කණ්ඩායම් 14ක් සහභාගී ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගියදා කොළඹ දී අවසන් වූයේ තරග 45ක දී ශතක 20ක් සහ අර්ධ ශතක 85ක් සමඟින් ලකුණු 18832ක් ද සහ කඩුලු 695ක් ඉතිහාසයට එක් වෙමිනුයි.
Moors SC ක්‍රීඩකයෝ Major Club එක්දින ශූරතාව බ්‍රේබෲක් පෙදෙසට රැගෙන යයි
එලෙසින් නිමා වූ එම තරගාවලියේ මෙවර ශූරතාව පළමු වරට Moors SC කණ්ඩායම සතු වූ අතර අනුශූරතාව SSC කණ්ඩායම සතු කර ගත්තා.
| Moors SC කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ | |||
| ප්‍රතිවාදීන් | තරගයේ ප්‍රතිඵලය | ක්‍රීඩාංගණය | |
| 1 | Nugegoda S & WC | Moors SC කණ්ඩායමට කඩුලු 6ක ජයක්. | Thurstan |
| 2 | Panadura SC | තරගයේ විසඳුමක් නෑ. | පානදුර |
| 3 | Tamil Union C & AC | Moors SC කණ්ඩායමට කඩුලු 7ක ජයක්. | P. Sara Oval |
| 4 | Kurunegal YCC | Moors SC කණ්ඩායමට ලකුණු 119ක ජයක්. | Moors |
| 5 | CCC | Moors SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 25ක ජයක්. | Moors |
| 6 | Ace Capital CC | Ace Capital CC කණ්ඩායමට ලකුණු 44ක ජයක්. | Moors |
| අවසන් පූර්ව තරගය | |||
| 7 | Colts CC | Moors SC කණ්ඩායමට ලකුණු 51ක ජයක්. | P. Sara Oval |
| අවසන් මහා තරගය | |||
| 8 | SSC | Moors SC කණ්ඩායමට ලකුණු 25ක ජයක්. | RPIC, කොළඹ |
තරගාවලියේ සුවිශේෂී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෝ සහ වාර්තා වූ සුවිශේෂී කඩඉම්
අවසන් මහා තරගයේ වීරයා – රමේෂ් මෙන්ඩිස් (Moors SC)
මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා ලෙසින් සම්මානයට පත් වූයේ Moors SC කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස්.
ඔහු එම තරගයේ දී තුන් ඉරියව්වෙන් පෑ දක්ෂතා ඊට ඉවහල් වුණා. එහි දී ඔහු පිතිකරුවෙක් ලෙසින් පෑ දක්ෂතා වඩාත් කැපී පෙණුනා. ඔහු ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 85ක් ලබා ගත්තා.
එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වූවා. එම ඉනිමේ දී ඔහු මිලාන් රත්නායක හා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 106ක දී ලකුණු 79ක සබඳතාවක් එක් කරන්නේ තම කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 126ක් ලබා සිටි අසීරු අවස්ථාවේ දී තම යුතුකම මනාව ඉටු කරමිනුයි.
පිතිකරුවෙක් ලෙසින් ඒ ලෙසින් දක්ෂතා දැක් වූ ඔහු නුවනිඳු ප්‍රනාන්දු දවා ගැනීමට අර්ඝ උඩ පන්දුවක් රැක ගත් අතර ඊට අමතර ව පන්දු යවමින් ලකුණු 58කට කඩුල්ලක් ද දවා ගත්තා.
ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ ද දක්ෂතා දක්වමින් සිටින රමේෂ් මෙන්ඩිස් මේ දක්වා පළමු පෙළ තරග 114කට සහභාගී වෙමින් ත්‍රිත්ව ශතකයක් ද සමඟින් ශතක 13ක් සහ අර්ධ ශතක 30ක් ද සමඟින් ලකුණු 6044ක් සහ කඩුලු 321ක් ද, පළමු පෙළ එක්දින තරග 77ක දී අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 1576ක් සහ කඩුලු 88ක් ද සහ විස්සයි විස්ස තරග 120ක දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 1394ක් සහ කඩුලු 78ක් ද ලබා සිටින ක්‍රීඩකයෙක්.
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – ශිරාන් ප්‍රනාන්දු (Moors SC)
Moors SC කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට එක් වූ 33 වැනි වියේ පසුවෙන් ශිරාන් ප්‍රනාන්දු මෙවර තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් වෙන්නේ තරග 8ක දී කඩුලු 18ක් දවා ගනිමින් පෑ දක්ෂතාවත් සමඟිනුයි.
දකුණතින් මඳ වේග පන්දු යවන ශිරාන් ප්‍රනාන්දු, මෙවර තරගාවලියේ දැක් වූ ඉහළ ම දක්ෂතාව වෙන්නේ Nugegoda S & WC කණ්ඩායමට එරෙහිව කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී ලකුණු 50කට දවා ගත් කඩුලු 5යි. ඊට අමතර ව ඔහු Ace Capital CC (3/42), Tamil Union C & AC (3/53) සහ Colts CC (3/67) කණ්ඩායම්වලට එරෙහි ව ද දක්ෂ පන්දු යැවීම්වල නිරත වෙනවා.
ශිරාන් ප්‍රනාන්දු අවස්ථා කිහිපයක දී ම ශ්‍රී ලංකා A කණ්ඩායම මෙන් ම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන අතර මේ වන විට පළමු පෙළ තරග 58ක කඩුලු 141ක් ද, පළමු පෙළ එක්දින තරග 70ක කඩුලු 90ක් ද සහ විස්සයි විස්ස තරග 42ක කඩුලු 56ක් ද දවාගෙන තිබෙනවා.
18 : තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා වූයේ Moors SC කණ්ඩායමේ ශිරාන් ප්‍රනාන්දු.
| තරගාවලියේ ඉහළ ම දක්ෂතා දැක් වූ පන්දු යවන්නෝ | |||||||||
| Player | Team | M | Over | Md | Runs | Wk | Best | 4+ | |
| 1 | ශිරාන් ප්‍රනාන්දු | Moors | 8 | 61.2 | 4 | 320 | 18 | 5/50 | 1 |
| 2 | විජයකාන්ත් වියස්කාන්ත් | Tamil Union | 8 | 54.2 | 0 | 279 | 15 | 4/41 | 1 |
| 3 | වනුජ සහන් | Ace Capital | 6 | 57.0 | 6 | 223 | 14 | 6/34 | 2 |
| සංතුශ් ගුණතිලක | Moors | 8 | 61.0 | 7 | 268 | 14 | 4/31 | 2 | |
| 5 | තරින්ද නිර්මාල් | Bloomfield | 6 | 35.5 | 3 | 184 | 13 | 4/25 | 2 |
| මුදිත ලක්ෂාන් | Colts | 7 | 59.3 | 3 | 196 | 13 | 5/21 | 1 | |
| නිපුන් ධනංජය | SSC | 8 | 58.0 | 0 | 259 | 13 | 4/29 | 1 | |
| ලහිරු සමරකෝන් | Tamil Union | 6 | 43.5 | 1 | 264 | 13 | 5/26 | 2 | |
6/20 : තරගාවලියේ ඉනිම හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ NCC කණඩායමේ චාමික ගුණසේකර. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ Police SC කණ්ඩායමට එරෙහි ව NCC ක්‍රීඩාංගණයේදීයි.
තරගාවලියේ දක්ෂතම පිතිකරු – මොවින් සුබසිංහ (BRC)
BRC කණ්ඩායම නියෝජනය කළ 26 වැනි වියේ පසුවෙන මැද පෙළ පිතිකරු මොවින් සුබසිංහ මෙවර තරගාවලියේ තරග 6ක ඉනිම් 6ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 280ක් ලබා ගනිමින් පෑ දක්ෂතාව තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන ලැබීමට හේතු වෙනවා. තරගාවලිය අවසානයේ දී ලැයිස්තු ගත වූ පිතිකරු ලැයිස්තුවේ ඔහුගේ එම දක්ෂතාව සටහන් වූයේ 9 වැන්නටයි. කෙසේ වෙතත් ඔහුගේ මේ සම්මානලාභී පිතිහරඹයේ සාමාන්‍ය 56.00ක් ලෙසින් ද තබා ගැනීමට ඔහු සමත් වූවා.
ඔහුගේ මෙම ඉනිම් අතර Panadura SC කණ්ඩායමට එරෙහි ව පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 14ක් සමඟින් ලබා ගත් ලකුණු 140ක් ද සහ Police SC කණ්ඩායමට එරෙහි ව පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලබාගත් ලකුණු 63ක් ද තිබෙනවා.
දකුණතින් පිට දඟ පන්දු යවන්නෙක් ලෙසින් ද කටයුතු කරන මොවින් සුබසිංහ මෙවර තරගාවලියේ දී කඩුලු 4ක් දවා ගනිමින් ද දක්ෂතා දක්වනවා.
තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් සැලකෙන මොවින් සුබසිංහ, මේ වන විට පළමු පෙළ තරග 26ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 1402ක් සහ කඩුලු 91ක් ද, පළමු පෙළ එක්දින තරග 56ක දී ශතක 2ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 1111ක් සහ කඩුලු 69ක් ද සහ විස්සයි විස්ස තරග 42ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 537ක් සහ කඩුලු 29ක් ද දවාගෙන ඇති ක්‍රීඩකයෙක්.
447 : තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූයේ SSC කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු.
| තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා | ||||||||||
| Player | Team | Mat | Ins | NO | Runs | HS | Ave | 100 | 50 | |
| 1 | අවිශ්ක ප්‍රනාන්දු | SSC | 7 | 7 | 0 | 447 | 160 | 63.85 | 2 | 1 |
| 2 | නිපුන් ධනංජය | SSC | 8 | 7 | 4 | 364 | 101* | 121.33 | 1 | 3 |
| 3 | ලසිත් කෲස්පුල්ලේ | CCC | 7 | 7 | 1 | 334 | 148 | 55.66 | 1 | 2 |
| 4 | සොහාන් ද ලිවේරා | Moors SC | 8 | 7 | 0 | 322 | 108 | 46.00 | 1 | 1 |
| 5 | සිතාර ගිම්හාන් | Moors SC | 8 | 7 | 0 | 302 | 92 | 43.14 | 0 | 2 |
165 : තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණුලාභියා වූයේ Bloomfield C & AC කණ්ඩායමේ ජනිත් ලියනගේ. ඔහු මෙම දක්ෂතාව දක්වන්නේ SSC කණ්ඩායමට එරෙහි ව Bloomfield C & AC ක්‍රීඩාංගණයේ දී.
2x100s : තරගාවලියේ වැඩිම ශතකලාභියා වූයේ SSC කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ CCC (160) සහ Bloomfield C & AC (138) කණ්ඩායම්වලට එරෙහිවයි.
4x50s+ : තරගාවලියේ ලකුණු 50කට වැඩි ඉනිම් වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් ලෙසින් CCC කණ්ඩායමේ පවන් රත්නායක සහ SSC කණ්ඩායමේ නිපුන් ධනංජය ඉතිහාසයට එක් වුණා.
20x6s : තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වූයේ BRC කණ්ඩායමේ මොවින් සුබසිංහ.
47x4s : තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වූයේ SSC කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු.
268 : තරගාවලියේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම සබඳතාව පිහිටුවන්නේ CCC කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සහ ලසිත් කෲස්පුල්ලේ එක් ව Tamil Union කණ්ඩායමට එරෙහි ව P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පළමු කඩුල්ලට පෑ මෙම දක්ෂතාවයි.
- රචින්ත, වියස්කාන්ත් සහ සචිඳු හොඳම පන්දු යැවීම් වාර්තා කරයි
- යොවුන් පිටිය බැබළවූ සඳරු, හිරාන්, මල්ෂ සහ තරුශ්ක
තරගාලියේ වටිනාම ක්‍රීඩකයා – මුදිත ලක්ශාන් (Colts CC)
තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනූ Colts CC කණ්ඩායමේ මුදිත ලක්ෂන් මෙවර තරගාවලිය නිමා කරන්නේ තරග 7ක ඉනිම් 6ක දී ලකුණු 265ක් සහ කඩුලු 13ක් දවා ගනිමින් පෑ දක්ෂතාවත් සමඟිනුයි.
25 හැවිරිදි වියේ පසුවෙන ඔහු මෙවර තරගාවලියේ ඉහළ ම දක්ෂතාව වූයේ SSC කණ්ඩායමට එරෙහි ව පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 99ක් ලබා ගැනීමයි. එම ඉනිම ඔහුගේ පළමු පෙළ එක්දින තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් කර ගත්තා.
ඊට අමතර ව ඔහු Police SC (69) සහ Moors SC (52) කණ්ඩායම්වලට එරෙහි ව අර්ධ ශතක ඉනිම් ද වාර්තා කරනවා.
වමතින් දඟ පන්දු යැවූ ඔහු, මෙවර තරගාවලියේ තමන්ගේ හොඳම පන්දු යැවීම බවට පත් කර ගත්තේ Badureliya SC කණ්ඩායමට එරෙහි මග්ගොන, Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලකුණු 21කට දවාගත් කඩුලු 5යි.
මේ දක්වා පළමු පෙළ තරග 25කට සහභාගී වී ඇති මුදිත ලක්ෂාන් ශතකයක් සහ අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 1002ක් සහ කඩුලු 46ක් ද, පළමු පෙළ එක්දින තරග 70ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 1154ක් ද සහ කඩුලු 100ක් ද සහ විස්සයි විස්ස තරග 48ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 575ක් ද සහ කඩුලු 44ක් ද දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.
369/5 : තරගාවලියේ ඉනිමක ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව CCC කණ්ඩායම විසින් වාර්තා කළා.
91/10 : තරගාවලියේ අඩු ම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම වූයේ BRC කණ්ඩායමයි. ඔවුන් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙන්නේ Bloomfield C & AC කණ්ඩායම හමුවේයි.
708 : තරගාවලියේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව CCC සහ Nugegoda S & WC කණ්ඩායම් විසින් වාර්තා කළා. එහි දී CCC කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 366ක් ද සහ Nugegoda S & WC කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 342ක් ද ලබා ගන්නවා.
175 runs : තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාවකින් තරගයක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත් NCC කණ්ඩායමයි. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ Police SC කණ්ඩායමට එරෙහිවයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















