන්ගේ දින දර්ශනවලට අනුව වැඩ කිරීම සඳහා මෙම තරගාවලිය පැවැත්වීම පිළිබඳව පැහැදිලි බවක් අවශ්‍ය වන හෙයින්, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පසුගිය මාස දෙක තුළ කිහිප වතාවක්ම පාහේ රැස්වී ඇත. ඔවුන් ප්‍රධාන ලෝක ඉසව් සඳහා හදිසි සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. මෙම ඉසව් සඳහා නවසීලන්තයේ දී ලබන වසරේ පෙබරවාරි-මාර්තු මාසවල දී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන තරගාවලිය ද ඇතුළත්ව ඇත. 

එංගලන්ත බලාපොරොත්තු ගැන හෝප් කතා කරයි

2021 ඔක්තෝබර්-නොවැම්බර් මාසවල දී ඕස්ට්‍රේලියාව විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වීමට අපොහොසත් වුවහොත් එය “ක්‍රිකට් ක්‍රීඩාවට අහිතකර” බව එඩින්ග්ස් පවසා ඇත. 2022 දී එම කාලය තුළම මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය සැපයීමට ඉන්දියාව සුදුසු යැයි ඔහු යෝජනා කර ඇත. ඒ වන විට ඉන්දියාව වසංගතයෙන් මුළුමනින්ම නිදහස් ව තිබෙනු ඇතැයි ඔහු පවසා ඇත.

පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝම්බර් මාසයේදී පවත්වන්නේ නම් මාස හයක කාලයක් තුළ ලෝක ඉසව් දෙකක් සඳහා සත්කාරකත්වය සැපයීම අසීරු බව ඉන්දීය ක්‍රිකට් ආයතනය වටහා ගෙන ඇත. නමුත් මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතන තවමත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නොමැත. 

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022 නොවැම්බර් මස පැවැත්වීමට නියමිත අතර එයට පසුව එක්දින ලෝක කුසලානය 2023 පෙබරවාරි-මාර්තු මාසවල දී පැවැත්වීමට නියමිතය.

“මගේ මතය අනුව මම හිතනවා මේ වසරේ තරගාවලිය බොහෝ විට වසරක් කල් දමාවි.” මනි පැවසීය. “ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඉසව් තියෙන්නේ 2020, 2021 සහ 2023 දී. ඒ නිසා කාලය තියනවා. අපිට පුළුවන් මැද පරතරය පුරවන්න. ඒ නිසා මම හිතනවා මේ තරගාවලිය කල් දමයි කියලා. අපේ වර්තමාන සාකච්ඡා තියෙන්නේ ඒ දෙසට. පළමුව සිදුවන්නේ කුමක්ද සහ කොතැන ද කියලා අපි සාකච්ඡා කරමින් ඉන්නවා.”  

“විශාල තරගාවලියක් මධ්‍යයේ, ක්‍රීඩකයෙකුට එය ආසාදනය වුවහොත් එයින් ඇති වන භීතිකාව ඕනෑවට වඩා වැඩි වෙනවා. ඒ නිසා අපට එම අවදානම ගන්න බෑ.” 

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

“නමුත් ඉදිරි සති තුන හතර තුළ මේ පිළිබඳව තීරණයක් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ලබන සතියේ සම්මන්ත්‍රණයක් පවත්වන්න තියනවා. ඒ නිසා නිසැකවම තීරණයක් ගන්නවා පළමු තරගාවලිය කුමක්ද එය පැවැත්වෙන්නේ කොතැනද යන්න පිළිබඳව. දැන් එය ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තියෙනවා. පසුව එය ඉන්දියාවේ. එයට පස්සේ වසරක පරතරයකින් පසුව ලෝක කුසලානය සඳහා ඉන්දියාව නැවතත් සත්කාරකත්වය දරනවා. දැන් එය මුලින්ම ඕස්ට්‍රේලියාව වේවි ද, නැතහොත්  ඉන්දියාව 2022 දී සත්කාරකත්වය දරනවා ද යන්න තමයි මූලික ගැටලුව” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<