තෙන්දුල්කාර්ගෙන් විශාල සමාජ සත්කාරයක්

50

ඉන්දීය හිටපු ප්‍රවීණ පිතිකරු සචින් තෙන්ඩුල්කාර් විසින් මුම්බායි හි 5000ක පමණ පිරිසක් සඳහා මාසයකට ප්‍රමාණවත් සලාකයක් පිරිනමා තිබේ. ඒ රාජ්‍ය නොවන සංවිධානයක් හරහාය. 

IPL අවලංගු වුනොත් දෝනි සමුගනීවි ද?

‘ඉන්දීය ප්‍රිමියර් ලීග්’ ආරම්භය අප්‍රේල් මස 15 වනදා දක්වා කල් දැමීමට එහි සංවිධායකයන්ට ……

COVID-19 වසංගතයට එරෙහි සටන සඳහා දැනටමත් රුපියල් ලක්ෂ 50ක් පරිත්‍යාග කර ඇති ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචින් තෙන්ඩුල්කාර්, ලාභ නොලබන සංවිධානයක් වන Apnalaya හරහා මුම්බායි හි ශිවාජි නගර් සහ ගෝවාන්ඩි ප්‍රදේශවල මසකට පුද්ගලයින් 5000ක් පෝෂණය කිරීමට තීරණය කර තිබේ. අසරණ අය වෙනුවෙන් ඔහු කළ සේවය වෙනුවෙන් සිකුරාදා රාජ්‍ය නොවන සංවිධානය තෙන්ඩුල්කාර්ට ස්තූතිය පුද කළේය.

“ස්තූතියි, සචින් මෙම අගුළු දැමීමේ කාලසීමාවේ දී වැඩිපුරම පීඩා විඳින අයට Apnalaya හරහා උදව් කිරීම සම්බන්ධයෙන්. ඔහු මසකට පුද්ගලයින් 5000කට පමණ සලාකය ලබා දීමට උදව් වනු ඇත.”

“ඔබේ සහයෝගය අවශ්‍ය තවත් බොහෝ අය සිටිනවා. පහතින් පරිත්‍යාග කරන්න!” යැයි Apnalaya සිය නිල Twitter ගිණුම ඔස්සේ පවසා තිබිණි. 

එයට තෙන්ඩුල්කාර් පිළිතුරු දෙමින්, “පීඩාවට පත්වූ සහ අගහිඟකම් ඇති අයට ඔබ සපයන සේවය දිගටම කරගෙන යාමට මගේ සුබ පැතුම්.  ඔබේ හොඳ වැඩ දිගටම කරගෙන යන්න.” යැයි පවසා තිබිණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<