හිරාන් සහ යෙනුල දැවැන්ත සබඳතාවක

U19 Division 1 School Cricket Tournament 2023/24

160
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (09) දිනයෙන් අවසන් වුනා. 

මෙම තරගවල දී ජයග්‍රහණ වාර්තා කිරීමට කුරුණෑගල මලියදේව, කොළඹ සාන්ත බෙනඩික්ට්, කොළඹ සාන්ත පීතර සහ කොළඹ ලුම්බිණි විද්‍යාල විසින් සමත් වුනා. 

මෙම තරගවල දී කැපී පෙනුණු අවස්ථා මෙසේයි, 

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ මලිත් ද සිල්වා කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා. 

කඳාන ද මැසනඩ් විද්‍යාලයේ දිනිඳු සස්මිත් කඩුලු 5 දස්කමක් ද සමඟ කඩුලු 9ක් බිඳ හෙළීමට සමත් වුනා. 

කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ විරාන් චමුදිත පළමු ඉනිමේ කඩුලු 8ක් සමඟින් සමස්ත තරගයේ කඩුලු 10ක් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම කුරුණෑගල මලියදේව විද්‍යාලය වෙනුවෙන් දිමත් අබේසිංහ ද කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා. 

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් ජනිඳු නන්දසේන ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා. එමෙන්ම මෙවන් දිසානායක කඩුලු 6 දස්කමක් සමඟින් සමස්ත තරගයේ කඩුලු 10 දස්කමක් ද ප්‍රදර්ශනය කළා. 

රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ දර්ශක සංදීප් කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා. 

කොළඹ සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් දිලන දම්සර ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ශැනෝන් රොද්‍රිගෝ කඩුලු 5 දස්කමක් සමඟ කඩුලු 9ක් බිඳ හෙළීමට සමත් වුනා. 

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් තිසර ඒකනායක ශතකයක් වාර්තා කළා. 

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වුණු තරගයේ දී ජෝසප් පළමු ඉනිම ලකුණු 41කට සීමා වූ අතර, එහි දී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් මනුල කුලරත්න කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුනා. මේ අතර පළමු ඉනිමට වඩා හාත්පසින් ම වෙනස් ලෙස සිය දෙවන ඉනිම ක්‍රියාත්මක කළ ජෝසප් විද්‍යාලය තරගය අවසන් වන විට දෙවන ඉනිම සඳහා කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 379ක් ලබා ගැනීමට සමත් වුනා. 

මේ වෙනුවෙන් හිරාන් ජයසුන්දරගේ පිත්තෙන් ලකුණු 212ක් එක් වූ අතර, යෙනුල දෙව්තුසගේ පිත්තෙන් ලකුණු 97ක් එක් වුනා. 

එමෙන්ම මොවුන් දෙදෙනා විසින් ඉනිමේ පස් වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 285ක දැවැන්ත සබඳතාවක් ද පිහිටුවීමට සමත් වුනා. 

කොළඹ ලුම්බිණි විද්‍යාලයේ උශාන් සත්සර පළමු ඉනිමේ කඩුලු 6ක් සහ දෙවන ඉනිමේ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා. 

පළමු කොටසේ Tier A තරග 

කොළඹ මහානාම විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 08 09)  

  • කොළඹ මහානාම විද්‍යාලය – 172/10 (62.4) ඉනුක කරන්නාගොඩ 36, ගිමන්ත දිසානායක 34, මලිත් ද සිල්වා 5/55 & 174/5 (38) චාමික හීනටිගල 55, කකවීෂ ඉඳුවර 3/79 
  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය – 229/10 (78.2) මල්ෂ තරුපති 75, තමිඳු ප්‍රදීප්ත 48, රශ්මික පෙරේරා 2/22, දුල්නිත් සිගේරා 2/27 

තරගය ජය පරාජයෙන් තොරයි, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය  

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 08 09) 

  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය – 60/10 (30.4) සෙනුර පෙරේරා 19, දිනිඳු සස්මිත් 4/11, කවිඳු කෞශල්‍ය 3/16 & 229/10 (83.1) පෙසඳු සන්ජන් 96, ඔචින්ත චාමික 65, දිනිඳු සස්මිත් 5/75, කවිඳු කෞශල්‍ය 3/50 
  • කඳාන ද මැසනඩ් විද්‍යාලය – 104/10 (31.5) ශරිත් සුදීන 30, මනුග ගුරුගේ 4/17, පුනල් පමුදිත 3/19 & 145/6 (40) ඩිනෝශ් ජෙලෝන් 38, නවිජ ද සේරම් 3/32 

තරගය ජය පරාජයෙන් තොරයි, කඳාන ද මැසනඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය  

මලියදේව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 08 09) 

  • කුරුණෑගල මලියදේව විද්‍යාලය – 150/10 (49.4) ගයන වීරසිංහ 44, විරාන් චමුදිත 8/54 & 184/10 (43.5) ගයන වීරසිංහ 66, විනුක ගලප්පත්ති 51, රවීන් කවින්ත 4/40, සමිරු ගිම්හාන් 3/55 
  • මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය – 179/10 (53) විශ්ව සුපුන් 47, ප්‍රවීන් මදුසංක 35, ගිශාන් ද සිල්වා 4/16 & 144/10 (42.4) හේශාන් මදුශංක 31, දිමත් අබේසිංහ 5/40, අර්ජුන් සත්සර 3/20 

මලියදේව විද්‍යාලයට ලකුණු 11ක ජයක්. 

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය  

බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 08 – 09)

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 228/10 (63.5) ජනිඳු නන්දසේන 103, ස්ටීව් අර්ශාන් 55, සනුජ නිඳුවර 3/29 & 216/6d (44.3) ශරුජන් ශන්මුගනාදන් 96, මෙවන් දිසානායක 41, ගීතික ද සිල්වා 3/30
  • කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය – 222/10 (64.5) මහිම කොටුවිල 86, යොහාන් එදිරිසිංහ 4/49, මෙවන් දිසානායක 4/73 & 108/10 (22.4) වගීෂ රණසිංහ 42, මෙවන් දිසානායක 6/41

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ලකුණු 114ක ජයක්.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය

කිරිමණ්ඩල මාවත ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 08 – 09)

  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය – 266/9d (83.1) තිසර ඒකනායක 119, ජනුක රත්නායක 44, නිලුපුල් ලියනගේ 3/44, ලිනාල් සුභසිංහ 3/65
  • කොළඹ වෙස්ලි විද්‍යාලය – 132/10 (66.5) සනිතු අමරසිංහ 43, ලිතුම් සෙනුජ 34, චාරුක ඒකනායක 2/19, තරුශ දසුන් 2/6 & 120/4 (f/o) (44) ලිතුම් සෙනුජ 49*, කවීෂ පියුමාල් 2/37

තරගය ජය පරාජයෙන් තොරයි, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පළමු කොටසේ Tier B තරග

ගාල්ල මහින්ද විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය

වීරකැටිය මන්දඬුව ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 08 – 09)

  • ගාල්ල මහින්ද විද්‍යාලය – 181/10 (62.2) චන්දූප ද සිල්වා 66, දුල්සිත් දර්ශන 44, දර්ෂක සංදීප් 5/34 & 233/10 (59.3)ප්‍රමේෂ් මදුභාෂණ 66, දිනුර කළුපහන 54, සඳරු මල්ෂාන් 4/105, අරෝශ සිතුමිණ 3/52
  • රත්ගම දේවපතිරාජ විද්‍යාලය – 123/10 (60) දර්ශක සන්දීප් 26, සෙනුක දංගමුව 4/36, කවීන් රුක්ශාන් 4/25 & 21/2 (3)

තරගය ජය පරාජයෙන් තොරයි, මහින්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ සහිරා විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 08 – 09)

  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය – 327/7d (74.4) දිලන දම්සර 114, ඇසදිස ද සිල්වා 89, මොහොමඩ් අකීල් 3/72
  • කොළඹ සහිරා විද්‍යාලය – 87/10 (25.1) රොශාන් කරීම් 37, ශැනෝන් රොද්‍රිගෝ 5/13, ඉශිර ආයුපාල 3/19 & 158/9 (f/o) (54.2) රනිඳු මලිත් 38, ශෙනෝන් රොද්‍රිගෝ 4/42

කොළඹ සාන්ත පීතර විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 82ක ජයක්.

සාම්ප්‍රදායික දෙදින තරග

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 08 – 09)

  • සාන්ත ජෝසප් විද්‍යාලය – 41/10 (20.5) මානස මදුභාෂණ 10, මනුල කුලරත්න 8/23 & 379/4 (130) හිරාන් ජයසුන්දර 212*, යෙනුල දෙව්තුස 97, දිනුක තෙන්නකෝන් 3/91
  • ත්‍රිත්ව විද්‍යාලය – 94/10 (30.2) දිමන්ත මහවිතාන 22, දිනුක් සේරසිංහ 4/38, මානස මදුභාෂණ 3/32

තරගය ජය පරාජයෙන් තොරයි, ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය

ගම්පහ වික්‍රමබාහු ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 08 – 09)

  • කිංග්ස්වුඩ් විද්‍යාලය – 62/10 (21.5) අමේෂ් රූපසිංහ 14, උශාන් සත්සර 6/13 & 89/10 (27) අමේෂ් රූපසිංහ 21, සහන් කෞශල්‍ය 4/41, උශාන් සත්සර 3/18
  • ලුම්බිණි විද්‍යාලය – 258/9d (51) දිනිත ප්‍රභාංක 80, පසිඳු මනීෂ 68*, යොසත් අබේකෝන් 3/60

කොළඹ ලුම්බිණි විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 107ක ජයක්.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<