ඉදිකිරීමට යෝජිත නව ක්‍රිකට් පිටියට කිසිදු ජනතා මුදලක් නැහැ

120
SLC issues clarification

ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුව සියලු පහසුකම් සහිතව හෝමාගම ඉදි කිරීමට නියමිත ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා කිසිදු මහජන බදු මුදලක් වැය නොවන බවත්, එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ව සිදු කරන ආයෝජනයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (18) පවසා සිටියේය.

>> පුංචි ශ්‍රී ලංකාවේ ලොකු ක්‍රිකට්වලට තවත් ක්‍රීඩාංගණයක්

දිවා/රාත්‍රි තරග පැවැත්වීමට හැකි ලෙස නිර්මාණය වෙන මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සැලසුමට අනුව මෙහි දී ප්‍රේක්ෂකයින් 40,000ක් සඳහා එක්වර තරගයක් නැරඹීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකාව තුල තිබෙන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණ වන කොළඹ ආර්. ප්‍රේමදාස, මහනුවර පල්ලෙකැලේ සහ හම්බන්තොට සූරියවැව යන ක්‍රිකට් ක්‍රීඩාංගණවල එකවර තරගයක් නැරඹීමට හැකියාව ඇත්තේ ප්‍රේක්ෂකයින් 35,000ක් සඳහා පමණි. 

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයටම අයත් ඉඩමෙන් අක්කර 26ක් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට ලබා දුන් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එක්ව එම භූමිය තුල නව ක්‍රිකට් ක්‍රීඩාංගණයක් නිර්මාණය කරමින් මේ ආයෝජනය සිදු කරනු ලැබේ.

2006 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියෙන් වසර 30ක බද්ධකට ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරන අතර ඒ ලබා දුන් බදු මුදලට සාපේක්ෂව හොඳ ආදායමක් ලබා ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ මුදල තවදුරටත් එම ක්‍රීඩා පිටියේ සංවර්ධනය සඳහාම ආයෝජනය කරමින් මෑත කාලය තුල එහි විශාල නවීකරණ කටයුතු රැසක් සිදු කරමින් පවතින බවත් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයක් ද එහි අන්තර්ගතව තිබෙන බවත් වාර්තා වෙයි.

සැලකිය යුතු කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් සඳහා තරග නැරඹීමට හැකි ප්‍රමාණයේ ක්‍රීඩා පිටියක් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන් වලට අනුව ඉදිකිරීම සඳහා කොළඹ ප්‍රදේශය ආසන්නයේම ඉඩක් වෙන් කර ගැනීම වෙනුවෙන් දැඩි වෙහෙසක් දරා ඇත. 

එයට පිළිතුරක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා භූමියේ අක්කර 26ක භූමි ප්‍රමාණයක් මේ වෙනුවෙන් ලබා දී තිබෙන බවත්, එම භූමිය තුල ICC සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව ආයෝජනයක් සිදු කරමින් ඉදිරියේ දී ක්‍රිකට් ප්‍රේක්ෂකයින් තව තවත් මේ ක්‍රීඩාව සඳහා ඈඳා ගැනීම වෙනුවෙන් මේ ක්‍රිකට් පිටියේ ඉදි වේ.

>> Video – “ලෝකයේ ක්‍රිකට් ඉදිරියේ දී ගොඩක් වෙනස් වෙයි” – සංගක්කාර

ක්‍රම ක්‍රමයෙන් ලොව පුරාම ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වැඩි වන ඉල්ලුම සහ විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටි ආකෘතිවල ජනප්‍රියතාවය සැලකිල්ලට ගෙන, නාගරික පරිසරයක් තුළ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක විශාල ජනකායක් සපුරාලීමේ අවශ්‍යතාවය සඳහා මේ ස්ථානය ඉතාමත් උචිත බව අපගේ (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ) හැඟීමයි. විශේෂයෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් හෝ යම් ICC විසින් සංවිධානය කරනු ලබන ලෝක මට්ටමේ තරගාවලියක් පැවැත්වීම සඳහා මෙවැනි ස්ථානයක් ඉතාමත් කාලෝචිතයි.

වර්තමාන ආර්ථික දෘෂ්ටි කෝණයෙන් අත්‍යවශ්‍ය කරුණක් වන මෙවැනි විශාල ප්‍රමාණයේ ක්‍රිකට් තරගාවලි පැවැත්වීමට හැකි වීම මගින් රටට විශාල විදේශ මුදල් ගලා ඒමක් සිදු වනු ඇති බවට සැකයක් නැත. තවද, 2023 සිට 2031 දක්වා පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක කුසලාන තරගාවලි දෙකක් පැවැත්වීමට ICC විසින් කරන ලද ඉල්ලීම පිළිබඳව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කැමැත්ත පළ කර ඇති බව සැලකිල්ලට ගැනීම ඉතාමත් වැදගත්ය.

එම ප්‍රදේශයේ තිබෙන දේශගුණික තත්වය සහ ජෛව තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රට පුරා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණ සඳහා ආයෝජනය කර ඇති අතර එමඟින් අදාළ කාලගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් විවිධ කාලවල දී ක්‍රීඩා කිරීමට අපේක්ෂා කෙරේ.

>> එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පුහුණු කටයුතු ඇරඹේ

හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කර ශ්‍රී ලංකාවේ පිළිගත් විගණන සමාගම්වල උනන්දුව ප්‍රකාශ කිරීම සඳහා ව්‍යාපෘතියට අදාළ මූල්‍ය කටයුතු පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් කිරීම සහ ප්‍රාග්ධන වියදම් නැවත ගෙවීම පිළිබඳව සලකා බලනු ඇත.

සියලුම අංශයන් සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතියේ මෙහෙයුම් පැතිකඩ සහ එහි මූල්‍ය ශක්‍යතාව පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සම්පූර්ණ කිරීමෙන් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ඉදිරියේ දී සාකච්ඡා කිරීමට සූදානමින් සිටියි

හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය ආරම්භ කිරීම හෝ ක්‍රියාත්මක කරගෙන යාමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැනට කරගෙන යනු ලබන කිසිදු මෙහෙයුම් කටයුත්තක් සඳහා හෝ වෙනත් සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍යමය ශක්‍යතාව බාධාවක් නොවන බව සහතික කළ යුතුය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<