Leo සහ Army අවසන් ගැටුම අනුරාධපුරේ දී

Tier B T20 Tournament 2026

2

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (26) අනුරාධපුර සමාධී ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

එම අවසන් මහා තරගයේ දී එකිනෙකා හමුවෙන්නේ සුපුන් ඩිල්ශාන් ගේ නායකත්වයෙන් යුත් Leo CC කණ්ඩායම සහ ශෙහඳ සොයිසා ගේ නායකත්වයෙන් යුත් Army SC කණ්ඩායමයි.

>>Leo සහ Army කණ්ඩායම් Tier B T20 අවසන් මහා තරගයට

ඔවුන් මේ සඳහා සුදුසුකම් ලබා ගන්නේ පිළිවෙලින් Sebastianites C & AC කණ්ඩායම සහ Negombo CC කණ්ඩායම පරාජය කරමිනුයි. මේ අතුරින් Army SC ක්‍රීඩකයෝ මෙම තරගය හා එක් වෙන්නේ මෙවර පැවැති Tier B එක්දින තරගාවලියේ ශූරයන් ලෙසින් වීමත් විශේෂත්වයක්.

Leo CC කණ්ඩායම

Leo CC කණ්ඩායම මේ දක්වා ආ ගමන් මඟ
ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵල
1 Negombo CC Leo CC කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
2 United Sothern CC United Sothern CC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 36ක ජයක්.
3 Kurunegala SC Leo CC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 16ක ජයක්.
4 Moratuwa SC Leo CC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
5 Chilaw Marians CC Chilaw Marians CC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
අර්ධ අවසන් පූර්ව වටය
6 Navy SC Leo CC කණ්ඩායමට ලකුණු 98ක ජයක්.
අවසන් පූර්ව වටය
7 Sebastianites C & AC Leo CC කණ්ඩායමට ලකුණු 59ක ජයක්.

අවසන් මහා තරගයට එක් වෙන Leo CC කණ්ඩායමේ වඩාත් විශ්වසනීය පිතිකරු බවට පත් ව ඇත්තේ නෙත්ම කරුණාරත්න යි. තවමත් 23 වැනි වියේ පසුවෙන මේ වමත් පිතිකරුවා මේ වෙද්දී තරග 5කට සහභාගී වෙමින් අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 165ක් ලබා සිටිනවා.

ඊට අමතර ව තරග 7ක දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 138ක් ලබා සිටින අශාන් ප්‍රනාන්දු, තරග 7ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 131ක් ලබා සිටින රොමේෂ් සුරංග ද සහ තරග 7ක දී ලකුණු 113ක් ලබා සිටින නෙලුක හේෂාන් ද Leo CC පිතිකරු ඉනිම ශක්තිමත් කරන පිතිකරුවෝ ලෙසින් පෙරමුණේ සිටිනවා.

පන්දු යවන්නන් අතුරින් වඩාත් විශ්වසනීය වී සිටින්නේ වමතින් දඟ පන්දු යවන 31 වැනි වියේ පසුවෙන සුදාර දක්ෂිණ. ඔහු මේ වන විට තරග 7ක දී කඩුලු 12ක් ලබා ගනිමින් ඒ විශ්වසනීයත්වය රඳවා ගෙන තිබෙනවා.

ඊට අමතර ව රොමේෂ් සුරංග සහ නායක සුපුන් ඩිල්ශාන් කඩුලු 9ක් බැගින් දවා ගනිමින් ද සහ ප්‍රසාද් අසංක කඩුලු 7ක් දවා ගනිමින් පන්දු යවන්නන්ගේ බලඇණියේ ප්‍රධාන මෙහෙයුම්කරුවන් වී සිටිනවා.

Leo CC කණ්ඩායම් සංචිතය

 

සුපුන් ඩිල්ශාන් (නායක), ප්‍රසාද් අසංක, අශාන් ප්‍රනාන්දු, නෙත්ම කරුණාරත්න, නෙලුක හේෂාන් (කඩුලු රකින්නා), රොමේෂ් සුරංග, විශ්ව රාජපක්ෂ, පූර්ණ කල්හාර, සලිඳු පතිරණ, සුදාර දක්ෂිණ, ගයන කහවිටි, ඔෂද ගිම්හාන්, ගිත්මින් කොළඹගේ, සමිත් ඩිල්ශාන්, අවින්ත ද අල්විස් සහ ගයාන් ද සිල්වා.

Army SC කණ්ඩායම

Army SC කණ්ඩායම මේ දක්වා ආ ගමන් මඟ
ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵල
1 Kandy Customs SC Army SC කණ්ඩායමට ලකුණු 69ක ජයක්.
2 Sebastianites C & AC තරගයේ විසඳුමක් නෑ.
3 Navy SC Army SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 5ක ජයක්.
4 Galle CC Army SC කණ්ඩායමට ලකුණු 16ක ජයක්.
5 Ragama CC Army SC කණ්ඩායමට ලකුණු 63ක ජයක්.
අර්ධ අවසන් පූර්ව වටය
6 Moratuwa SC Army SC කණ්ඩායමට ලකුණු 14ක ජයක්.
අවසන් පූර්ව වටය
7 Negombo CC Army SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 27ක ජයක්.

අවසන් මහා තරගය හා එක් වෙන Army SC කණ්ඩායමේ වඩාත් විශ්වසනීය පිතිකරු බවට පත් ව ඇත්තේ 26 වැනි වියේ පසුවෙන දකුණත් පිතිකරු මනුශ්ක සමිත්. ඔහු මේ වෙද්දී මෙම තරගාවලියේ දී තරග 6කට සහභාගී වෙමින් අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 187ක් ලබා සිටිනවා.

ඔහු මෙතෙක් පැවැති තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් අතර 2 වැනි අසුන ද හිමිකර ගෙන සිටිමින් මේ විශ්වසනීයත්වය තවත් ශක්තිමත් කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා මෙන් ම අසේල ගුණරත්න ද මෙම කණ්ඩායම නියෝජනය කිරීම හේතුවෙන් ඔවුන්ගේ පිතිකරු බලඇණියේ තරම පෙන්වා තිබෙනවා.

ඔවුන්ට අමතර ව තරග 6ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 164ක් ලබා සිටින අශාන් සුදර්ශන සහ තරග 6ක දී අර්ධ ශතයක් සමඟින් ලකුණු 128ක් ලබා සිටින ජනක සම්පත් ද Army SC කණ්ඩායම සතු තවත් දක්ෂ පිතිකරුවන් වී සිටිනවා.

ජනක සම්පත් පන්දු යැවීමේ දී ද දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක්. ඔහු නිමා කළ තරග 6ක දී කඩුලු 10ක් ලබා සිටින පා දඟ පන්දුවෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක්. ඊට අමතර තරග 6ක දී කඩුලු 9ක් දවාගෙන සිටින ලිලාන් රංගන සහ තරග 6ක දී කඩුලු 8ක් ලබා සිටින පැතුම් මලිත ද  Army SC කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ බලඇණියේ දක්ෂ සෙබළුන් ලෙසින් දැක් විය හැකියි.

Army SC කණ්ඩායම් සංචිතය

 

ශෙහඳ සොයිසා (නායක), අශාන් සුදර්ශන (කඩුලු රකින්නා), ජනක සම්පත්, මනුශ්ක සමිත්, අසේල ගුණරත්න, තිසර පෙරේරා, රවිඳු විජේවර්ධන, ක්‍රිශේන් අපෝන්සු, ලිලාන් රංගන, පැතුම් මලිත, සරත් මදුශ්ක, මල්ක මදුශංක, ඉසුරු ධනංජය සහ සුඛිත දෙව්තිළිණ,  

Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<