මලිත් සහ තරණ ත්‍රිත්ව විද්‍යාලයේ ජය තහවුරු කරයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

197
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් කාර්ය බහුල දිනයක් අද (13) නිමාවට පත් වුනා.

අද දිනයේ දී පළමු කොටසේ Tier A යටතේ පැවැත්වුණු තරග දෙකක් නිමාවට පත් වූ අතර එහි දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 6ක ජයග්‍රහණය වාර්තා කරද්දී, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා.

ත්‍රිත්ව විද්‍යාලය විසින් කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට එරෙහිව ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් දිමන්ත මහවිතාන පිත්තෙන් (ලකුණු 67) සිය දායකත්වය ලබා දෙන අතරේ මලිත් රත්නායක සහ තරණ විමලධර්ම යුගලය විසින් සමස්ත තරගයේ ආනා ඉනිම් දෙකේ ම කඩුලු 14කට වගකීමට සමත් වුනා.

මේ අතර ඊයේ මහිත් පෙරේරා සහ දිනෙත් ගුණවර්ධන විසින් එක්ව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ලබා දුන් විශිෂ්ට ආරම්භයෙන් ලද වාසිය සම්පූර්ණ ජයග්‍රහණයක් කරා හරවා ගැනීමේ අවස්ථාව ඔවුන්ට අහිමි කිරීමට කොළඹ වෙස්ලි විද්‍යාලයේ බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු සහ ලිනාල් සුභසිංහ ප්‍රමුඛ පිතිකරු බළඇණිය සමත් වුනා.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය

  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය– 322/6 (80.4) මහිත් පෙරේරා 103, දිනෙත් ගුණවර්ධන 104, ආකාශ් ප්‍රනාන්දු 52, සකේශ් මිනෝන් 2/75
  • කොළඹ වෙස්ලි විද්‍යාලය– 220/10 (88.5) ලිනාල් සුභසිංහ 62, බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු 57, සනිතු අමරසිංහ 50, ආකාශ් ප්‍රනාන්දු 4/36 & 104/5 (32) බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු 38, අභීත් පරණවිදාන 2/30

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

  • කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය– 136/10 (71.2) කුශාන් සුබසිංහ 27, තරණ විමලධර්ම 4/37, මලිත් රත්නායක 3/26 & 130/10 (48.4) චමිත් සසෙන්ජන 42, මලිත් රත්නායක 5/45, තරණ විමලධර්ම 2/37
  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය – 200/7 (43.1) දිමන්ත මහවිතාන 67, ජයවි ලියනගම 35, ශෙහාන් කුමාර 5/49 & 67/4 (17.4) විදුක ධම්මගේ 25, කෙවින් නානායක්කාර 1/16

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

මේ අතර පළමු කොටසේ Tier A යටතේ කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර තවත් තරගයක් අද ආරම්භ වුනා. එමෙන්ම මහනුවර ධර්මරාජ සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයත්, ජාඇල ක්‍රිස්තු රාජ විද්‍යාලය සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අතරත් තවත් සාම්ප්‍රදායික දෙදින තරග ද්විත්වයක් ද අද දිනයේ ආරම්භ වුනා.

මෙම තරගවල දී මාතර සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් නවිජ ද සේරම් කඩුලු 5 දස්කමක් දක්වද්දී, මහනුවර සාන්ත අන්තොනි විද්‍යාලයේ කවීශ පියුමාල් කඩුලු 7 දස්කමක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා.

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය

  • කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 158/10 (78.5) සමිඳු පීරිස් 38, නවිජ ද සේරම් 5/34, මනුග ගුරුගේ 2/20
  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය– 49/4 (15) ඔචින්ත චාමික 14, දිනත් සෙනිල 2/21

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

  • මහනුවර ධර්මරාජ විද්‍යාලය– 78/10 (40.2) ඉසුරු පන්නල 43, කවීශ පියුමාල් 7/32
  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය– 189/3 (50) තිසර ඒකනායක 72, ජනිත් රත්නසිරි 57*, ශෙහාන් මාරසිංහ 1/14

ජාඇල ක්‍රිස්තු රාජ විද්‍යාලය සහ වත්තල ලයිසියම් විද්‍යාලය

  • ජාඇල ක්‍රිස්තු රාජ විද්‍යාලය– 169/10 (52.5) ලහිරු ලක්මාල් 73, විදුන්ශ විජේරත්න 3/14, සදෙව් හෙට්ටිආරච්චි 3/39
  • වත්තල ලයිසියම් විද්‍යාලය– 173/10 (43.4)  ශනුජන් බාස්කරන් 52, රවිඳු නිම්සර 4/34, සයුර ආකාශ් 3/15

මෙම තරග ත්‍රිත්වයේ ම දෙවන සහ අවසන් දිනය හෙට (14) ක්‍රියාත්මක වීමට නියමිතයි.

පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<