IPL කණ්ඩායම් දෙකකම පුහුණුකරුවන් වෙනස් වෙයි!

8471

2023 IPL තරග වාරයේ දී Sunrisers Hyderabad කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස හිටපු සුපිරි පිතිකරු Brian Lara නම් කර තිබෙනවා. ඒ Tom Moody වෙනුවටයි.

ඒ අතරම Punjab Kings කණ්ඩායම ද සිය පුහුණු කාර්ය මණ්ඩලය වෙනස් කර තිබෙන්නේ  ලෝක කුසලානයක් සඳහා ද කණ්ඩායමක් මෙහෙයවූ Trevor Bayliss සිය පුහුණුකරු ලෙස නම් කරමිනුයි.

Brian Lara පසුගිය වසරේ දී SRH කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස ද කටයුතු කළ අතර මේ ඔහු විස්සයි විස්ස කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන පළමු අවස්ථාවයි.

Moody යටතේ 2013 වසරේ සිට 2019 වසර දක්වා සාර්ථක දස්කම් දක්වන්නට SRH කණ්ඩායම සමත් වූ අතර පස් වතාවක්ම ඔවුන් playoff වටයට පිවිසෙන්නට සමත් වුනා. එමෙන්ම ඔවුන් 2016 වසරේ දී IPL ශූරතාවය ද දිනා ගන්නට සමත් වුනා.

Trevor Bayliss 2020 වසරේ දී SRH කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර 2021 වසරේ දී ඔහුට එම තනතුර අහිමි වුනා.

එංගලන්තයට සිය මංගල එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් Bayliss 2012 හා 2014 වසරවල දී IPL ශූරතාවය දිනූ Kolkata Knight Riders කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කළා.

වසර තුනක් Punjab කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ Anil Kumbleට ඒ අනුව Punjab කණ්ඩායමේ සිය ධූරය අහිමිව තිබෙනවා. ඔහු යටතේ එකදු වරක් හෝ playoff වටයට පිවිසෙන්නට Punjab කණ්ඩායම සමත් වුනේ නැහැ.

2014 වසරේ දී IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට Pubjab සමත් වුනත්, එම තරගයේ ජය හිමි කරගන්නට ඔවුන් සමත් වුනේ නැහැ. “කණ්ඩායම තීරණය කළා Trevor සමඟ ඉදිරියට යන්න, ඔහු ලොව හොඳම පුහුණුකරුවෙක් වගේම ඔහු ඒ බව පෙන්වා තිබෙනවා. කළමනාකාරිත්වය බලාපොරොත්තු වෙනවා ඔහු යටතේ ශූරතාවයක් දිනා ගන්න,” මාධ්‍ය ප්‍රකාශකයෙකු PTI පුවත් සේවය වෙත පවසා තිබුණා.

මේ අතර SRH කණ්ඩායමේ සිය තනතුර අහිමි වුණු Moody, ILT20 තරගාවලියේ Desert Vipers කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි.

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<