Home Sinhala ඉන්දීය ක්‍රීඩිකාවන් තරගාවලියේ පෙරමුණට

ඉන්දීය ක්‍රීඩිකාවන් තරගාවලියේ පෙරමුණට

ඉන්දීය කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

199

සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (23) ආරම්භ වූ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 34ක ජයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වුනා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්

  • ඉන්දීය කාන්තා කණ්ඩායම: Smriti Mandhana, Shafali Verma, Sabbhineni Meghana, Jemimah Rodrigues, Harmanpreet Kaur (c), Richa Ghosh (wk), Deepti Sharma, Pooja Vastrakar, Renuka Singh, Radha Yadav, Rajeshwari Gayakwad
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම: Chamari Athapaththu (c), Vishmi Gunaratne, Harshitha Madavi, Kavisha Dilhari, Nilakshi de Silva, Anushka Sanjeewani (wk), Inoka Ranaweera, Ama Kanchana, Oshadi Ranasinghe, Sugandika Kumari, Udeshika Prabodhani

ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ ආරම්භයට තර්ජනයක් එල්ල කළ ඕෂදී රණසිංහ විසින් Smriti Mandhana එක් ලකුණකට සහ Sabbhineni Meghana ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කරන්නට සමත් වුනා.

තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 39ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව Shafali Verma ලකුණු 31කට සහ Harmanpreet Kaur ලකුණු 22කට පිටියෙන් ඉවත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 58ක් වන විටයි.

Richa Ghosh ලකුණු 11කට පිටියෙන් ඉවත්වූවත් Jemimah Rodrigues නොදැවී ලබා ගත් ලකුණු 36 නිසාවෙන් පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 138ක් රැස් කරන්නට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වුනා.

ලකුණු 139ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිසිවි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් වූ විශ්මි ගුණරත්න එක් ලකුණකට සහ නායිකා චමරි අතපත්තු ලකුණු 16කට පිටියෙන් ඉවත් වුනා.

හර්ෂිතා මාධවී හට ද වැඩි වෙලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ ලබා නොදුන් ඉන්දීය ක්‍රීඩිකාවන් ඇයව ලකුණු 10කට පිටියෙන් ඉවත් කළේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 27ක් වන විටයි.

ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 54ක් වන විට නිලක්ෂි ද සිල්වා ලකුණු 8කට දැවී ගියේ Pooja Vastrakarගේ පන්දුවක් හමුවේයි.

අමා කාංචනා ලකුණු 11 ලබා සිටිය දී දැවී ගිය අතර සටන්කාමී ඉනිමක් දියත් කළ කවීෂා ඩිල්හාරි ලකුණු 47ක් රැස් කළත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් වුනේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලබා ගත්තේ ලකුණු 104ක් වන අතර ඒ සමඟින් ඉන්දීය ක්‍රීඩිකාවන්ට ලකුණු 34ක ජයක් හිමි වුනා. ඒ සමඟින් තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ දිනා ගන්නට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වුනා.

Result


Sri Lanka Women
104/5 (20)

India Women
138/6 (20)

Batsmen R B 4s 6s SR
Shafali Verma c Nilakshi de Silva b Chamari Athapaththu 31 31 4 0 100.00
Smriti Mandhana c Chamari Athapaththu b Oshadi Ranasinghe 1 6 0 0 16.67
S Meghna c Chamari Athapaththu b Oshadi Ranasinghe 0 1 0 0 0.00
Harmanpreet Kaur lbw b Inoka Ranaweera 22 20 3 0 110.00
Jemimah Rodrigues not out 36 27 3 1 133.33
Richa Ghosh st Anushka Sanjeewani b Inoka Ranaweera 11 15 1 0 73.33
Pooja Vastrakar b Inoka Ranaweera 14 12 2 0 116.67
Deepti Sharma b 17 8 3 0 212.50


Extras 6 (b 0 , lb 1 , nb 0, w 5, pen 0)
Total 138/6 (20 Overs, RR: 6.9)
Bowling O M R W Econ
Udeshika Prabodhani 4 0 21 0 5.25
Sugandika Kumari 3 0 18 0 6.00
Oshadi Ranasinghe 3 0 22 2 7.33
Ama Kanchana 1 0 8 0 8.00
Inoka Ranaweera 4 0 30 3 7.50
Chamari Athapaththu 2 0 7 1 3.50
Kavisha Dilhari 3 0 31 0 10.33


Batsmen R B 4s 6s SR
Vishmi Gunaratne lbw b Deepti Sharma 1 5 0 0 20.00
Chamari Athapaththu c Rajeshwari Gayakwad b Poonam Yadav 16 19 2 0 84.21
Harshitha Madavi c Deepti Sharma b Poonam Yadav 10 17 1 0 58.82
Kavisha Dilhari not out 47 49 6 0 95.92
Nilakshi de Silva c Harmanpreet Kaur b Pooja Vastrakar 8 11 1 0 72.73
Ama Kanchana st Richa Ghosh b Shafali Verma 11 10 1 0 110.00
Anushka Sanjeewani not out 10 8 1 0 125.00


Extras 1 (b 0 , lb 1 , nb 0, w 0, pen 0)
Total 104/5 (20 Overs, RR: 5.2)
Bowling O M R W Econ
Renuka Singh 4 0 25 0 6.25
Deepti Sharma 3 1 9 1 3.00
Radha Yadav 4 0 22 2 5.50
Pooja Vastrakar 4 1 12 1 3.00
Rajeshwari Gayakwad 1 0 7 0 7.00
Harmanpreet Kaur 2 0 17 0 8.50
Shafali Verma 2 0 10 1 5.00



තරගාවලියේ දෙවැනි විස්සයි විස්ස තරගය එළඹෙන 25 වැනිදා දඹුල්ලේ දී ම පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සජීව විකාශය ලොව වටා ප්‍රේක්ෂකයින්ට ලබා දෙන්නට ThePapare.com ඉදිරිපත් වී සිටිනවා. තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<