දිනිත් හා මදුවන්ත සාන්ත පීතර සිහිනයක් සැබෑ කරයි

456

ශ්‍රී ලංකාවේ පාසල් අතර පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියක් වන 19න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් අදියරේ තරග කිහිපයක් අදත් (28) ක්‍රියාත්මක විය.

සොනාල්, පවන් මහානාම ජයග්‍රහණය කරා මෙහෙයවයි

මහානාම විද්‍යාලය හා ලුම්බිණි විද්‍යාලය අතර වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන…

සීමිත පන්දුවාර සුපිරි 8 වටය

සාන්ත පීතර විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය

කණ්ඩායම් දෙකටම එකසේ වැදගත් වූ මෙම තරගය සාන්ත ජෝසප් විද්‍යාල පිටියේ දී ක්‍රියාත්මක විය. සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන දෙදින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ සිය ස්ථානය වෙන් කර ගැනීමට මෙම පාසල් දෙකම අපොහොසත් වීම නිසා මෙම තරගය කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක විය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සාන්ත පීතර කණ්ඩායම් නායක සන්තුෂ් ගුණතිලක කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළත්, එය ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් හට එතරම් සුබදායි නොවූයේ ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 41ක් වැනි අවම ලකුණු මට්ටමක දී දැවී ගිය නිසාවෙනි.

අනතුරුව පිටියේ එක්වූ රන්මිත් ජයසේන හා දිනිත් අංජුල 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 88ක සබඳතාවයක් ගොඩනංවන ලදි. එම සබඳතාවය නිසාවෙන් සාන්ත පීතර ලකුණු පුවරුවට යම් ජවයක් එක්වූ අතර පන්දු 57ක දී ලකුණු 47ක් ලබා ගැනීමට රන්මිත් සමත් විය. ඔහුගේ ඉනිම 4 පහර 4කින් හා 6 පහර දෙකකින් අලංකාරවත් විය.

සාන්ත පීතර විද්‍යාල ලකුණු සටහන ලකුණු 164ක් දක්වා රැගෙන ගිය දිනිත් අංජුල මැදපෙළ වෙත සිය සහය ලබා දෙමින් ලකුණු  50ක් රැස්කර ගත්තේ 4 පහර 6ක් හා එක් 6 පහරක් සමඟිනි. අවසානයේ ඔහු සඳරු ඩයස්ගේ පන්දුවකට දැවී ගියේ සාන්ත පීතර ඉනිමේ 7 වන කඩුල්ල ලෙසිනි. පන්දු යැවීමේ දී යෙශාන් වික්‍රමාරච්චි හා අයේෂ් හර්ෂණ කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

පාකිස්තාන ක්‍රීඩිකාවන් අනුෂ්කාගේ සහ නිලක්ෂිගේ උත්සාහය අපතේ යවයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවති…

ලකුණු 165ක ඉලක්කයක් වෙනුවෙන් තර්ස්ටන් විද්‍යාලය පිටියට පිවිසියේය. ඔවුන්ගේ ද මුල්පෙළ ප්‍රබල කඩුලු 3ක් ලකුණු 31ක් තුළ දවා ගැනීමට සන්තුෂ් ගුණතිලක ඇතුළු සාන්ත පීතර පන්දු යවන්නන් සමත් විය.

කෙසේ වෙතත් ජනුෂ්ක ප්‍රනාන්දු හා ජයවිහාන් ප්‍රදිප්ත තර්ස්ටන් විද්‍යාල ඉනිමේ ගොඩනැංවුණු හොඳම සබඳතාවය ගොඩනැංවුවත් තවත් එවැනි  සබඳතා ගොඩනැංවීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ ඉනිම ලකුණු 148කට සීමා විය. 4 පහර 4ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 39ක් ලබාගත් සවන ප්‍රභාෂ් පසුපෙළ සවිමත් කරමින් ලකුණු අතරට පිවිසියේය. අවසානයේ සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 16ක තියුණු ජයක් හිමි වූ අතර පන්දු යැවීමේ දී කනිෂ්ක මදුවන්ත කඩුලු 4ක් දවා ගන්නා ලදි.

අවසානයේ  තරගය ලකුණු 16කින් ජයග්‍රහණය කළ සාන්ත පීතර විද්‍යාලය 2017/18 සීමිත පන්දුවාර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

සාන්ත පීතර විද්‍යාලය: 164 (41): දිනිත් අංජුල 50, රන්මිත් ජයසේන 47*, යෙශාන් වික්‍රමාරච්චි 3/17, අයේෂ් හර්ෂණ 3/28.

තර්ස්ටන් විද්‍යාලය: 148 (45.4): සවන ප්‍රභාෂ් 39, ජයවිහාන් ප්‍රදිප්ත 31, ජනුෂ්ක ප්‍රනාන්දු 23, කනිෂ්ක මදුවන්ත 4/32, සචින් සිල්වා 2/21, සන්තුෂ් ගුණතිලක 2/35.

“පන්දුව පළුදු කිරීම” – දැනගෙන කරන්න

“පන්දුව පළුදු කිරීම” ක්‍රිකට් පන්දු යවන්නන්ට අවශ්‍ය වන්නේ කුමකටද? මෑත දී වැඩිපුර…

දෙදින අවසන් පූර්ව වටය

වේල්ස් කුමර විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩා පිටියේ දී පැවැත්වූ මෙම තරගයේ පළමු දිනය එතරම් සාර්ථක දිනයක් නොවූයේ විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසාවෙනි. කාසියේ වාසිය දිනාගත් වේල්ස් කුමර විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් අතර පන්දුවාර 32ක් අවසානයේ තරගයට නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා විනිසුරුවරුන් තරගයේ පළමු දිනය අවසන්  කිරීමට තිරණය කරන ලදි.

වේල්ස් කුමර විද්‍යාලය (පළමු දිනය අවසානයේ): 58/2 (32): සඳුන් ප්‍රනාන්දු 23*, තිසරු දිල්ශාන් 2/19.

මෙම තරගය දෙවන දිනයටත් හෙට (29) ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<