ඕස්ට්‍රේලියා මැදපෙළ පිතිකරුවෙකුත් සංචිතයෙන් ඉවතට

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

428
TRavis-Head

පාදයේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරු Travis Head හට ශ්‍රී ලංකාව සමඟ අද (24) ආරම්භ වීමට නියමිත අවසන් එක්දින තරගය අහිමි වන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති සිව්වැනි එක්දින තරගයේ දී Head ආබාධයට ලක්වූ බව ඕස්ට්‍රේලියා නායක Aaron Finch තහවුරු කර සිටියා.

“ඔහු ටෙස්ට් තරගවලට කොහොම වෙයි ද මම දන්නේ නැහැ. ඒත් ඔහු අනිවාර්යයෙන්ම හෙට තරගයට නැහැ”, යැයි Finch ප්‍රකාශ කළා.

එම ආබාධයත් සමඟ Headට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය අහිමි වීමේ අවදානමත් සමඟ තුන් ඉරියව් ක්‍රීඩක Glenn Maxwell ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක්ම ආබාධවලට ගොඳුරු වූ අතර ප්‍රධාන ක්‍රීඩකයින් වූ Steven Smith, Michael Starcට තරගාවලියේ තරග කිහිපයක්ම ඔවුන්ට අහිමි වුනා.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති එක්දින තරගාවලිය 3-1ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වූ අතර පස්වැනි සහ අවසන් එක්දින තරගය අද (24) පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<