ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලියේ පිට පිට 2 වැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට කොළඹ දකුණ කණ්ඩායම අද (27) සමත් වෙද්දී මහනුවර කණ්ඩායමේ විනුජ ආයුවර්ධන මෙතෙක් තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කරයි.
දඹුල්ල සහ කොළඹ දකුණ අතර තරගය කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – කොළඹ දකුණ
කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොළඹ දකුණ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සියලුම දෙනා දැවී ලකුණු 126ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ඉනිමට පිවිසි දඹුල්ල කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 97ක් පමණයි.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ දකුණ කණ්ඩායම වෙනුවෙන් දෙනෙත් පෙරේරා පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තා.
ඔහුට අමතර ව ශනිල්ක දම්සර පන්දු 65කට මුහුණ දෙමින් ලකුණු 20ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී නිශාන්තන් අර්වින්ත් ලකුණු 15කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව අංජන අබේකෝන් සහ මිතිල නිම්සර කඩුලු ද්විත්වය බැගින් ද, රසජෙයන්තන් අශ්වෙන් සහ නෙතුල් උඩවෙල කඩුල්ල බැගින් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ජනිරු ජයසිංහ පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 28ක් සහ රිසිත් විජේසිංහ පන්දු 96කට මුහුණ දෙමින් ලකුණු 26ක් ලබා ගත්තා.
අනෙක් සෑම පිතිකරුවෙක්ගේ ම ඉනිම් තනි ලකුණකට සීමා වූ අතර එහි දී දෙනෙත් පෙරේරා ලකුණු 12කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කළා.
ඊට අමතර ව වෙතුම් රන්දිනු කඩුලු 2ක් ද, මලිඳු නවෝද්, තෙවන් වෛද්යනායක සහ ඔමික දහනායක කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 126 (45.0)ශනිල්ක දම්සර 20, දෙනෙත් පෙරේරා 56, අංජන අබේකෝන් 2/19, මිතිල නිම්සර 2/32, නිශාන්තන් අර්වින්ත් 4/15
- දඹුල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 97 (37.5)රිසිත් විජේසිංහ 26, ජනිරු ජයසිංහ 28, වෙතුම් රන්දිනු 2/13, දෙනෙත් පෙරේරා 4/12
කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට ලකුණු 29ක ජයක්.
- 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලිය 26 වැනිදා සිට
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අපරාජිත ව Emerging Nations ශූරියන් වෙයි
- Tajpur මායාකාරයාගේ ප්රාතිහාර්ය ඉනිම
- පළමු පෙළ ශූරතාව වෙස්ලි විද්‍යාලය දිනා ගනී
- 17න් පහළ යොවුන් තරගාවලියේ අනාගත තරු
මහනුවර සහ කොළඹ උතුර අතර තරගය කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – මහනුවර
කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ රමේෂ් ලක්ශාන්. ඔහු පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණ 74ක් ලබා ගන්නවා.
ඔහු මිහිරිඳු විතාරණ සමඟ 1 වැනි කඩුල්ලට පන්දු 66ක දී ලකුණු 84ක සබඳතාවක් එක් කරනවා. එහි දී මිහිරිඳු විතාරණ පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.
ඊට අමතර ව මොහොමඩ් රායිඩ් පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 38ක් ද සහ සෝගිත සෙනෙත් පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ද ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 99ක දී ලකුණු 71ක සබඳතාවක් ද ගොඩ නගනවා.
කඩුලු දවා ගැනීමේ දී චේතින කාවින්ද ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව දිනර විතාන සහ ලයාල් මිබ්ශාන් කඩුලු 2ක් බැගින් ද, සවිඳු අත්තනායක සහ චාමික ප්‍රනාන්දු කඩුල්ල බැගින් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොළඹ උතුර කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ චාමික ප්‍රනාන්දු. ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා. ඊට අමතර ව නායක චේතින කාවින්ද පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී මහනුවර කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යැවූ නායක විනුජ ආයුවර්ධන ලකුණු 17කට කඩුලු 6ක් දවා ගනිමින් මෙතෙක් තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
ඊට අමතර ව යතිශ් ඉඳුවර කඩුලු 2ක් ද, ටී. අස්නි සහ සෝගිත සෙනෙත් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 238 (42.2)මිහිරිඳු විතාරණ 23, රමේෂ් ලක්ශාන් 74, සෝගිත සෙනෙත් 34, මොහොමඩ් රායිඩ් 38, යතිශ් ඉඳුවර නොදැවී 19, ලයාල් මිබ්ශාන් 2/51, චේතින කාවින්ද 3/18, දිනර විතාණ 2/23
- කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 98 (32.1)චේතින කාවින්ද 26, චාමික ප්‍රනාන්දු 27, විනුජ ආයුවර්ධන 6/17, යතිශ් ඉඳුවර 2/08
මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට ලකුණු 140ක ජයක්.
හෙට (28) තරගාවලියේ පළමු විවේක දිනය වන අතර නැවතත් නොවැම්බර් 29 වැනිදා තවත් තරග ද්විත්වයක් ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව
කොළඹ දකුණ සහ මහනුවර කණ්ඩායම් අතර තරගය කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ද ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර තරගය කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















