B කාණ්ඩයේ තරග මාර්තු මස 5 වැනි දා ආරම්භ වේ!

1725

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන 2018 පාසල් රග්බි ලීග් තරගාවලිය ලබන මාර්තු මස 9 වැනිදා ආරම්භ වේ. තරගාවලියේ A කාණ්ඩයේ කාලසටහන පසුගිය දා නිකුත් කළ අතර මේ වන විට B කාණ්ඩයේ කාලසටහන ද මාධ්‍ය වෙත නිකුත් කර අවසන්ය.

IB IIB
විද්‍යා විද්‍යාලය ලුම්බිණි විද්‍යාලය
විද්‍යාර්ථ විද්‍යාලය වේල්ස් කුමර විද්‍යාලය
ආනන්ද විද්‍යාලය මලියදේව විද්‍යාලය
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලය
සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය මහානාම විද්‍යාලය
පිළියන්දල මධ්‍ය විද්‍යාලය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

B කාණ්ඩයේ සිටින ප්‍රබලයින් ලෙස ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය සඳහන් කළ හැකිය. ඒ අතරින් විද්‍යා විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය ගියවර ඔවුන්ට අහිමි වී ගිය A කාණ්ඩයේ ස්ථාන යළිත් දිනා ගැනීම උදෙසා කරට කර සටන් කරනු ඇත.

පාසල් රග්බි තරගාවලියේ විනය පවත්වා ගන්නට විශේෂ නිලධාරියෙක්

මේ වසරේ පාසල් ලීග් රග්බි තරගාවලිය මාර්තු 3 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එහි පළමු..

මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ 3ක් යටතේ පාසල් 87කට අධික සංඛ්‍යාවක් සහභාගි වේ. B කාණ්ඩය යටතේ මෙවර පාසල් 12ක් තරග කරන අතර මාර්තු මස 9 වැනිදා ආරම්භ වන මෙම පාසල් රග්බි සැණකෙළිය මාර්තු 29 සිට 31 දක්වා සහ අප්‍රේල් 13 සහ 14 යන දිනවල දී පමණක් නොපැවැත්වේ.

පෙර වසරේ පරිදීම මෙවරත් තරගාවලියේ මූලික වටය අවසන් වූ පසුව IA කොටසේ පළමු කණ්ඩායම් 4 හා  IIA පළමු කණ්ඩායම් 4 ශූරතා කුසලාන තරග වටයට සුදුසුකම් ලබා ගනු ඇත.

එම අවස්ථාව මඟ හැරෙන A කාණ්ඩයේ අනෙකුත් කණ්ඩායම් IB කාණ්ඩයෙන් තේරී පත්වන පළමු කණ්ඩායම් 4 සමඟින් පලිහ කුසලානය සඳහා තරග වදිනු ඇත. ඒ සඳහා තේරී පත්නොවන B කාණ්ඩයේ පාසල් C කාණ්ඩයෙන් තේරී පත්වන පළමු කණ්ඩායම් 4 සමඟින් බඳුන කුසලානය සඳහා තරග වදිනු ඇත.

සත්කාරක කණ්ඩායම සංචාරක  කණ්ඩායම දිනය ස්ථානය
විද්‍යා විද්‍යාලය පිළියන්දල මධ්‍ය විද්‍යාලය මාර්තු 10 විද්‍යා විද්‍යාලය
සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය විද්‍යාර්ථ විද්‍යාලය මාර්තු 06 පල්ලෙකැලේ
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ආනන්ද විද්‍යාලය මාර්තු 09 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
ලුම්බිණි විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලය මාර්තු 06 තුරඟ තරග පිටිය
වේල්ස් කුමර විද්‍යාලය මහානාම විද්‍යාලය මාර්තු 05 තුරඟ තරග පිටිය
මලියදේව විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලය මාර්තු 08 මලියදේව විද්‍යාලය
සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය විද්‍යා විද්‍යාලය මාර්තු 16 පල්ලෙකැලේ
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පිළියන්දල මධ්‍ය විද්‍යාලය මාර්තු 15 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
ආනන්ද විද්‍යාලය විද්‍යාර්ථ විද්‍යාලය මාර්තු 16 ආනන්ද විද්‍යාලය
මහානාම විද්‍යාලය ලුම්බිණි විද්‍යාලය මාර්තු 13 තුරඟ තරග පිටිය
රිච්මන්ඩ් විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලය මාර්තු 15 කොග්ගල
වේල්ස් කුමර විද්‍යාලය මලියදේව විද්‍යාලය මාර්තු 14 තුරඟ තරග පිටිය
විද්‍යා විද්‍යාලය සාන්ත බෙනඩික්ට් විද්‍යාලය මාර්තු 24 විද්‍යා විද්‍යාලයs
සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ආනන්ද විද්‍යාලය මාර්තු 25 බෝගම්බර
විද්‍යාර්ථ විද්‍යාලය පිළියන්දල මධ්‍ය විද්‍යාලය මාර්තු 24 බෝගම්බර
ලුම්බිණි විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලය මාර්තු 26 හැව්ලොක්
මලියදේව විද්‍යාලය මහානාම විද්‍යාලය මාර්තු 23 මලියදේව විද්‍යාලය
රිච්මන්ඩ් විද්‍යාලය වේල්ස් කුමර විද්‍යාලය මාර්තු 22 කොග්ගල
ආනන්ද විද්‍යාලය විද්‍යා විද්‍යාලය අප්‍රේල් 07 ආනන්ද විද්‍යාලය
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය විද්‍යාර්ථ විද්‍යාලය අප්‍රේල් 10 සාන්ත බෙනඩික්ට් විද්‍යාලයs
සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පිළියන්දල මධ්‍ය විද්‍යාලය අප්‍රේල් 09 බෝගම්බර
මලියදේව විද්‍යාලය ලුම්බිණි විද්‍යාලය මාර්තු 30 මලියදේව විද්‍යාලය
තර්ස්ටන් විද්‍යාලය වේල්ස් කුමර විද්‍යාලය අප්‍රේල් 05 තර්ස්ටන් විද්‍යාලය
මහානාම විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලය අප්‍රේල් 08 ආනන්ද විද්‍යාලය
විද්‍යා විද්‍යාලය විද්‍යාර්ථ විද්‍යාලය අප්‍රේල් 22 විද්‍යා විද්‍යාලය
ආනන්ද විද්‍යාලය පිළියන්දල මධ්‍ය විද්‍යාලය අප්‍රේල් 20 ආනන්ද විද්‍යාලය
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය අප්‍රේල් 24 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
ලුම්බිණි විද්‍යාලය වේල්ස් කුමර විද්‍යාලය අප්‍රේල් 19 හැව්ලොක්
මලියදේව විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලය අප්‍රේල් 20 මලියදේව විද්‍යාලය
මහානාම විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලය අප්‍රේල් 22 ආනන්ද විද්‍යාලය

තරග සියල්ල සවස 4.30ට ආරම්භ වේ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <