සාන්ත අන්තෝනි සහ ලයිසියම් විද්‍යාල ජයග්‍රහණය ලබයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

207
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් අද (14) දිනයේ ක්‍රියාත්මක වුනා.

මෙම තරග අතුරින් ඊයේ (13) දිනයේ ආරම්භ වූ සාම්ප්‍රදායික තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ වත්තල ලයිසියම් පාසල සමත් වූ අතර, පළමු කොටසේ තරගයක් ලෙස පැවැත්වුණු මාතර සාන්ත තෝමස් සහ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරගයෙන් බෙනඩික්ට් විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමි වුනා.

මෙම තරගවල දී මාතර සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් පෙසඳු සන්ජන් කඩුලු 5 දස්කමක් සහ වත්තල ලයිසියම් විද්‍යාලය වෙනුවෙන් තරුශ රණසිංහ කඩුලු 5 දස්කමක් වාර්තා කිරීමට සමත් වුනා.

එමෙන්ම කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් තිසර ඒකනායක සහ ජනිත් රත්නසිරි අර්ධ ශතක ලබා ගත්තා.

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය

  • කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 158/10 (78.5) සමිඳු පීරිස් 38, නවිජ ද සේරම් 5/34, මනුග ගුරුගේ 2/20 & 116/9 (d) (50) ස්ටීව් අර්ශාන් 40, මාරියෝ ප්‍රනාන්දු 33, පෙසඳු සන්ජන් 5/41, ජිමුත් ඉද්දමල්ගොඩ 2/14
  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය– 146/10 (54.2) ඔචින්ත චාමික 44, දිනත් සෙනිල 2/22, මෙවන් දිසානායක 2/42 & 28/2 (8)

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

  • මහනුවර ධර්මරාජ විද්‍යාලය – 78/10 (40.2) ඉසුරු පන්නල 43, කවීශ පියුමාල් 7/32 & 116/10 (68.5) ඉසුරු පන්නල 45, බිමාශ් විදුජය 4/14, තිසර ඒකනායක 3/26
  • කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය – 270/6 (50) තිසර ඒකනායක 72, ජනිත් රත්නසිරි 75, ශෙහාන් මාරසිංහ 2/39, ලක්වින් අබේසිංහ 2/58

කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයට ලකුණු 76ක ජයග්‍රහණයක්.

ජාඇල ක්‍රිස්තු රාජ විද්‍යාලය සහ වත්තල ලයිසියම් විද්‍යාලය

  • ජාඇල ක්‍රිස්තු රාජ විද්‍යාලය– 169/10 (52.5) ලහිරු ලක්මාල් 73, විදුන්ශ විජේරත්න 3/14, සදෙව් හෙට්ටිආරච්චි 3/39 & 89/10 (27.4) අවිශ්ක නිර්මාල් 44, තරුශ රණසිංහ 5/6, සදෙව් හෙට්ටිආරච්චි 4/28
  • වත්තල ලයිසියම් විද්‍යාලය– 173/10 (43.4)  ශනුජන් බාස්කරන් 52, රවිඳු නිම්සර 4/34, සයුර ආකාශ් 3/15 & 86/3 (26.3) ලක්ශිත උදේශ් 25

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට කඩුලු 7ක ජයක්.

මේ අතර තවත් සාම්ප්‍රදායික දෙදින තරග කිහිපයක් අද දිනයේ ද ආරම්භ වුනා. මෙම තරගවල දී කොළඹ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් රන්මිත් දිනුවර, කෝට්ටේ ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් පුන්සර නෙත්මින සහ දිනෙත් අරෝශ අර්ධ ශතක වාර්තා කළා.

එමෙන්ම පන්දු යැවීමෙන් මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ අචල පෙරේරා කඩුලු 6 දස්කමක් දැක්වීමට සමත් වුනා.

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

  • කොලඹ ඉසිපතන විද්‍යාලය– 281/10 (89.2) රන්මිත් දිනුවර 50, ලෙසඳු කල්පගේ 49, අචල පෙරේරා 6/68, රසඳු සිල්වා 1/22
  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය– 18/0 (8)

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

  • කෝට්ටේ ජනාධිපතිවිද්‍යාලය – 244/10 (81.2) පුන්සර නෙත්මින 59, දිනෙත් අරෝශ 63, විමන් නානායක්කාර 4/37, අශේන් වික්‍රමසිංහ 2/36
  • ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය– 60/0 (17) මනිඳු හේරත් 24

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ නැවුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<