අරවින්ද සහ අකිල සුවිශේෂී කඩඉම්වලට

SLC Major Club 3 Day Tournament

78
SLC Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ අද (18) දවසේ පැවැති තරගවල දී Kurunegala Youth කණ්ඩායමේ අරවින්ද ප්‍රේමරත්න සහ Colts කණ්ඩායමේ අකිල ධනංජය තම පළමු පෙළ තරගවල සුවිශේෂී කඩඉම් කරා පිවිසීමට සමත් වීම කැපී පෙණුනා.

මේ අතුරින් Kurunegala Youth කණ්ඩායමේ අරවින්ද ප්‍රේමරත්න අද දවසේ හොඳම පන්දු යැවීම ද වාර්තා කිරීමට සමත් වෙනවා. ඔහු Tamil Union කණ්ඩායමට එරෙහි ව ලකුණු 113කට කඩුලු 7ක් දවා ගත් අතර ඒ සමඟින් ඔහු තම පළමු පෙළ තරග දිවියේ කඩුලු 100 කඩඉමට පිවිසියා.

මේ අතර Colts කණ්ඩායමේ අකිල ධනංජය අද තම පළමු පෙළ තරග දිවියේ කඩුලු 300 කඩඉම පසු කිරීමට සමත් වෙනවා. ඔහු Panadura කණ්ඩායමට එරෙහි ව ලකුණු 143කට කඩුලු 5ක් දවා ගැනීමත් සමඟින් මෙම කඩඉම පසු කළා.

ඊට අමතර ව පන්දු යවන්නන් අතුරින් තවත් සුවිශේෂී දක්ෂතාවක් දැක්වීමට Police කණ්ඩායමේ දිලුම් සුදීර සමත් වෙනවා. ඔහු Negombo කණ්ඩායමට එරෙහි ව කඩුලු 5ක් දවා ගත් අතර මෙම දවා ගැනීමත් සමඟින් ඔහු කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් පිට පිට දවා ගත් 4 වැනි අවස්ථාව බවට මෙය පත් කර ගත්තා.

දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වූයේ Baduraliya කණ්ඩායමේ ගීත් කුමාර. ඔහු Ragama කණ්ඩායමට එරෙහි ව පන්දු 221කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 165ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 110ක 4 වැනි ශතකයයි.

ඊට අමතර ව ප්‍රමෝද් මධුවන්ත සහ චමිඳු වික්‍රමසිංහ ද ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වුනා.

ඒ අතුරින් SSC කණ්ඩායමේ චමිඳු වික්‍රමසිංහ CCC කණ්ඩායමට එරෙහි ව පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග 9ක 2 වැනි ශතකයයි.

Negombo කණ්ඩායමේ ප්‍රමෝද් මධුවන්ත තම ශතකය වාර්තා කරන්නේ Police කණ්ඩායමට එරෙහිවයි. ඔහු පන්දු 202කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග 48ක 5 වැනි ශතකයයි.

මේ අතර Kandy Custom සහන් කෝසල අද දවසේ දී ද අර්ධ ශතකයක් වාර්තා කළ අතර එය ඔහු මෙවර තරගාවලියේ පිට පිට වාර්තා කරන ලද 5 වැනි ලකුණු 50ක් ඉක්ම වූ ඉනිමයි.

Baduraliya කණ්ඩායමේ රනේෂ් සිල්වා, Panadura කණ්ඩායමේ රුමේෂ් බුද්ධික සහ ශාලිත් ප්‍රනාන්දු, CCC කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ, මිනෝද් භානුක සහ පවන් රත්නායක, Kandy Custom කණ්ඩායමේ සහන් කෝසල සහ රොස්කෝ තට්ටිල්, Tamil Union කණ්ඩායමේ නවොද් පරණවිතාන සහ සචිත ජයතිලක, Moors කණ්ඩායමේ ජනිශ්ක පෙරේරා සහ සිතාර ගිම්හාන් අද දිනයේ දී අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

තරගවල කෙටි ලකුණු පුවරු

Group A

Police SC සහ Negombo CC අතර තරගය කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.

  • Negombo– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 407 (90.0) ඩිල්ශාන් මුණවීර 44, කේශාන් වන්නිආරච්චි 26, හිමාෂ ලියනගේ 65, මිලින්ද සිරිවර්ධන 83, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 101, මාදව වර්ණපුර 34, උපුල් ඉන්ද්‍රසිරි නොදැවී 29, දිලුම් සුදීර 5/124
  • Police– පළමු ඉනිම කඩුලු 3ක් දැවී 127 (31.0)ධනුජ ඉඳුවර 26, අවිශ්ක තරිඳු 30, රශ්මික හිරුශාන් නොදැවී 26, අශේන් බණ්ඩාර නොදැවී 32, උපුල් ඉන්ද්‍රසිරි 2/41

Baduraliya CC සහ Ragama CC අතර තරගය මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Ragama– පළමු ඉනිම සියලුම දෙනා දැවී 122 (28.1)ගවිරු සෙන්හස් 21, යොහාන් ලියනගේ 21, චානක රුවන්සිරි 8/37
  • Baduraliya– පළමු ඉනිම කඩුලු 8ක් දැවී 423 (100.5)දුනිත් ජයතුංග 39, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 31, චානක රුවන්සිරි 40, ගීත් කුමාර නොදැවී 165, රනේෂ් සිල්වා 75, අලංකාර අසංක 30, ශෂික දුල්ෂාන් 2/98, කොශාන් දනුශ්ක 3/137, ලකිඳු සචින් 2/52
  • Ragama– දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 112 (28.2)යොහාන් ලියනගේ 45, විනුර දුල්සර නොදැවී 31, චලන ද සිල්වා 4/51

Panadura SC  සහ Colts CC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

  • Colts– පළමු ඉනිම සියලුම දෙනා දැවී 345 (74.3)දිනේෂ් චන්දිමාල් 28, ධනංජය ලක්ෂාන් 104, සනෝජ් දර්ශික 33, ශෙරාන් ෆොන්සේකා 63, කවිශ්ක අංජුල 57, නිමේෂ් විමුක්ති 6/104
  • Panadura– පළමු ඉනිම සියලුම දෙනා දැවී 366 (84.0)ඕෂද ප්‍රනාන්දු 81, ලහිරු දවටගේ 24, රමින්ද විජේසූරිය 22, රුමේෂ් බුද්ධික 84, ශාලිත් ප්‍රනාන්දු 83, අකිල ධනංජය 5/143, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්නශ්‍රීරාම් 2/83

 

Group B

SSC සහ CCC අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.

  • SSC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 369 (95.2)ශෙවෝන් ඩැනියෙල් 23, නුවනිඳු ප්‍රනාන්දු 40, කුසල් මෙන්ඩිස් 123, චමිඳු වික්‍රමසිංහ නොදැවී 102, දිනුර කළුපහන 33, අසිත ප්‍රනාන්දු 2/70, විශ්ව ප්‍රනාන්දු 2/75, ලක්ෂාන් සඳකැන් 3/61
  • CCC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 264 (47.0)ලසිත් කෲස්පුල්ලේ 76, මිනෝද් භානුක නොදැවී 85, පවන් රත්නායක නොදැවී 79

BRC සහ Kandy Custom SC අතර තරගය කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.

  • Kandy Custom– පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (27.3)ශෙහාන් ප්‍රනාන්දු 33, සහන් කෝසල 21, රොස්කෝ තට්ටිල් 33, ඉමේෂ් උදයංග 21, මොහොමඩ් ශිරාස් 5/37, මාලින්ද පුෂ්පකුමාර 2/43, මෝවින් සුබසිංහ 2/18
  • BRC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 218 (61.0)නවිඳු විතානගේ 38, රිසිර වීරසූරිය 23, දිනිරු අබේවික්‍රමසිංහ 38, චාමික හීනටිගල නොදැවී 38, බුද්ධික සංජීව 4/48, සචිත්‍ර පෙරේරා 3/50
  • Kandy Custom– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 268 (64.0)සහන් කෝසල 70, රොස්කෝ තට්ටිල් 88, ඉමේෂ් උදයංග 44, මොහොමඩ් ශිරාස් 2/42, මෝවින් සුබසිංහ 4/65, මාලින්ද පුෂ්පකුමාර 3/85
  • BRC– දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 51 (15.0)

Tamil Union C & AC සහ Kurunegala YCC අතර තරගය කොළඹ P.Sara Oval ක්‍රීඩාංගණයේ දී.

  • Kurunegala Youth– පළමු ඉනිම සියලුම දෙනා දැවී 222 (78.4)රශ්මික මධුශංක 56, සමීර සඳමාල් 42, අසන්ත බස්නායක 28, දිනුෂ්ක මාලන් 31, අසංක මනෝජ් 2/40, තරිඳු රත්නායක 3/69, නවෝද් පරණවිතාන 3/33
  • Tamil Union– පළමු ඉනිම සියලුම දෙනා දැවී 299 (86.0) නවොද් පරණවිතාන 82, මොහොමඩ් ශමාස් 24, සචිත ජයතිලක 91, විහස් තෙව්මික 34, අරවින්ද ප්‍රේමරත්න 7/113
  • Kurunegala Youth– දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 12 (5.0)

මෙම තරග සියල්ල හෙට (18) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

අද ආරම්භ වූ තරග

Nugegoda SWC සහ Moors SC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.

  • Moors– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 275 (83.0) ජනිශ්ක පෙරේරා 63, පසිඳු සූරියබණ්ඩාර 27, සිතාර ගිම්හාන් නොදැවී 92, මිලාන් රත්නායක 27, චාමිකර එදිරිසිංහ 3/93, මදුක ලියනපතිරණගේ 3/53

මෙම තරගය හෙට (19) 2 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<