තර්ස්ටන් සහ ඉසිපතන විද්‍යාල පූර්ණ ජයග්‍රහණ ලබා ගනී

U19 Division 1 Schools Cricket Tournament 2023/24

129

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (05) ක්‍රියාත්මක වුනා.

මෙම තරග අතුරින් ජයග්‍රහණ වාර්තා කිරීමට කොළඹ තර්ස්ටන් සහ ඉසිපතන විද්‍යාල විසින් සමත් වුනා.

දිනයේ කැපී පෙනුණු ක්‍රීඩක දක්ෂතා සැකෙවින්,

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් හිරාන් ජයසුන්දර ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමඟ පැවැත්වුණු තරගයේ දී කොළඹ බෙනඩික්ට් විද්‍යාලයේ නායක ශරුජන් ශන්මුගනාදන් විසින් විශිෂ්ට ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙම තරගයේ දී රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් ශැරෝන් අභිශේක් කඩුලු 6 දස්කමක් දැක්වීමට ද සමත් වුනා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් විශ්ව ධනංජය පළමු ඉනිමේ කඩුලු 6ක් සමඟ සමස්ත තරගයේ කඩුලු 9ක් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ රවීන් සැවියෝ කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

කොළඹ ඉසිපතන විද්‍යාලයට එරෙහිව කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නිම්න ප්‍රනාන්දු කඩුලු 5 දස්කමක් දක්වද්දී, ඉසිපතන විද්‍යාලයේ කෙවින් සැමුවෙල් සහ දසිත් සෙනාල් ද කඩුලු 5 දක්ෂතා දැක්වීමට සමත් වුනා.

ගාල්ල මහින්ද විද්‍යාලය වෙනුවෙන් කවීන් රුක්ශාන් කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය

වෙස්ලි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (මාර්තු 04 – 05)

  • වෙස්ලි විද්‍යාලය -156/10 (55.4) සනිතු අමරසිංහ 38, නිලුපුල් ලියනගේ 34, ඩනික් පෙරේරා 3/39 යෙනුල දෙව්තුස 3/33 & 204/4 (67) නිලුපුල් ලියනගේ 53, සනිතු අමරසිංහ 50
  • සාන්ත ජෝසප් විද්‍යාලය – 334/8d (77) හිරාන් ජයසුන්දර 128, යෙනුල දෙව්තුස 96, ශකේෂ් මිනෝන් 3/101

තරගය ජය පරාජයෙන් තොරයි, සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය

රත්මලාන වාරිමාර්ග ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 04 – 05)

  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය – 209/10 (65.4) විදුක ධම්මගේ 42, දිනුශ පීරිස් 41, දුවිඳු රණතුංග 4/45, අනුක විජේවර්ධන 3/45 & 143/10 (51.3) තරණ විමලධර්ම 58 රශ්මික පෙරේරා 4/24
  • කොළඹ මහානාම විද්‍යාලය – 196/10 (72.3) දුල්නිත් සිගේරා 42, රශ්මික පෙරේරා 37, මලිත් රත්නායක 4/38, මනුල කුලරත්න 3/66

තරගය ජය පරාජයෙන් තොරයි, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 04 – 05)

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 259/10 (118.1) ශරුජන් ශන්මුගනාදන් 138, ශැරෝන් අභිශේක් 6/81 & 0/0
  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය – 264/7d (77) සෙනෙත් සිසාන් 84, චෙහාන් සුභසිංහ 69, මෙවන් දිසානායක 4/84

තරගය ජය පරාජයෙන් තොරයි, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පළමු කොටසේ Tier B තරග

වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය

කටුනායක BOI ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 04 – 05)

  • ජෝසප් වාස් විද්‍යාලය – 51/10 (18.2) ඉසුරු ජයසේකර 17, විශ්ව ධනංජය 6/25, යොවුන් සිල්ප 4/22 & 129/10 (37.4) කවිත් ප්‍රනාන්දු 35, විහස් තෙව්මික 4/36, විශ්ව ධනංජය 3/52
  • තර්ස්ටන් විද්‍යාලය – 247/10 (71.3) විහස් තෙව්මික 79, ශානික්‍ය දේශප්‍රිය 60, රවීන් සැවියෝ 5/67, ජනිත් ප්‍රනාන්දු 4/53

කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 67ක ජයක්.

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය

ලුම්බිණි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 04 – 05)

  • ලුම්බිණි විද්‍යාලය – 277/10 (69.1) ගිහාන් ලක්ශිත 64, ශහන් කෞශල්‍ය 42, දුල්සත් නිම්විරු 3/93, කවිඳු කේසර 3/29 & 121/9 (40.2) දිනිත ප්‍රභාංක 31, තීක්ශණ තාරුක 5/40, දුල්සත් නිම්විරු 3/61
  • ගාල්ල ඇලෝශියස් විද්‍යාලය – 272/10 (95.4) විදුර ලක්ෂාන් 77, කවිඳු කේසර 45, දිනිත ප්‍රභාංක 4/44, උශාන් සත්සර 3/58

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ ලුම්බිණි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය

සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 04 – 05)

  • කොළඹ ඉසිපතන විද්‍යාලය – 261/10 (58.4) රුචිත් රොද්‍රිගෝ 73, සිතුක ගුණවර්ධන 50, නිම්න ප්‍රනාන්දු 5/57
  • කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 49/10 (25.5) මලීෂ නෙත්සර 12, කෙවින් සැමුවෙල් 5/15, සිතුක ගුණවර්ධන 4/17 & 112/10 (f/o) (33.5) මලීෂ නෙත්සර 31, දසිත් සෙනාල් 5/43, තරුශ්ක අශෙල් 4/19

කොළඹ ඉසිපතන විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 100ක ජයක්.

මොරටු මහා විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

මොරටු මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 05 – 06)

  • මොරටු මහා විද්‍යාලය 154/10 (60.3) නිදර්ශන ප්‍රනාන්දු 49, නිමේෂ සිල්වා 4/58
  • සිල්වෙස්තර විද්‍යාලය – 119/4 (39)

පළමු දිනයට තරගය නතර කළා.

ගාල්ල මහින්ද විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

මහින්ද විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 05 – 06)

  • ගාල්ල මහින්ද විද්‍යාලය – 335/6 (58.5) දෙනෙත් කෞශල්‍ය 71, සෙනුක දංගමුව 53, අනුහස් ඇල්දෙනිය 2/42
  • පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය – 112/10 (31.1) ප්‍රවීන් රන්හිරු 57, කවීන් රුක්ශාන් 5/27, සදෙව් නෙත්මිණ 4/39

පළමු දිනයට තරගය නතර කළා.

සාම්ප්‍රදායික දෙදින තරග

කැලණිය ගුරුකුල විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 04 – 05)

  • ගුරුකුල විද්‍යාලය – 238/10 (56.4) දෙනුර දිමන්සිත් 94, මදුර භාෂිත 3/25 & 191/6d (37.3) පූර්ණ කල්හාර 113, අමිත සන්දීප 2/63
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – 149/10 (43.1) ශෙහාර පින්ටෝ 31, තත්සර එශාන් 4/40 & 130/10 (39.4) විහඟ රශ්මිත 26, සෙනෙශ්ක නෙත්සර 3/29, තත්සර එශාන් 3/44

කැලණිය ගුරුකුල විද්‍යාලයට ලකුණු 150ක ජයක්.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 05 – 06)

  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය – 233/10 (69.3) ඇසදිස ද සිල්වා 63, රුසඳ ගමගේ 66, කෙවන් රමික 4/29
  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය – 128/3 (23)

පළමු දිනයට තරගය නතර කළා.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<