සහන්ට එක් දිනක් තුළ කඩුලු 5ක් සහ ද්විත්ව ශතකයක්

U19 Division 1 School Cricket Tournament 2023/24

327
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් අද (26) ක්‍රියාත්මක වුනා.

ඒ අතුරින් අද නිමාවට පත් වූ එකම තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ අතර, එහි දී රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට මොරටු මහා විද්‍යාලය විසින් සමත් වුනා.

මේ අතර අද දිනය පුරාවට ක්‍රීඩකයින් විසින් දැක්වූ විශේෂ දක්ෂතා කිහිපයක් සැකෙවින්,

කැලණිය ගුරුකුල විද්‍යාලයේ තත්සර එශාන් කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

කොළඹ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් කිත්ම විතානපතිරණ සහ කෙනුල් ද සොයිසා ශතක වාර්තා කිරීමට සමත් වුනා. එමෙන්ම වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයට එරෙහිව පැවැත්වුණු මෙම තරගයේ දී මෙම දෙදෙනා විසින් ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 183ක දැවැන්ත සබඳතාවක් ද පිහිටුවීමට සමත් වුනා.

කොළඹ ලුම්බිණි විද්‍යාල නායක සහන් කෞශල්‍ය විසින් කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට එරෙහිව පන්දු යැවීමෙන් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර, පසුව ඔහු වේගවත් ද්විත්ව ශතකයක් ද වාර්තා කිරීමට සමත් වුනා. මෙහි දී පන්දු 173ක් තුළ හයේ පහර 3ක් සහ හතරේ පහර 31ක් සමඟින් ලකුණු 206ක් ලබා ගැනීමට සහන් සමත් වුනා.

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් සනුජ නිඳුවර කඩුලු 6 දස්කමක් දැක්වීමට සමත් වූ අතර, කෙවින් නානායක්කාර කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් අචල පෙරේරා කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් සිනෙත් ජයවර්ධන ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

මාතර සාන්ත සර්වේශස් විද්‍යාල සහ කැලණිය ගුරුකුල විද්‍යාලය

උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 26 – 27)

  • මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය – 132/10 (26.3) රිසිනු කිත්මුක 52, තත්සර එශාන් 5/23, පූර්ණ කල්හාර 3/27
  • කැලණිය ගුරුකුල විද්‍යාලය – 302/6 (70) දෙනුර දිමන්සිත් 80, තත්සර එශාන් 61, විරාන් චමුදිත 4/94

පළමු දිනයට තරගය නතර කළා.

මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය

කිරිමණ්ඩල මාවත ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 26 – 27)

  • මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය – 137/10 (48.1) ලෙවින් ප්‍රනාන්දු 32, චාමික හීනටිගල 4/28
  • කොළඹ මහානාම විද්‍යාලය – 193/6 (43) ඉනුක කරන්නාගොඩ 51*, දුල්නිත් සිගේරා 65, නිලේශ් පෙරේරා 3/53

පළමු දිනයට තරගය නතර කළා.

කොළඹ රාජකීය විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය

රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 26 – 27)

  • කොළඹ රාජකීය විද්‍යාලය – 251/10 (83.1) සිනෙත් ජයවර්ධන 102, රමිරු පෙරේරා 57, මනුග ගුරුගේ 3/23
  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය – 23/1 (12)

පළමු දිනයට තරගය නතර කළා.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 26 – 27)

  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය – 206/10 (61) කවීෂ පියුමාල් 54, කෞශික කුමාරසිංහ 31, දිනුක් සේරසිංහ 3/37, ලහිරු අමරසේකර 3/52
  • කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය – 132/5 (36.3) අභිශේක් ජයවීර 57, කවීෂ පියුමාල් 2/46

පළමු දිනයට තරගය නතර කළා.

පළමු කොටසේ Tier B තරග

මොරටු මහා විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය

කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 25 – 26)

  • මොරටු මහා විද්‍යාලය – 264/10 (85.2) දෙනෙත් සිතුමිණ 99*, නිදර්ශන ප්‍රනාන්දු 62, දර්ශක සන්දීප් 4/55, විහඟ ඉඳුසර 2/28 & 39/1 (18)
  • රත්ගම දේවපතිරාජ විද්‍යාලය – 219/10 (104.2) ගිම්හාන් රසාංජන 59, විහඟ ඉඳුසර 31, හිමාශ් තරුශ්ක 3/29, විහඟ නිම්සර 3/51

තරගය ජය පරාජයෙන් තොරයි, මොරටු මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ ආනන්ද විද්‍යාලය සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය

කදිරන ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 26 – 27)

  • කොළඹ ආනන්ද විද්‍යාලය – 366/8d (79) කිත්ම විතානපතිරණ 130, කෙනුල් ද සොයිසා 100, හිමාල් රවිහංස 3/91
  • වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය – 52/2 (12)

පළමු දිනයට තරගය නතර කළා.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

ධර්මපාල විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 26 – 27)

  • පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය – 147/10 (56) තිමෝත් පතිනායක 31, ඉසුරු ගුණසේකර 3/25, නිමේශ් සිල්වා 3/42
  • මහනුවර සිල්වෙස්තර විද්‍යාලය – 125/7 (41.4)ආදිත්‍ය වඩුගේ 35, චිතුම් බැද්දගේ 3/37

පළමු දිනයට තරගය නතර කළා.

සාම්ප්‍රදායික දෙදින තරග

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය

කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි  26 – 27)

  • කෝට්ටේ ජනාධිපති විද්‍යාලය – 84/10 (37.4) දහම් උසිඳු 23, සහන් කෞශල්‍ය 5/20
  • කොළඹ ලුම්බිණි විද්‍යාලය – 377/6 (62) සහන් කෞශල්‍ය 206, බිම්සර වීරසිංහ 57, සිතුම් ඕෂධ 3/78

පළමු දිනයට තරගය නතර කළා.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 26 – 27)

  • වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය – 70/10 (14.5) රිද්ම කොළඹගේ 11, සනුජ නිඳුවර 6/19 & 204/9 (40) රවිඳු ජයසංක 56, අමිත සන්දීප 33, කෙවින් නානායක්කාර 5/81
  • කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය – 78/10 (20.1) බුද්ධිම නන්දසිරි 28, අමිත සන්දීප 3/4, කවිඳු සේනාධි 3/10

පළමු දිනයට තරගය නතර කළා.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය

  • කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය – 186/10 (41.2) රන්දීශ බණ්ඩාරනායක 29, මලිත පෙරේරා 28, අචල පෙරේරා 5/40, ප්‍රින්ස් ප්‍රනාන්දු 4/51
  • මොරටුව වේල්ස් කුමර විද්‍යාලය – 147/4 (56) ඔශාන් ද සිල්වා 57*, දෙහෙම් නිර්මාල් 1/27

පළමු දිනයට තරගය නතර කළා.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<