මුරලි සහ කළුවිතාරණ Manipal Tigers කණ්ඩායමට

Legends ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

3304

ලෝක ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ප්‍රවීණ ක්‍රීඩකයින් සඳහා පැවැත්වීමට නියමිත Legends ලීග් ක්‍රිකට් තරගාවලියේ Manipal Tigers සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන් සහ රොමේෂ් කළුවිතාරණ ගිවිසුම් ගත කරගෙන තිබෙනවා.

මෑත කාලයේ තරමක් අවධානයක් දිනා ගත් Legends පිටියේ නවතම තරගාවලිය වන මෙය මෙම මස 16 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඉන්දීය හිටපු දඟපන්දු යවන ක්‍රීඩක Harbhajan Singh මූලිකත්වය දරන මෙම කණ්ඩායමට කොදෙව් දේශයේ බිහි වූ විශිෂ්ට නායකයෙකු මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Daren Sammy ද ඇතුළත්.

එමෙන්ම මෙම කණ්ඩායම සඳහා නවසීලන්ත ක්‍රීඩක Corey Anderson, හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක Imran Tahir, ඕස්ට්‍රේලියානු හිටපු වේගපන්දු යවන ක්‍රීඩක Brett Lee සහ දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක Lance Klusener වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්ව සිටිනවා.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන Manipal Tigers කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් එම කණ්ඩායමේ ප්‍රධාන නිලධාරියෙකු වන Raman Raheja ප්‍රකාශ කළේ,

“මෙම කණ්ඩායම මේ වන විට ක්‍රීඩකයින් 13 දෙනෙකු ගිවිසුම් ගත කරගෙන තියෙනවා වගේම තවත් මුදල් ඉතිරියි. ඒ වගේම ඔවුන්ට ඕන තවත් ක්‍රීඩකයින් කණ්ඩායමට එකතු කර ගන්න වගේම විස්සයි විස්ස පිටියේ ප්‍රයෝජනවත් ක්‍රීඩකයින් කණ්ඩායම හා සම්බන්ධ කරගන්න.”

එමෙන්ම මෙම කණ්ඩායමේ පුහුණුකාර ධුරය සඳහා ලෝක කුසලාන දිනූ පුහුණුකරුවෙකු වන John Buchanan එක් කර ගැනීමට ද කණ්ඩායම කටයුතු කර තිබුණා.

කණ්ඩායම් හතරක් සහභාගී වන මෙම තරගාවලියට තරග 16ක් ඇතුළත් වන අතර තරග සැප්තැම්බර් 17 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<