2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු සංචිත නම් කර අවසන්

ICC Cricket World Cup 2023

931
All the squads for icc cricket world cup 2023

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන රටවල ක්‍රීඩක සංචිත නම් කිරීමට සහ වෙනස් කිරීමට ICCය විසින් ලබා දී තිබූ කාලය ඊයේ (28) දිනයෙන් අවසන් වුනා. 

ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත රටවල් දහය අතුරින් අවසන් මොහොතේ සිය සංචිත නම් කිරීම සිදු කළේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයයි. නමුත් ඊයේ දිනයේ දී ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව විසින් පෙර නම් කළ සංචිත වල එක් වෙනස්කම බැගින් සිදු කිරීමට පියවර ගත්තා. 

මෙහි දී ආබාධයක් නිසා මීට පෙර ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයට නම් කළ දඟපන්දු යවන ක්‍රීඩක Ashton Agar වෙනුවට Marnus Labuschagne සංචිතයට කැඳවා තිබුණා. මේ අතර ආබාධයක් නිසා මෙවර ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් වනු ඇතැයි අපේක්ෂා කළ Travis Head ලෝක කුසලානයේ දෙවැනි බාගය වෙනුවෙන් සහභාගී කර ගැනීමේ අරමුණෙන් යුතුව තවදුරටත් සංචිතයේ තබා ගැනීමට ද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබුණා. 

මේ අතර නිමා වූ ආසියානු කුසලානය අතරතුර ආබාධයකට ලක් වූ Axar Patel වෙනුවට Ravichandran Ashwin ඉන්දීය ලෝක කුසලාන සංචිතයට කැඳවීම පියවර ගෙන තිබෙනවා. වසර ගණනකට පසු ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වුණු තරගාවලියේ දී නැවත ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට පිවිසුණු Ashwin ඒ අනුව මෙවර ලෝක කුසලානයේ දී ඉන්දීය දඟපන්දුව ශක්තිමත් කිරීමට භාවිත කෙරෙනු ඇති. 

මෙවර ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත ක්‍රීඩක සංචිත නම් කිරීමට සහ වෙනස් කිරීමට ICCය විසින් ලබා දී තිබූ කාල සීමාව ඊයේ දිනයෙන් අවසන් වූ අතර මින් පසු සංචිතවල යම් වෙනස් කමක් සිදු කිරීමට නම් ICCයේ අවසර ගත යුතු වනවා. 

2023 එක්දින ලෝක කුසලානයට සහභාගී වන ක්‍රීඩක සංචිත මෙසේයි; 

ඇෆ්ගනිස්තානය: Hashmatullah Shahidi (නායක), Rahmanullah Gurbaz, Ibrahim Zadran, Riaz Hassan, Rahmat Shah, Najibullah Zadran, Mohammad Nabi, Ikram Alikhil, Azmatullah Omarzai, Rashid Khan, Mujeeb ur Rahman, Noor Ahmad, Fazalhaq Farooqi, Abdul Rahman, Naveen ul Haq. 

ඕස්ට්‍රේලියා: Pat Cummins (නායක), Steve Smith, Alex Carey, Josh Inglis, Sean Abbott, Cameron Green, Josh Hazlewood, Travis Head, Marnus Labuschagne, Mitch Marsh, Glenn Maxwell, Marcus Stoinis, David Warner, Adam Zampa, Mitchell Starc. 

බංග්ලාදේශය: Shakib Al Hasan (නායක), Litton Kumer Das, Tanzid Hasan Tamim, Najmul Hossain Shanto, Tawhid Hridoy, Mushfiqur Rahim, Mahmudullah Riyad, Mehidy Hasan Miraz, Nasum Ahmed, Shak Mahedi Hasan, Taskin Ahmed, Mustafizur Rahman, Hasan Mahmud, Shoriful Islam, Tanzim Hasan Sakib. 

එංගලන්තය: Jos Buttler (නායක), Moeen Ali, Gus Atkinson, Jonny Bairstow, Sam Curran, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Joe Root, Harry Brook, Ben Stokes, Reece Topley, David Willey, Mark Wood, Chris Woakes. 

ඉන්දියාව: Rohit Sharma (නායක), Hardik Pandya, Shubman Gill, Virat Kohli, Shreyas Iyer, KL Rahul, Ravindra Jadeja, Shardul Thakur, Jasprit Bumrah, Mohammed Siraj, Kuldeep Yadav, Mohammed Shami, Ravichandran Ashwin, Ishan Kishan, Suryakumar Yadav. 

නෙදර්ලන්තය: Scott Edwards (නායක), Max O’Dowd, Bas de Leede, Vikram Singh, Teja Nidamanuru, Paul van Meekeren, Colin Ackermann, Roelof van der Merwe, Logan van Beek, Aryan Dutt, Ryan Klein, Wesley Barresi, Saqib Zulfiqar, Shariz Ahmad, Sybrand Engelbrecht. 

නවසීලන්තය: Kane Williamson (නායක), Trent Boult, Mark Chapman, Devon Conway, Lockie Ferguson, Matt Henry, Tom Latham, Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Rachin Ravindra, Mitch Santner, Ish Sodhi, Tim Southee, Will Young. 

පාකිස්තානය: Babar Azam (නායක), Shadab Khan, Fakhar Zaman, Imam-ul-Haq, Abdullah Shafique, Mohammad Rizwan, Saud Shakeel, Iftikhar Ahmed, Salman Ali Agha, Mohammad Nawaz, Usama Mir, Haris Rauf, Hasan Ali, Shaheen Afridi, Mohammad Wasim. 

දකුණු අප්‍රිකාව: Temba Bavuma (නායක), Gerald Coetzee, Quinton de Kock, Reeza Hendricks, Marco Jansen, Heinrich Klaasen, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Andile Phehlukwayo, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen, Lizaad Williams. 

ශ්‍රී ලංකාව: දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර, දිල්ෂාන් මදුශංක, කසුන් රාජිත, මතීෂ පතිරණ.   

අතිරේක : චාමික කරුණාරත්න.   

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<