බංග්ලාදේශය වසර 5කට පසුව දකුණු අප්‍රිකාවට

බංග්ලාදේශ කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2022

183

සංචාරක බංග්ලාදේශ සහ සත්කාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම් අතර එක්දින තරග තුනකින් සහ ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියක් පැවැත්වෙන බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පවසා සිටිනවා.

තරගාවලිය මාර්තු 18 වැනිදා සිට අප්‍රේල් 12 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි. මෙහි එක්දින තරග තුන 2020-2023 ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට ඇතුළත් වන අතර මෙහි ටෙස්ට් තරග දෙක 2021-2023 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් වෙනවා.

තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු එක්දින තරගය මාර්තු 18 වැනිදා Centurion හිදී පැවැත්වීමට නියමිත අතර දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිළිවෙළින් මාර්තු 20 සහ 23 වැනිදා Johannesburg හිදී සහ Centurion හිදී පැවැත්වීමට නියමිතයි.

මාර්තු 31 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය Durban හිදී ද, දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අප්‍රේල් 8 වැනිදා සිට 12 වැනිදා දක්වා Gqeberha හිදී පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමක් මින් පෙර 2017 වසරේ දී දකුණු අප්‍රිකාවේ සංචාරය කළ අතර එහි දී එක්දින තරගාවලිය 3-0ක් ලෙස සහ ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා.

තරගාවලියේ තරග කාලසටහන,

  • පළමු එක්දින තරගය – මාර්තු 18 – Centurion හිදී
  • දෙවැනි එක්දින තරගය – මාර්තු 20 – Johannesburg හිදී
  • තෙවැනි එක්දින තරගය – මාර්තු 23 – Centurion හිදී
  • පළමු ටෙස්ට් තරගය – මාර්තු 31 – අප්‍රේල් 4 – Durban හිදී
  • දෙවැනි ටෙස්ට් තරගය – අප්‍රේල් 8 – අප්‍රේල් 12 – Gqeberha හිදී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<