පාකිස්තාන කනිෂ්ඨ ලීගයට ශ්‍රී ලංකාවෙන් දෙන්නෙක්

පාකිස්තාන කනිෂ්ඨ ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

360

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයින් වන ශෙවෝන් ඩැනියල් සහ ලහිරු දවටගේ, පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන, පාකිස්තාන කනිෂ්ඨ ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව විසින් ශෙවෝන් සහ ලහිරුට අමතරව අංජල බණ්ඩාර, මල්ෂ තරුපති සහ ලහිරු අබේසිංහ ද මෙම තරගාවලිය සඳහා වූ ක්‍රීඩක කෙටුම්පත්කරණය (Player Draft) සඳහා නම් කර තිබුණා. කෙසේ නමුත් ඊයේ පැවති ක්‍රීඩකයින් තෝරාපත් කර ගැනීමේ දී ශෙවාන් සහ ලහිරු පමණක් කණ්ඩායම් හිමිකරුවන් විසින් තෝරාගෙන තිබෙනවා.

කැපී පෙනෙන වමත් පිතිකරුවෙකු වන ශෙවෝන් Gujranwala Giants වෙනුවෙන් තෝරාගෙන ඇති අතර කඩුලු රකින ක්‍රීඩක පිතිකරු ලහිරු Hyderabad Hunters විසින් තෝරාගෙන තිබෙනවා.

මෙම සමාරම්භක ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා Bahawalpur Royals, Gujranwala Giants, Gwadar Sharks, Hyderabad Hunters, Mardan Warriors සහ Rawalpindi Raiders ලෙස කණ්ඩායම් 6ක් සහභාගී වන අතර තරගාවලිය ඔක්තෝබර් 6 වැනිදා සිට 21 වැනිදා දක්වා පාකිස්තානයේ Gaddafi ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ ද උණුසුම් පුවත් ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<