කණ්ඩායම් 6ක් කාණ්ඩ 2ක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2026 වසරේ ශූරතාව සොයා ගිය ගමන අවසන් වෙන්නේ Army SC කණ්ඩායම ශූරයන් බවට පත් වෙමිනුයි. එහි අනුශූරයන් බවට පත් වූයේ අවසන් මහා තරගයේ දී කඩුලු 6කින් පරාජයට පත් Leo CC කණ්ඩායමයි.
තරග 37ක ඉනිම් 67කින් සමන්විත වූ මෙම තරගාවලියේ දී කඩුලු 496ක් දැවී යද්දී අර්ධ ශතක 33ක්, හතරේ පහර 636ක් සහ හයේ පහර 309ක් සමඟින් ලකුණු 8780ක් එක් කෙරෙනවා.
එම දත්ත සමඟින් නිමා වූ තරගාවලියේ දී වාර්තා වූ සුවිශේෂී කඩඉම් සහ ඇගයීම් ලැබූ දක්ෂතාවන් ගැන තැබෙන සටහනකි මේ.
Army ක්‍රීඩකයෝ විස්සයි විස්ස කුසලානයත් දිනා ගනී
අවසන් මහා තරගයේ වීරයා – ශෙහඳ සොයිසා (Army SC)
මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා බවට පත් වෙන්නේ ජයග්‍රාහී Army SC කණ්ඩායමේ නායක ශෙහඳ සොයිසා.
ඔහු මෙම සම්මානයට හිමිකම් කියන්නේ තම කණ්ඩායම ලකුණු 39කට කඩුලු 3ක් දැවී ගොස් තිබිය දී ගොඩ නැගූ ඉනිම හේතුවෙනුයි. එහි දී ඔහු පන්දු 22ක මුහුණ දී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 41ක් ලබා ගනිමින් තම කණ්ඩායම මුහුණ දී සිටි පීඩනයෙන් මුදවා ගත්තා.
ඔහු එම ඉනිමේ දී ක්‍රිශේන් අපෝන්සු හා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 42ක දී ලකුණු 63ක සබඳතාවක් ද ගොඩ නගනවා.
එම දක්ෂතාවත් සමඟින් ඔහු මෙවර තරගාවලිය අවසන් කරන්නේ ඉනිම 7ක දී ලකුණු 65ක් ලබා ගනිමිනුයි. මෙම ලකුණු අතර ඔහුගේ හොඳම ඉනිම බවට ද පත් වෙන්නේ අවසන් මහා තරගයේ දී වාර්තා කරන ලද ඉනිමයි.
දකුණතින් පිට දඟ පන්දු යැවූ ඔහු අවසන් මහා තරගයේ දී තම පන්දුවාර 4 ලකුණු 31කට සීමා කරමින් යවන ලද අතර මෙවර තරගාවලියේ දී පන්දුවාර 23.0ක් යවමින් කඩුලු 6ක් දවා ගනිමින් ද දක්ෂතා දක්වනවා. ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ Kandy Customs SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 28කට දවා ගත් කඩුලු 4යි.
26 හැවිරිදි වියේ පසුවෙන ශෙහඳ සොයිසා මේ වෙද්දී පළමු පෙළ තරග 13කට සහභාගී වෙමින් කඩුලු 29ක් ද සහ පළමු පෙළ එක්දින තරග 9ක දී කඩුලු 20ක් ද දවාගෙන ඇති ක්‍රීඩකයෙක්.
- Leo සහ Army අවසන් ගැටුම අනුරාධපුරේ දී
- මෙන්ඩිස්ලා සමඟ එක් වූ වෙල්ලාලගේ ශ්‍රී ලංකාවට පළමු ජයග්‍රහණය ලබා දෙයි
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – ඉශාන් අබේසේකර (Navy SC)
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් වෙන්නේ 33 හැවිරිදි වියේ පසුවෙන Navy SC කණ්ඩායමේ ඉශාන් අබේසේකර. පා දඟ පන්දු යවන්නෙක් ලෙසින් Navy SC කණ්ඩායම හා එක් වූ ඔහු මෙවර තරගාවලියේ දී තරග 6ක දී කඩුලු 13ක් දවා ගනිමින් දැක් වූ දක්ෂතාත් සමඟින් මෙම සම්මානයට හිමිකම් කියනවා.
ඔහුගේ මෙම කඩුලු දවා ගැනීම් අතර ඉහළ ම දක්ෂතාව වූයේ Army SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 7කට දවා ගත් කඩුලු 4යි.
පළමු පෙළ තරග 33ක දී කඩුලු 105ක් දවාගෙන සිටින ඉශාන් අබේසේකර, පළමු පෙළ ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 1017ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා. ඊට අමතර ව ඔහු පළමු එක්දින තරග 15ක දී කඩුලු 9ක් සහ ලකුණු 175ක් ද, විස්සයි විස්ස තරග 16ක දී කඩුලු 14ක් සහ ලකුණු 153ක් ද ලබා සිටිනවා.
14 : තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා බවට පත් වූයේ Ragama CC කණ්ඩායමේ කාවින්ද ඊශ්වර.
| තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුව | |||||||||
| Player | Team | M | Over | Md | Runs | Wkts | Best | 4 | |
| 1 | කාවින්ද ඊශ්වර | Ragama CC | 6 | 23.0 | 0 | 124 | 14 | 3/18 | 0 |
| 2 | ඉශාන් අබේසේකර | Navy SC | 6 | 20.2 | 2 | 96 | 13 | 4/07 | 1 |
| 3 | සුදාර දක්ෂිණ | Leo CC | 8 | 28.3 | 0 | 189 | 12 | 4/13 | 1 |
| 4 | සුපුන් ඩිල්ශාන් | Leo CC | 8 | 27.3 | 0 | 188 | 11 | 3/17 | 0 |
| 5 | නිර්මල රත්නායක | Kandy Customs SC | 5 | 17.0 | 0 | 129 | 10 | 4/24 | 1 |
| ජනක සම්පත් | Army SC | 7 | 24.1 | 0 | 143 | 10 | 4/18 | 1 | |
| ලිලාන් රත්නායක | Army SC | 7 | 26.0 | 1 | 144 | 10 | 3/12 | 0 | |
4/07 : තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ Navy SC කණ්ඩායමේ ඉශාන් අබේසේකර. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ Army SC කණ්ඩායමට එරෙහිවයි.
- ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මෙතෙක් ගමන් මග පිළිබඳ නිවේදනයක්
- ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කමක් සොයන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
තරගාවලියේ දක්ෂතම පිතිකරු – යශෝධ මෙන්ඩිස් (Kandy Customs SC)
මෙවර තරගාවලියේ දක්ෂතම පිතිකරු සම්මාන දිනා ගන්නේ Kandy Customs SC කණ්ඩායම නියෝජනය කළ 34 වැනි වියේ පසුවෙන යශෝධ මෙන්ඩිස්.
ඔහු මෙවර තරගාවලියේ පළමු වටය නිමාවේ දී තරග 5කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 169ක් ලබා ගනිමින් පෑ දක්ෂතා හමුවේ මෙම සම්මානයට හිමිකම් කියනවා.
ඔහුගේ මෙම ලකුණු අතර ඉහළ ම ඉනිම බවට පත් වෙන්නේ Navy SC කණ්ඩායමට එරෙහි ව පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 6ක් සමඟින් ලබා ගත් ලකුණු 61යි. ඊට අමතර ව ඔහු Army SC කණ්ඩායමට එරෙහි ව ද පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 55ක් ද ලබා ගන්නවා. ඔහු නිමා කළ ඉනිම් 5 දී හයේ පහර 11ක් එල්ල කරමින් තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩක ලැයිස්තුවේ Army SC කණ්ඩායමේ තිසර පෙරේරා හා එක් ව සම දක්ෂතා දැක්වීමට ද සමත් වෙනවා.
පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දැක් වූ ඔහු Galle CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 41කට කඩුලු 3ක් දවාගනිමින් ඉනිමක පෑ ඉහළ ම දක්ෂතාව දක්වමින් තරගාවලියේ දී කඩුලු 5ක් දවා ගනිමින් ද දක්ෂතා දක්වනවා.
යශෝධ මෙන්ඩිස් මේ වෙද්දී පළමු පෙළ තරග 25කට මුහුණ දෙමින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 592ක් ද සහ කඩුලු 48ක් ද, පළමු පෙළ එක්දින තරග 19ක දී ලකුණු 232ක් සහ කඩුලු 7ක් ද, විස්සයි විස්ස තරග 14ක දී ලකුණු 76ක් සහ කඩුලු 17ක් ද ලබා ඇති ක්‍රීඩකයෙක්.
222 : තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූයේ United Southern CC කණ්ඩායමේ දමේස් මතිශාන්.
| තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා | ||||||||||
| Player | Team | M | Ins | NO | Runs | HS | Ave | 100 | 50 | |
| 1 | දමේස් මතිශාන් | United Southern CC | 5 | 5 | 1 | 222 | 60 | 55.5 | 0 | 2 |
| 2 | මනුශ්ක සමිත් | Army SC | 7 | 7 | 1 | 188 | 82* | 31.3 | 0 | 2 |
| 3 | නෙත්ම කරුණාරත්න | Leo CC | 6 | 6 | 1 | 186 | 57* | 37.2 | 0 | 2 |
| 4 | අශාන් සුදර්ශන | Army SC | 7 | 7 | 0 | 180 | 50 | 25.7 | 0 | 1 |
| 5 | තිසර පෙරේරා | Army SC | 7 | 7 | 2 | 177 | 51* | 35.4 | 0 | 1 |
82* : තරගාවලියේ ඉනිම වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූයේ Army SC කණ්ඩායමේ මනුශ්ක සමිත්. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ Ragama CC කණ්ඩායමට එරෙහිවයි.
11x 6s : තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයන් ලෙසින් Kandy Customs SC කණ්ඩායමේ යශෝධ මෙන්ඩිස් සහ Army SC කණ්ඩායමේ තිසර පෙරේරා සම දක්ෂතා දක්වමින් එක් ව අසුන් ගන්නවා.
21x 4s : තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වූයේ Army SC කණ්ඩායමේ අශාන් සුදර්ශන.
2x 50s : තරගාවලියේ වැඩිම අර්ධ ශතකලාභීන් ලෙසින් Chilaw Marians CC කණ්ඩායමේ අරෝෂ සිතුමිණ සහ කසුන් විදුර, Kandy Customs SC කණ්ඩායමේ යශෝධ මෙන්ඩිස්, United Southern CC කණ්ඩායමේ දමේස් මතිශාන්, Army SC කණ්ඩායමේ මනුශ්ක සමිත්, Leo CC කණ්ඩායමේ නෙත්ම කරුණාරත්න සහ අශාන් ප්‍රනාන්දු සම දක්ෂතා දක්වමින් එක් ව අසුන් ගත්තා.
14 Balls : තරගාවලියේ වේගවත් ම අර්ධ ශතකලාභියා බවට පත් වූයේ Moratuwa SC කණ්ඩායමේ පූර්ණ ප්‍රභාත්. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ Kurunegala SC කණ්ඩායමට එරෙහිවයි.
තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා – කාවින්ද ඊශ්වර (Ragama CC)
තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත් වෙන්නේ Ragama CC කණ්ඩායම නියෝජනය කළ කාවින්ද ඊශ්වර. 24 වැනි වියේ පසුවෙන ඔහු මෙවර තරගාවලියේ දී වඩාත් දක්ෂතා දක්වන්නේ පන්දු යවන්නෙක් ලෙසයි.
දකුණත් පිට දඟ පන්දු යවන්නෙක් වන ඔහු මෙවර තරගාවලිය නිමා කරන්නේ තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා ලෙසයි. Navy SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරන ඔහු තරගාවලියේ දී කඩුලු 14ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
පිතිකරුවෙක් ලෙසින් ඔහු මෙවර තරගාවලියේ දී තරග 6ක ඉනිම් 6ක දී ලකුණු 62ක් ලබා ගන්නවා.
කාවින්ද ඊශ්වර මීට පෙර Malay CC කණ්ඩායම නියෝජනය කරමින් 2024 වසරේ දී සේ ම 2025 වසර දී ද පැවැති Tier B T20 තරගාවලියන්වල අවසන් මහා තරගවල තරගයේ වීරයා සම්මානයෙන් පිට පිට වසර ද්විත්වයක දී පිදුම් ලැබූ ක්‍රීඩකයෙක්.
ඔහුගේ තරග ලැයිස්තුවේ මේ වෙද්දී සටහන් ව ඇත්තේ පළමු පෙළ තරග 2ක් සහ පළමු පෙළ එක්දින තරග 3ක් පමණයි.
- Major Club එක්දින තරගාවලිය වර්ණවත් කළ තරු
- Moors SC ක්‍රීඩකයෝ Major Club එක්දින ශූරතාව බ්‍රේබෲක් පෙදෙසට රැගෙන යයි
214/5 : තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමේ ගෞරවය හිමි වෙන්නේ Chilaw Marians CC කණ්ඩායමටයි. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ Kurunegala SC කණ්ඩායමට එරෙහිවයි.
76 : තරගාවලියේ දුර්වල ම ඉනිම වාර්තා වෙන්නේ Navy SC කණ්ඩායමෙන්. පන්දුවාර 14.5ක දී Leo CC කණ්ඩායම හමුවේ ඔවුන්ගේ මෙම අවාසනාවන්ත ඉනිම වාර්තා වෙනවා.
397 : තරගාවලියේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමේ ගෞරවය Chilaw Marians CC සහ Kurunegala SC කණ්ඩායම් සතු කර ගන්නවා. එහි දී Chilaw Marians CC කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 214ක් ද සහ Kurunegala SC කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 183ක් ද ලබා ගන්නවා.
98 Runs : තරගාවලියේ වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ කණ්ඩායම වෙන්නේ Leo CC කණ්ඩායමයි. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ Navy SC කණ්ඩායමට එරෙහිවයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















