නවසීලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට යද්දී එක්කෙනෙක් හැලේ

3088

ජනවාරි මස 24 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරග මාලාවට සහභාගී වන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අද (8) තෝරාපත් කරගෙන ඇත.

තිසර නැවතත් දස්කම් දක්වද්දී ශ්‍රී ලංකාවට පූර්ණ පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ එක්දින තරගාවලියේ තෙවැනි හා අවසන්

පසුගිය දා නවසීලන්තය සමඟ පැවති ටෙස්ට් තරග ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට වමතින් පිත්ත හසුරුවන ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන කුසල් ජනිත් නැවත වතාවක් සංචිතයට කැඳවා තිබේ.  

කුසල් ජනිත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සඳහා යළිත් වතාවක් කැඳවා ඇත්තේ පසුගිය වර්ෂයේ ජූනි මාසයේ දී පැවති ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියට අනතුරුවයි.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මේ දක්වා ටෙස්ට් තරග 13කට ක්‍රීඩා කර තිබෙන කුසල් ජනිත් ලකුණු 657ක් ලබාගෙන ඇත්තේ 28.56ක පමණ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන වන අතර ඒ අතරට ටෙස්ට් ශතකයක් හා ටෙස්ට් අර්ධ ශතක 3ක් ඇතුළත්ය.

නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ ටෙස්ට් තරග දෙකටම සහභාගී වූ ආරම්භක පිතිකරු ගුණතිලක ඉනිම් 4ම ක්‍රීඩා කරමින් රැස්කර ගත්තේ ලකුණු 16ක් පමණයි. එළඹෙන ඕස්ට්‍රේලියානු සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය ලෙස දිමුත් කරුණාරත්න හා ලහිරු තිරිමාන්න ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් ඇති අතර කුසල් ජනිත් මැදපෙළ සවිමත් කරනු ඇත.

සාන්ත ආනා විද්‍යාලය අභිබවා ගිය සාන්ත ඇලෝසියස් විද්‍යාලයට වැඩි වාසිය

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය අතරතුර ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් මෙම සංචිතය සඳහා නම් කර නොමැත්තේ සති 4කට ආසන්න කාලයක් ඔහුව විවේක ගන්වා තිබෙන නිසයි. නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කළ නමුත්, මේ මස 24 වැනිදා ආරම්භ වන ඕස්ට්‍රේලියානු තරගාවලිය සඳහා නම් කළ සංචිතයට ඇතුළත්ව ඇත්තේ ක්‍රීඩකයින් 16 දෙනෙකු පමණි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කුසල් ජනිත්, ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, , රොෂේන් සිල්වා, සදීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර,  නුවන් ප්‍රදීප්.

තරග කාලසටහන

  • පළමු පුහුණු තරගය – ජනවාරි 17 සිට 19 දක්වා – හෝබාර්ට් හිදී
  • පළමු ටෙස්ට් තරගය – ජනවාරි 24 සිට 28 දක්වා – බ්‍රිස්බේන් හිදී
  • දෙවන ටෙස්ට් තරගය – පෙබරවාරි 1 සිට 5 දක්වා – කැන්බරා හිදී

තරගාවලියේ සියලු තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී රැඳී සිටින්න ThePapare.com සමඟම.

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <