දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව අසුනට තියුණු සටනක්

357

පාසල් මහා ක්‍රිකට් තරගවල උණුසුම ක්‍රමයෙන් අඩුවී යත්ම ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් පිටිය තවදුරටත් උණුසුම් කරවන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරගය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර අද (27) පනාගොඩ යුද හමුදා පිටියේ දී පැවැත්විය.

කිශාන් සහ සාන්ත තෝමසුවෝ ක්‍රිකට් ඉතිහාසය නැවත ලියයි

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය තම 140 වසරක ක්‍රිකට් දිවියේ ලකුණු 500ක් ඉක්මවූ ප්‍රථම අවස්ථාව වාර්තා කරමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්…

තරගයේ කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමර විද්‍යාලයේ නායක සුවත් මෙන්ඩිස් පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අවසරයෙන් පිටියට පැමිණි සාන්ත ජෝසප් විද්‍යාල පළමු කඩුලු කිහිපය ඉතාමත් ඉක්මනින් බිඳ වැටුණි. එය එසේ සිදු වූවත් ඔවුන්ගේ මැදපෙළ ස්ථාවර කළ වමතින් පිතිකරණයේ නිරත වන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන දුනිත් වෙල්ලාලගේ ලබා ගත් වටිනා අර්ධ ශතකය නිසාවෙන් සාන්ත ජෝසප් පළමු ඉනිම යම් මට්ටමකට ඔසවා තබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි.

ඊට අමතරව සාන්ත ජෝසප් විද්‍යාලයේ ආරම්භක පිතිකරුවෙක් වන කණ්ඩායම් උපනායක ජොහෑන් ද සිල්වා 4 පහර 4ක් සමඟ ලකුණු 43ක් ලබා ගත්තේ සාන්ත ජෝසප් පළමු ඉනිමේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. සාන්ත පීතර සාන්ත ජෝසප් එක්දින මහා ක්‍රිකට් තරගයේ දී අගනා පිතිකරණ දක්ෂතාවයක් පෙන්නුම් කළ දකුණතින් පිතිකරණයේ නිරත වන ලක්ෂාන් ගමගේ වේල්ස් කුමර විද්‍යාල පන්දු යවන්නන් හමුවේ ලකුණු 31කට සීමාව සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

නායක අශේන් ඩැනියෙල් හා ශෙවෝන් ඩැනියෙල් පිළිවෙළින් ලකුණු 28ක් හා ලකුණු 29ක් රැස්කර ගනිමින් සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිමේ පසුපෙළ ද සවිමත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 235ක් වාර්තා කරගත්තේ පන්දුවාර 79කුත් පන්දු 3කට මුහුණ දෙමිනි.

මාලිංගගේ IPL ගමනට වීසා ලැබෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට…

පන්දු යැවීමේ දී ලක්ෂාන් පෙරේරා හා වමතින් දඟපන්දු යවන කෞමාල් නානායක්කාර වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3 බැගින් දවා ගත්තේය. දකුණතින් පා දඟපන්දු යවන නායක සුවත් මෙන්ඩිස් කඩුලු 2යි.

ලකුණු 236ක පළමු ඉනිමේ ඉලක්කය හඹා යාමේ අරමුණ ඇතිව පළමු දිනයේ සවස් භාගයේ දී පිටියට පැමිණි වේල්ස් කුමර මුල්පෙළ පිතිකරුවන් හට දැඩි අභියෝගයක් හා ප්‍රබල පීඩනයක් එල්ල කරමින් පන්දු යැවීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් විය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක, නිමා වූ සාන්ත පීතර – සාන්ත ජෝසප් එක්දින මහා ක්‍රිකට් තරගයේ දී ශතකයක් ලබාගෙන සාන්ත ජෝසප් විද්‍යාලයට ජය මාවත විවර කර දුන් දකුණතින් මද වේගපන්දු යවන ලක්ෂාන් ගමගේ තරගයේ පළමු දිනය අවසානයේ ලකුණු 8කට කඩුලු 4ක් දවා ගනිමින් පළමු දිනය අවසානයේ සාන්ත ජෝසප් විද්‍යාලයට තරගයේ වැඩි වාසිය හිමිකර දීමට සමත්කම් දක්වන ලදි.

Photos: S.Thomas’ College vs Mahinda College | U19 Cricket Tournament 2018/19 | QF

තරගයේ පළමු දිනයේ නිමාව සටහන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි වේල්ස් කුමර විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 25ක් ලබාගෙන සිටින්නේ සාන්ත ජෝසප් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 205ක් පසුපසින් සිටිමිනි.

වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා මේ වන විට මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සුදුසුකම් ලබාගෙන සිටින අතර හෙට (28) දිනයේ මේ තරගය ජය ගන්නා කණ්ඩායම අවසන් පූර්ව තරගයේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමඟින් තරග වදිනු ඇත.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 235/10 (79.3): දුනිත් වෙල්ලාලගේ 56, ජොහෑන්  ද සිල්වා 43, සචින්ත මහින්දසිංහ 31, ශෙවෝන් ඩැනියල් 29, අශේන් ඩැනියල් 28, ලක්ෂාන් පෙරේරා 3/35, කෞමාල් නානායක්කාර 3/87, සුවත් මෙන්ඩිස් 2/43.

වේල්ස් කුමාර විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 25/4 (20): ලක්ෂාන් ගමගේ 4/08

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<