ලෝක කුසලානයට එන ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් ම රැඳෙන ක්‍රීඩකයින්

1212

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත කණ්ඩායම් දහයේ ම ක්‍රීඩකයින් අරින් ශ්‍රේණිගත කිරීම් හි ඉහළින් ම රැඳෙන ක්‍රීඩකයින් පිළිබඳ විමසා බැලීමක් සිදු කරමු.

ඇෆ්ගනිස්තානය

හිටපු ඇෆ්ගන් නායක Mohammad Nabi එක්දින තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් හි දෙවැනි ස්ථානයේ රැඳීමට සමත් වන අතරේ ඇෆ්ගන් පන්දු යවන්නන් දෙදෙනෙකු ම පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දහයේ වැජඹීම විශේෂත්වයක්.

පන්දු යවන්නන් අතරින් Mujeeb Ur Rahman තුන්වැනි තැන රැඳෙද්දී, Rashid Khan සිව්වැනි ස්ථානයේ රැඳීමට සමත් වෙනවා.

  • පිතිකරුවා: Ibrahim Zardan (18 වැනි ස්ථානය)
  • පන්දු යවන්නා: Mujeeb Ur Rahman (3)
  • තුන් ඉරියව් ක්‍රීඩකයා: Mohammad Nabi (2)

ඕස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියාවේ Josh Hazelwood පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල අංක දෙක ස්ථානයේ රැඳෙනවා වගේම තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල 14 වැනි ස්ථානයත් තහවුරු කර ගන්නත් ඔහු සමත් වෙන්නේ ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩකයින් අතරෙන් ඉහළම තැන රැඳෙමින්. ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් විදිහට Adam Zampa සහ Mitchell Starc දෙදෙනාත් ශ්‍රේණිගත කිරීම්වල මුල් දහ දෙනා අතරේ රැඳෙනවා.

නමුත් පිතිකරණ අංශයෙන් ශ්‍රේණිගත කිරීම්වල මුල් දහය අතරේ රැඳෙන්නේ David Warner පමණයි.

  • පිතිකරුවා: David Warner (6)
  • පන්දු යවන්නා: Josh Hazelwood (2)
  • තුන් ඉරියව් ක්‍රීඩකයා: Josh Hazelwood (14)

බංග්ලාදේශය:

මෙවර ලෝක කුසලානයේ බංග්ලාදේශය සතු ප්‍රධානතම අවිය වගේම ඔවුන්ගේ වත්මන් නායක Shakib Al Hasan තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳෙන්න සමත් වෙනවා. ඒ වගේම සිය පස්වැනි ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන Shakib මේ වන විට පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වලත් බංග්ලාදේශය වෙනුවෙන් ඉදිරියෙන් ම රැඳෙන ක්‍රීඩකයා ලෙසයි සටහන් වෙන්නේ.

පිතිකරණය අංශයෙන් නම් බංග්ලාදේශය තරමක් පහළට බැහැපු බවක් පෙනෙන්නේ ඔවුන් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ලබපු ඉහළම ස්ථානය 21 වීමෙන්.

  • පිතිකරුවා: Mushfiqur Rahim (21)
  • පන්දු යවන්නා: Shakib Al Hasan (17)
  • තුන් ඉරියව් ක්‍රීඩකයා: Shakib Al Hasan (1)

එංගලන්තය

මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කරාවි කියලා බොහෝ දෙනෙක් විසින් අනුමාන කරන කණ්ඩායමක් වෙන එංගලන්තය සංචිතයේ එකම ක්‍රීඩකයෙක් වත් ශ්‍රේණිගත කිරීම්වල මුල් දස දෙනා අතරේ නොමැති වීම පුදුමය උපදවන කරුණක්.

Dawid Malan ඔවුන්ගේ ඉහළම පිතිකරුවා විදිහට රැඳෙද්දී, පන්දු යැවීම සහ තුන් ඉරියව් අංශවලින් ඉදිරියෙන් ම ඉන්නේ 2019 එක්දින ලෝක කුසලානයෙත් විශිෂ්ට දක්ෂතා පෙන්වපු Chris Woakes විසින්.

  • පිතිකරුවා: Dawid Malan (14)
  • පන්දු යවන්නා: Chris Woakes (12)
  • තුන් ඉරියව් ක්‍රීඩකයා: Chris Woakes (සම 11)

ඉන්දියාව

මෙවර ලෝක කුසලානයට සහභාගී වෙන කණ්ඩායම් අතුරින් අංශ තුනෙන් ම ශ්‍රේණිගත කිරීම්වල මුල් දහය අතරේ ක්‍රීඩකයින් රැඳෙන එකම කණ්ඩායම බවට පත් වෙන්න සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වෙනවා.

මේ වන විට ලොව අංක එකේ පන්දු යවන්නා ලෙස Mohammed Siraj රැඳෙද්දී එම ශ්‍රේණිගත කිරීම් වල ම 10 වැනි ස්ථානයේ රැඳෙන්න Kuldeep Yadav විසින් සමත් වෙලා තියෙනවා. මේ අතරේ ඉන්දීය යොවුන් පිතිකරු Shubman Gill පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි දෙවැනි ස්ථානය තහවුරු කර ගනිද්දී, සුපිරි පිතිකරු Virat Kohli ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානයේ රැඳෙන්න සමත් වෙනවා.

තුන් ඉරියව් අංශයෙන් Hardik Pandya ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල මුල් ක්‍රීඩකයින් දස දෙනා අතරේ රැඳෙනවා.

  • පිතිකරුවා: Shubman Gill (2)
  • පන්දු යවන්නා: Mohammed Siraj (1)
  • තුන් ඉරියව් ක්‍රීඩකයා: Hardik Pandya (7)

නෙදර්ලන්තය

මෙවර තරගාවලියට සහභාගී වෙන නෙදර්ලන්ත කණ්ඩායමේ Scott Edwards, Logan Van Beek සහ Bas De Leede තමයි එක් එක් අංශ වලින් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් ම රැඳෙන ක්‍රීඩකයින් වෙන්නේ.

  • පිතිකරුවා: Scott Edwards (39)
  • පන්දු යවන්නා: Logan Van Beek (51)
  • තුන් ඉරියව් ක්‍රීඩකයා: Bas De Leede (49)

නවසීලන්තය:

මෑත කාලීන ව ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත් සාර්ථක ම කණ්ඩායමක් ලෙස සැලකිය හැකි නවසීලන්තයේ Trent Boult සහ Matt Henry යන වේගපන්දු යවන්නන් දෙදෙනා ම පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දහය අතරේ රැඳෙන්න සමත් වෙනවා.

නමුත් මේ අතරේ නවසීලන්ත පිතිකරුවන් අතරින් ඉහළම ශ්‍රේණිගත කිරීම් ස්ථානය ලබා ගන්න සමත් වෙලා තියෙන්නේ ඔවුන්ගේ නායක Kane Williamson විසින්. විශේෂත්වය තමයි ඔහු රැඳෙන්නේ ශ්‍රේණිගත කිරීම්වල 28 වැනි ස්ථානයේ වීම.

  • පිතිකරුවා: Kane Williamson  (28)
  • පන්දු යවන්නා: Trent Boult (5)
  • තුන් ඉරියව් ක්‍රීඩකයා: Mitchell Santner (සම 11)

පාකිස්තානය:

පාකිස්තාන නායක Babar Azam විසින් දැනට ලොව අංක එකේ පිතිකරු ලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් ම රැඳෙද්දී Fakhar Zaman මෙහි 10 වැනි ස්ථානයේ රැඳෙනවා.

මේ අතරේ පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Shah Afridi පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල මුල් දහ දෙනා අතරේ රැඳෙද්දී, ඔවුන්ගේ තුන් ඉරියව් ක්‍රීඩක Shadab Khan තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්වල 13 වැනි ස්ථානය ලබා ගනිමින් පාකිස්තානුවන් අතරින් ඉහළම තැන රැඳනවා.

  • පිතිකරුවා: Babar Azam (1)
  • පන්දු යවන්නා: Shaheen Shah Afridi (8)
  • තුන් ඉරියව් ක්‍රීඩකයා: Shadab Khan (13)

දකුණු අප්‍රිකාව:

දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගෙන් මෙවර ලෝක කුසලානයේ දී ප්‍රතිවාදී පන්දු යවන්නන් හට බර අවි ප්‍රහාර එල්ල වේවි කියලා අනුමාන කරන්න පුළුවන්. මොකද මේ වන විටත් ඔවුන්ගේ පිතිකරුවන් තිදෙනෙක් ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් දහ දෙනා අතරේ (Rassie Van der Dussen, Quinton de Kock සහ Heinrich Klaasen) රැඳීම නිසා.

පන්දු යැවීමෙන් මෙවර තරගාවලියේ ඉහළම ශ්‍රේණිගත කිරීම් ලද දකුණු අප්‍රිකානුවා ලෙස සටහන් වෙන්නේ Keshav Maharajගේ නම.

  • පිතිකරුවා: Rassie Van der Dussen (3)
  • පන්දු යවන්නා: Keshav Maharaj (14)
  • තුන් ඉරියව් ක්‍රීඩකයා: Adien Markram (සම 23)

ශ්‍රී ලංකාව

දැනට ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්වල මොනම අංශයකින් හෝ මුල් 10 දෙනා අතරේ රැඳෙන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන වනිඳු හසරංගට (තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම් 10 වැනි ස්ථානය) මෙවර ලෝක කුසලානය අවාසනාවන්ත ලෙස අහිමි වෙනවා. මේ නිසා මෙවර ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් බලාපොරොත්තුව බවට පත් වෙන්නේ ශ්‍රේණිගත කිරීම් හි 17 වැනි ස්ථානයේ රැඳෙන ධනංජය ද සිල්වා.

ඒ වගේම පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් ම රැඳෙන ශ්‍රී ලාංකිකයා වෙන්නේ මහීෂ් තීක්ෂණ. මෙවර ලෝක කුසලානයේ දී මහීෂ්ට සිය උපරිමය කණ්ඩායමට ලබා දෙන්න ඉඩ ලැබේ වී කියලා අපි බලාපොරොත්තු වෙමු.

මේ අතරේ චරිත් අසලංක තමයි එක්දින පිතිකරුවන් අතරින් ඉදිරියෙන් ම (27) රැඳෙන ශ්‍රී ලාංකිකයා වෙන්නේ. ඒ වගේම පැතුම් නිස්සංකත් චරිත් අසලින් ම (28) ශ්‍රේණිගත කිරීම්වල රැඳෙන්න සමත් වෙලා තියෙනවා.

  • පිතිකරුවා: චරිත් අසලංක (27)
  • පන්දු යවන්නා: මහීෂ් තීක්ෂණ (16)
  • තුන් ඉරියව් ක්‍රීඩකයා: ධනංජය ද සිල්වා (17)

සමහර විට මෙම ශ්‍රේණිගත කිරීම් මෙවර ලෝක කුසලානය අවසන් වෙද්දී වෙනස් වෙලා තියේවී, ඒ වගේම ලෝක ශ්‍රේණිගත කිරීම් කියන්නේ කණ්ඩායමක ශක්තිය මැන ගැනීමේ ප්‍රධානතම සාධකයක් ද කියලත් අනිවාර්යයෙන් ම ලෝක කුසලානය නිමා වෙද්දී වටහා ගන්න හැකියාව ලැබේ වී.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<