Home Sinhala 2016 වික්‍රමය නැවතත් සිහි කරමින් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

2016 වික්‍රමය නැවතත් සිහි කරමින් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

3878

ශ්‍රී ලංකා සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර Derby හිදී පැවති දෙවැනි සිව්දින ටෙස්ට් තරගය ඊයේ (31) ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

ඒ අනුව යොවුන් ටෙස්ට් තරග දෙකකින් සමන්විත මේ තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර මීට පෙර 2016 වසරේ දී පැවති තරගාවලියේ දී ද ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත 19න් පහළ කණ්ඩායමට එරෙහිව 1-0ක් ලෙස ජය ගන්නට සමත් වුනා.

තරගයේ සිව්වැනි දිනය ආරම්භ වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 480ක් ලබාගෙන ප්‍රබල මට්ටමක සිටියේ එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 99ක් ඉදිරියෙන් සිටිමින්.

ඒ වන විට නායක රවීන් පන්දු 177ක දී 4 පහර 7ක් සහ 6 පහරක් එල්ල කරමින් ලකුණු 65*ක් සහ පසුපෙළ පිතිකරු දුවිඳු රණතුංග ලකුණක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

ඔවුන් දෙදෙනා දිනයේ පළමු පැයක පමණ කාලයක් තුල තවත් ලකුණු 41ක් ශ්‍රී ලංකා ලකුණු සටහනට එකතු කරන්නට සමත් වුනා. නමුත් පන්දු 197ක් තුල 4 පහර 7ක් සහ 6 පහරක් සමඟ ලකුණු 75ක් ලබා ගත් රවීන්ගේ දැවී යාමත් සමඟම එම සබඳතාවය බිඳ වැටුණා.

ඉනිමේ පසුපෙළ සවිමත් කළ අංක 10 පිතිකරු රණතුංග 4 පහර 8ක් සහ 6 පහර 2ක් සමඟ ලකුණු 54ක් ලබා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා පළමු ඉනිම දැවැන්ත ලකුණකට රැගෙන යන්නට හැකියාව ලැබුණා.

අවසානයේ දී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 542ක් ලබා ගත්තේ එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 161ක පළමු ඉනිමේ වාසියක් ද සහිතවයි. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන Yousef Majd කඩුලු 3ක් දවා ගත්තා.

එංගලන්ත දෙවැනි ඉනිම ආරම්භ කළ Harry Singh සහ Ben McKinney පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 79ක සාර්ථක සහ ස්ථාවර ආරම්භයක් ලබා දුන්නා. පා දඟපන්දු යවන රවීන් ඔවුන් දෙදෙනාවම ක්‍රීඩාගාරයට හරවා යැවීමෙන් පසුව ද එංගලන්ත මුල්පෙළ පිතිකරුවන් වුනු Ross Whitfield සහ කඩුලු රකින පිතිකරු James Rew පිළිවෙළින් ලකුණු 63ක් සහ නොදැවී ලකුණු 34*ක් ලබාගෙන ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව යම් පීඩනයක් ගොඩනැංවූවා.

Matthew Hurst සහ James Sales ඉක්මනින් දැවී යාමත් සමඟම ශ්‍රී ලංකාවට වැඩි වාසියක් හිමිවුණු නමුත් Tom Lawes සහ James 6 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 60*ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ මැදපෙළ කඩුලු බිඳ වැටීමේ වේගය අඩාල කළා.

අවසානයේ දී මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් තරගයේ සහ තරගාවලියේ වැඩි ගෞරවය දිනා ගන්නට ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයින් සමත් වීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී එංගලන්ත දෙවැනි ඉනිමේ දැවී ගිය කඩුලු 5ම දඟපන්දු යවන්නන් විසින් දවා ගැනීම කැපී පෙනුණු අතර එහි දී රවීන් කඩුලු 3ක් දවා ගන්නා විට, ශෙවෝන් ඩැනියල් සහ වනුජ සහන් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

Result

Match drawn

England U19
381/10 (122.2) & 249/5 (59.4)

Sri Lanka U19
542/10 (157.1)

Batsmen R B 4s 6s SR
Harry Singh b sahan mihira 104 304 6 0 34.21
Ben McKinney c Asitha Wanninayake b Wanuja Sahan 22 34 3 0 64.71
Ross Whitfield c & b Wanuja Sahan 2 8 0 0 25.00
James Rew c Lahiru Dewatage b Duvindu Ranatunga 9 22 2 0 40.91
Matthew Hurst c Lahiru Dewatage b sahan mihira 116 189 11 0 61.38
Bertie Foreman c Raveen de Silva b Duvindu Ranatunga 10 29 1 0 34.48
James Sales b Vinuja Ranpul 52 66 6 0 78.79
Tom Lawes run out (Duvindu Ranatunga) 10 22 1 0 45.45
Stanley McAlindon c & b Raveen de Silva 20 41 2 0 48.78
Benjamin Cliff c Lahiru Dewatage b Raveen de Silva 2 11 0 0 18.18
Yousef Majid not out 11 12 2 0 91.67


Extras 23 (b 11 , lb 6 , nb 4, w 2, pen 0)
Total 381/10 (122.2 Overs, RR: 3.11)
Bowling O M R W Econ
Vinuja Ranpul 18 1 81 1 4.50
Duvindu Ranatunga 23 4 58 2 2.52
sahan mihira 19 4 75 2 3.95
Wanuja Sahan 31 8 67 2 2.16
Raveen de Silva 23.2 4 56 2 2.41
Shevon Daniel 1 0 2 0 2.00
Asitha Wanninayake 7 1 25 0 3.57
Batsmen R B 4s 6s SR
Asitha Wanninayake b Tom Lawes 4 14 1 0 28.57
Abisheak Liyanaarachchi run out (Bertie Foreman) 49 91 8 0 53.85
Shevon Daniel c Harry Singh b Benjamin Cliff 155 237 25 1 65.40
Pawan Pathiraja c James Rew b Benjamin Cliff 55 155 9 0 35.48
Ranuda Somarathne c Benjamin Cliff b Bertie Foreman 37 67 7 0 55.22
Raveen de Silva lbw b Yousef Majid 74 197 7 1 37.56
Lahiru Dewatage b James Sales 0 6 0 0 0.00
Vinuja Ranpul c Ben McKinney b Yousef Majid 65 108 7 2 60.19
Wanuja Sahan c James Sales b Bertie Foreman 2 10 0 0 20.00
Duvindu Ranatunga c James Sales b Yousef Majid 54 58 8 2 93.10
sahan mihira not out 0 1 0 0 0.00


Extras 47 (b 10 , lb 22 , nb 3, w 12, pen 0)
Total 542/10 (157.1 Overs, RR: 3.45)
Bowling O M R W Econ
Benjamin Cliff 28 3 94 2 3.36
Tom Lawes 18 3 50 1 2.78
Stanley McAlindon 12 1 62 0 5.17
James Sales 20 4 53 1 2.65
Yousef Majid 36.1 10 104 3 2.88
Bertie Foreman 41 8 139 2 3.39
Ben McKinney 2 0 8 0 4.00


Batsmen R B 4s 6s SR
Harry Singh c Asitha Wanninayake b Raveen De Silva 25 57 2 0 43.86
Ben McKinney lbw b Raveen de Silva 74 104 9 0 71.15
Ross Whitfield st Lahiru Dewatage b Shevon Daniel 63 46 5 4 136.96
James Rew not out 34 77 4 0 44.16
Matthew Hurst lbw b Wanuja Sahan 6 14 0 0 42.86
James Sales b Raveen de Silva 1 6 0 0 16.67
Tom Lawes not out 33 55 3 0 60.00


Extras 13 (b 0 , lb 8 , nb 1, w 4, pen 0)
Total 249/5 (59.4 Overs, RR: 4.17)
Bowling O M R W Econ
Duvindu Ranatunga 4 0 26 0 6.50
Wanuja Sahan 17 4 52 1 3.06
sahan mihira 10 0 48 0 4.80
Raveen de Silva 22 2 83 3 3.77
Shevon Daniel 6 0 31 1 5.17
Ranuda Somarathne 0.4 0 1 0 2.50




දෙරට අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සැප්තැම්බර් 5 වැනිදා Worcester හිදී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම..

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<