Home Sinhala ආනන්ද – නාලන්ද එක්දින සංග්‍රාමයේ ජය වර්ෂාවට

ආනන්ද – නාලන්ද එක්දින සංග්‍රාමයේ ජය වර්ෂාවට

46 වැනි ආනන්ද - නාලන්ද එක්දින මහා තරගය 2023

288
Ananda College vs Nalanda College - 46th One Day Encounter

කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර පැවති 46 වැනි එක්දින මහා ක්‍රිකට් තරගය වර්ෂාව නිසා අවසන් වුනේ විසඳුමක් රහිතවයි.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී නාලන්දා ක්‍රීඩකයින්ට ආරාධනා කළා.

ආනන්ද විද්‍යාලයේ ආරාධනයෙන් පිටියට පිවිසි නාලන්දා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 35 දී දවා ගැනීමට හැකි වුනේ යසිරු සමරකෝන් ලකුණු 18කට ක්‍රීඩා පිටියෙන් ඉවත් කරමිනුයි.

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 56ක වටිනා සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව ලකුණු 46ක් ලබා සිටි රුසිරු විලෝචන දැවී ගිය අතර සදෙව් සමරසිංහ ලකුණු 33කට පිටියෙන් ඉවත් වුනා.

දෙදින තරගයේ කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ එරංග ජයකොඩි ලකුණු 09කට දවා ගැනීමට අයේෂ් ශෂිමාල්ට හැකි වූ අතර ලකුණු 41ක් ලබා සිටි කුස්මිත ද සිල්වා දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව දැක්වුණේ කඩුලු 5ක් දැවී 175ක් ලෙසයි.

නායක චනුල් අතුකෝරාල ලකුණු 19කට සහ සෙනේෂ් විජේසිංහ ලකුණු 18කට දවා ගැනීමට ආනන්ද ක්‍රීඩකයින්ට හැකි වූවත්, සජිත විතානගේ පන්දු 33ක් තුළ ලබා ගත් ලකුණු 28 නිසා පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 252ක් ලබා ගත්තා.

නාලන්දා ඉනිම අවසන් වීමෙන් පසුව ඇදහැළුණු වර්ෂාව නිසා තරගය පසුව පන්දුවාර 25කට සීමා කරමින් ආරම්භ කිරීමට විනිසුරුවරුන් තීරණය කළත්, නැවතත් ඇදහැළුණු වර්ෂාව නිසා තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වුනා.

Result


Ananda College

Nalanda College
252/8 (50)


Batsmen R B 4s 6s SR
Rusiru Vilochana c Iruth Gimshan b Isuru Weerasooriya 46 66 7 0 69.70
Yasiru Samarakoon run out () 18 15 2 0 120.00
Sadew Samarasinghe c & b Kithma Widanapathirana 33 53 2 0 62.26
Kushmitha Silva c Kaveesha Mendis b Dinada Athalage 41 59 3 0 69.49
Eranga Jayakodi c Maleesha Perera b Ayesh Sashimal 9 19 1 0 47.37
Chanul Athukorala c Iruth Gimshan b Ayesh Sashimal 19 21 1 1 90.48
Senesh Wijesinghe c Iruth Gimshan b Kaveesha Mendis 20 20 0 1 100.00
Sajitha Vithanage c & b Nethma Samaraweera 28 33 1 0 84.85
Minod Caldera not out 12 13 0 0 92.31
Janula Indusara not out 1 2 0 0 50.00


Extras 25 (b 5 , lb 0 , nb 1, w 19, pen 0)
Total 252/8 (50 Overs, RR: 5.04)
Bowling O M R W Econ
Nethma Samaraweera 8 0 41 1 5.12
Kaveesha Mendis 7 0 38 1 5.43
Dinada Athalage 10 0 47 1 4.70
Isuru Weerasooriya 5 0 28 1 5.60
Ashinsa Nainayake 6 0 25 0 4.17
Kithma Widanapathirana 6 0 29 1 4.83
Ayesh Sashimal 8 0 39 2 4.88



මහා ක්‍රිකට් තරග සමඟ දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ තරග තතු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<