විද්‍යාල රැසක් ජයග්‍රහණ ලැබූ දිනයක්

U19 Division 1 Schools Cricket Tournament 2023/24

336
U19 division 1 schools cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (24) අවසන් වුනා. 

මෙම තරගවල දී ජයග්‍රහණ ලබා ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය, වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය, කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය විසින් සමත් වුනා. 

අද දිනයේ දී දක්ෂතා අතරට පිවිසි ක්‍රීඩකයින් පිළිබඳ විස්තර මෙසේයි; 

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් මලිත් රත්නායක කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වූ අතර, වතිල උදාර විශිෂ්ට ශතකයක් ලබා ගැනීමට සමත් වුනා. පන්දු 149ක් තුළ ලකුණු 134ක් රැස් කළ වතිලගේ ඉනිමට හයේ සහ හතරේ පහර 8 බැඟින් අන්තර්ගත වුනා. 

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් කෙවින් නානායක්කාර කඩුලු 7 දස්කමක් දැක්වීමට සමත් වූ අතර, ඊයේ (23) කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ රිච්මන්ඩ් විද්‍යාලයේ ශැරෝන් අභිශේක් අද කඩුලු 6 දස්කමක් ප්‍රදර්ශනය කළා. 

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ විරාන් චමුදිත පන්දුවෙන් කඩුලු 5 දස්කමක් ද සමඟින්, පිත්තෙන් අර්ධ ශතකයක් ද වාර්තා කිරීමට සමත් වුනා. 

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් රිශ්ම අමරසිංහ ලකුණු 120ක් ලබා ගැනීමට සමත් වූ අතර, යෙනුල දෙව්තුස කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා. 

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් කවිඳු සේනාධි කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වූ අතර, මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය වෙනුවෙන් අරුශ් ජයසිංහ ද කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා. 

කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය වෙනුවෙන් සොනාල් අවදික විශිෂ්ට ශතකයක් ලබා ගත් අතර, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් පැතුම් මලිත කඩුලු 5 දස්කමක් සහ ඉශාන් අනුරාධ කඩුලු 6 දස්කමක් ප්‍රදර්ශනය කළා. 

පළමු කොටසේ Tier A තරග 

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය  

රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 23 – 24)  

  • කොළඹ රාජකීය විද්‍යාලය – 234/10 (108.5) රෙහාන් පීරිස් 72, සිනෙත් ජයවර්ධන 34, මලිත් රත්නායක 5/72, තරණ විමලධර්ම 3/53 & 51/2 (10)  
  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය – 301/8d (79.1) වතිල උදාර 134, විදුක ධම්මගේ 91, රමිරු පෙරේරා 3/82 

තරගය ජය පරාජයෙන් තොරයි, ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය  

සාන්ත ආනා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 23 – 24)  

  • කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය – 78/10 (49.2) චමිත් සසේන්ජන 19, ශැරෝන් අභිශේක් 4/10, කවීෂ ඉඳුවර 3/12 & 108/10 (50.3) කුශාන් සුභසිංහ 40, ශැරෝන් අභිශේක් 6/41, යූරි කොත්තිගොඩ 2/25 
  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය – 176/10 (41.1) චෙහාන් සුභසිංහ 50, මල්ෂ තරුපති 45, කෙවින් නානායක්කාර 7/58 & 11/0 (2.3)  

රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 10ක ජයක්. 

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය  

සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 23 -24) 

  • කුරුණෑගල මලියදේව විද්‍යාලය – 175/10 (65) ගයන වීරසිංහ 67, චන්දූප අබේසිංහ 32, ලහිරු අමරසේකර 9/54 & 96/10 (28.3) ගයන වීරසිංහ 66, යෙනුල දෙව්තුස 5/33, ලහිරු අමරසේකර 3/41 
  • කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය – 350/6d (87.1) රිශ්ම අමරසිංහ 120, හිරුන් කපුරුබණ්ඩාර 91, යෙනුල දෙව්තුස 64, දිමන්ත අරුශ 4/124 

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 79ක ජයක්. 

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය  

උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 23 – 24)  

  • මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය – 233/10 (54.5) දිනිරු අබේවික්‍රමසිංහ 74, චමරිඳු නෙත්සර 65, කවීෂ පියුමාල් 5/82, තිසර ඒකනායක 3/56 & 250/9 (63) දිනිරු අබේවික්‍රමසිංහ 67, විරාන් චමුදිත 61, කවීෂ පියුමාල් 4/65 
  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය – 198/10 (64) තිසර ඒකනායක 66, ජනුක රත්නායක 39, විරාන් චමුදිත 5/62, සමිරු ගිම්හාන් 3/32 

තරගය ජය පරාජයෙන් තොරයි, සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

පළමු කොටසේ Tier B තරග  

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය  

සාලියපුර ගජබා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 23 – 24) 

  • මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය – 97/10 (40.3) ආදිත්‍ය වඩුගේ 28, අමිත සන්දීප 4/24, මදුර භාශිත 3/17 & 84/10 (42.3) ආදිත්‍ය වඩුගේ 29, කවිඳු සේනාධි 5/21, අමිත සන්දීප 4/42 
  • වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය – 220/10 (67.3) අමිත සන්දීප 41, චමෝද් සන්දීප 42, අකිල වික්‍රමසිංහ 3/34, අරුශ ජයසිංහ 5/71 

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 39ක ජයක්. 

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය  

බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 23 – 24)  

  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – 239/10 (55.2) රන්දුල් සමරහේවා 85, සෙනිත හැළඹගේ 36, හිමරු දේශාන් 5/30 හිවින් කෙනුල 3/41 & 76/10 (37.3) චානුක ද සිල්වා 17, ආකාශ් දෙව්මිණ 3/8, හිවින් කෙනුල 3/15 
  • කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය – 173/10 (41) සොනාල් අවදික 100, පැතුම් මලිත 5/45 & 144/7 (37.2) සනුක චෙරාන් 45, ඉශාන් අනුරාධ 6/50 

කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයට කඩුලු 3ක ජයක්. 

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය  

ධර්මරාජ විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 23 – 24)  

  • පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය – 69/10 (25.4) අනුහස් ඇල්දෙනිය 21ශෙෂාන් මාරසිංහ 3/7, දක්ශික මනුකල්ප 4/13 & 97/10 (34.5) රවිඳු කොළඹගේ 38, දුලාර බන්දුලසේන 4/20, දක්ශික මනුකල්ප 3/37 
  • මහනුවර ධර්මරාජ විද්‍යාලය – 162/8d (29.5) ඉරුශ ජයවර්ධන 49, ඔනජිත් ද සිල්වා 40, තිමෝත් අතිනායක 5/63 & 6/0 (1)  

මහනුවර ධර්මරාජ විද්‍යාලයට කඩුලු 10ක ජයක්. 

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<