දඬුවම් ලැබූ පකිස්තානු ක්‍රීඩකයාගෙන් ආයාචනයක්

568

තරග පවා දීමේ සිදුවීමක් නිසාවෙන් ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් ලැබූ පකිස්තානු හිටපු දඟපන්දු යවන ක්‍රීඩක දනීෂ් කනේරියා විසින් ඔහුගේ දඬුවම ඉවත් කරන පකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇත.

ලොව වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩකයා නොඑන ගමන් යයි

පකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී එෂානි මනී වෙත ලිපියක් යොමු කරමින් කනේරියාගේ නීති ආයතනය මගින් ඉල්ලා සිටියේ ඔහු 39 හැවිරිදි දනීෂ් කනේරියා හට පනවා ඇති තහනම ඉවත් කර ඔහුට ක්‍රීඩාව තුළින් තම ජීවනෝපාය සපුරා ගැනීමට ඉඩ ලබා දෙන ලෙසයි.

2009 වසරේ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ දී “Essex” කණ්ඩායම නියෝජනය කළ කරමින් සිදු කළ තරග පවා දීමකට වැරදිකරු වීම නිසාවෙන් 2012 වසරේ දී එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් ඔහු හට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවන ලදි.

පසුව එම තීරණයට එරෙහිව ඔහු විසින් අභියාචනාවක් ද යොමු කළ නමුත් 2013 වසරේ දී එය දෙවැනි වරටත් ප්‍රතික්ෂේප කිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළ අතර වසර ගණනාවක් චෝදනා ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව 2018 වසරේ දී ඔහු විසින් තමන් එම තරග පාවා දීමට සම්බන්ධ බව පිළිගත්තේය.

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම කල් යයි

කෙසේ නමුත් බොහෝ අවස්ථාවල දී තහනම ඉවත් කර ගැනීමට ඔහු විසින් පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කල ඉල්ලීම් ප්‍රතික්ෂේප වූ අතර එම තීරණයන්ට විරෝධය පල කරමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මොහොමඩ් අමීර් සහ සල්මාන් බට් වැනි ක්‍රීඩකයන්ට නැවත ක්‍රීඩා කිරීමට අවසර ලබා දී තමන් හට අවසර ලබා නොදීම අසාධාරණ බවයි.

පකිස්තාන කණ්ඩායම නියෝජනය කල දෙවන හින්දු ජාතිකයා වන ඔහු ටෙස්ට් තරග 61 තුළ දී පකිස්තානු ජාතික කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 261ක් ලබා ගැනීමට සමත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<