තිලක් වත්තුහේවා නැවතත් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් මුල් පුටුවට

720

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ 73 වැනි මහ සභා රැස්වීමේ ඊයේ (11) බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවති අතර එහි දී එම සංගමයේ නව සභාපතිවරයා ලෙස නැවත වරක් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා තේරී පත් වුනා.

හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති ඔෂාර පණ්ඩිතරන්ත, හිටපු ලේකම් ජේ.ඒ.කේ.එස්. ඉන්ද්‍රජිත් සහ හිටපු භාණ්ඩාගාරික මංජුල වාස් යන මහත්වරුන් නැවත වරක් එම ධූරයන් සඳහා තේරී පත් වුනා.

එසේම හේමා ජයවර්ධන (විදුහල්පතිණි – ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය), සුසන්ත මෙන්ඩිස් (විදුහල්පති – ගල්කිස්ස විද්‍යා විද්‍යාලය), ජගත් සේනාරත්න (විදුහල්පති – අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය), රංජිත් රාජපක්ෂ (විදුහල්පති – මහනුවර රණබිම රාජකීය විද්‍යාලය), ප්‍රසන්න සෙනෙවිරත්න (විදුහල්පති – ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය) යන මහත්ම/මහත්මීන් එහි උපසභාපතිවරුන් ලෙස තේරී පත්වුනා.

ඊට අමතරව හිටපු උපලේකම් ලීලානන්ද කුමාරසිරි, හිටපු තාක්ෂණික නිලධාරි විරාජ් චමින්ද ද සිල්වා සහ 19න් පහළ තරගාවලි ලේකම් වයි. නිශාන්ත කුමාර යන මහත්වරුන් හට මෙවරත් එම ධූරයන් වල වගකීම හිමි වුනා. ඊට අමතරව ඒ ඒ දිස්ත්‍රික්ක අනුව නිලධාරීන් 39 දෙනෙක් විධායක කමිටු සාමාජිකයින් ලෙස තෝරා පත් කරගෙන තිබෙනවා.

ඒ අනුව ඉදිරි වසරක කාලය සඳහා තේරී පත්වූ නව නිලධාරි මණ්ඩලය පහත පරිදි වේ,

  • සභාපති – තිලත් වත්තුහේවා මහතා (විදුහල්පති – කොළඹ නාලන්දා විද්‍යාලය)
  • ජ්‍යෙෂ්ඨ උපසභාපති – ඔෂාර පණ්ඩිතරන්ත මහතා (විදුහල්පති – කොළඹ ඉසිපතන විද්‍යාලය)
  • උපසභාපතිවරු – හේමා ජයවර්ධන මහත්මිය (විදුහල්පතිණි – ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය), සුසන්ත මෙන්ඩිස් මහතා (විදුහල්පති – ගල්කිස්ස විද්‍යා විද්‍යාලය), ජගත් සේනාරත්න මහතා (විදුහල්පති – අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය), රංජිත් රාජපක්ෂ (විදුහල්පති – මහනුවර රණබිම රාජකීය විද්‍යාලය), ප්‍රසන්න සෙනෙවිරත්න (විදුහල්පති – ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය)
  • ලේකම් – ජේ.ඒ.කේ.එස්. ඉන්ද්‍රජිත් මහතා (දෙහිඕවිට ජාතික පාසල)
  • භාණ්ඩාගාරික – මංජුල වාස් මහතා (මීගමුව සාන්ත පීතර විද්‍යාලය)
  • උපලේකම් – ලීලානන්ද කුමාරසිරි මහතා (හම්බන්තොට සූචි ජාතික පාසල)
  • තාක්ෂණික නිලධාරි – විරාජ් චමින්ද ද සිල්වා මහතා (හික්කඩුව ධර්මාසෝක විද්‍යාලය)
  • 19න් පහළ තරගාවලි ලේකම් – වයි. නිශාන්ත කුමාර (ගාල්ල මහින්ද විද්‍යාලය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<