අවිශ්ක සහ යුගීෂගෙන් පළමු දිනයේ දී කැපී පෙනෙන දස්කම්

ශ්‍රී ලංකා අන්තර් සමාජ නැගී එන තුන් දින තරගාවලිය

479

ශ්‍රී ලංකා අන්තර් සමාජ නැගී එන තුන් දින තරගාවලියේ සිව්වැනි සතිය අද (11) ආරම්භ වුනා. එහි දී ශ්‍රී ලංකාව පුරා විවිධ ක්‍රීඩාංගණ කිහිපයක තරග 12ක් පැවැත්වුනා.

ජාතික සුපර් ලීග් සිව්දින තරගාවලියට සහ 19න් පහළ පාසල් තරගාවලියට සමගාමීව මෙම තරගාවලිය පැවැත්වෙනවා. පසුගිය සතිවල තරග වැදුණු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම සතියේ ක්‍රීඩා නොකළ අතර නවක මුහුණු කීපයක් එම ස්ථාන පුරවමින් සිටිනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, 4 වැනි සතියේ තරග ආරම්භයේ දී ද ස්ථාවර දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සිටි අතර පෙර සතියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයන් කීපදෙනෙකු ද සිය දක්ෂතා පවත්වා ගැනීමට සමත්ව තිබුණා.

තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති රාගම ක්‍රීඩා සමාජය සහ නුගේගොඩ ක්‍රීඩා සමාජය අතර තරගයේ දී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ හිටපු ක්‍රීඩක අවිශ්ක තරිඳු රාගම පළමු ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 159ක් රැස් කළේ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිද්දීයි.

රාගම කණ්ඩායම වෙනුවෙන් මීළඟ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස්කිරීමට 8 වැනි පිතිකරු වූ ඩෙලෝන් පීරිස් සමත් වුනා. ඔහු නොදැවී ලකුණු 51ක් ලබා ගැනීමට සමත්ව තිබුණා. තරිඳු මෙවර තරගාවලියේ දී දැනටමත් ද්විත්ව ශතකයක් ලබා ඇති අතර දැනට වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටිනවා.

NCC කණ්ඩායමේ හි වමත් දඟපන්දු යවන යුගීෂ ඩිෂාන් මීගමුව කණ්ඩායම ලකුණු 235කට සීමා කිරීමට සමත් වුනේ ලකුණු 77කට කඩුලු 7ක් දවා ගනිමින්. ඒ සමඟින් ඔහු තරගාවලියේ දෙවැනි වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට සමත් වුනා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන NCC කණ්ඩායම අද තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 59ක් ලබා සිටියා.

හිටපු ආනන්දීය ක්‍රීඩක වමතින් දඟපන්දු යවන අසේල සිගේරා පොලිස් ක්‍රීඩාංගණයේ දී පානදුර කණ්ඩායම ලකුණු 140කට සීමා කිරීමට සමත් වුනා. ඔහු එහි දී මෙවර තරගාවලියේ ඔහුගේ පළමු කඩුලු 5 වාර්තා කළේ ලකුණු 28කට කඩුලු 6ක් දවා ගනිමින්. අද තරගය නතර කරන විට පොලිස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 79ක් වාර්තා කර තිබුණා.

මොරටුවේ දී පැවති ගුවන් හමුදා සහ සෙබෙස්තියන්ස් කණ්ඩායම් අතර තරගයේ දී ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 193කට සීමා කිරීමට සෙබස්තියන් කණ්ඩායම වෙනුවෙන් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කළ තරිඳු රත්නායක සමත් වුනා. ඔහු ලකුණු 95කට කඩුලු 6ක් දවාගෙන තිබුණා.

දිනයේ 4 වැනි සහ අවසන් කඩුලු 5 දවාලීම වාර්තා කළේ වමතින් දඟපන්දු යවන්නෙකු වන රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ඉරුෂික තිමිර විසින්. හලාවත මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් තරගාවලියේ ඔහුගේ පළමු තරගය ක්‍රීඩා කරන තිමිර බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව ප්‍රබල දස්කම් දැක්වීමට සමත් වුනා.

19න් පහළ ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩක නවෝද් පරණවිතාන තරග 2කින් පසු තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කරමින් ටැමිල් යූනියන් පිලට එරෙහිව ලකුණු 99ක් ලබා ගැනීමට සමත් වුනා. CCC කණ්ඩායමේ මාලිංග අමරසිංහට ද ශතකය අහිමි වුනා. ඔහු දැවීගි යේ ලකුණු 91කටයි.

මෙම සතියේ තරගවල පළමු දිනය සටහන් වූයේ මෙසේයි.

A කාණ්ඩය

  • මුවර්ස් සහ CCC අතර තරගය කොළඹ මුවර්ස් පිටියේ දී

කාසියේ වාසිය: CCC

CCC – 241 (80) මාලිංග අමරසිංහ 91, අම්ෂි ද සිල්වා 43*, අංජල බණ්ඩාර 38, තීසන් විතුසන් 4/76

මුවර්ස් SC 14/0 (8) දිනුක ඩිල්ෂාන් 10*

පළමු දිනය – මුවර්ස් ලකුණු 227ක් පසුපසින්

  • සෙබස්තියන් සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී

කාසියේ වාසිය: ගුවන් හමුදාව

ගුවන් හමුදාව – 193 (60.4) මොවින් සුබසිංහ 55, තරිඳු රත්නායක 6/95

සෙබස්තියන් – 82/3 (29) මානෙල්කර් ද සිල්වා 31*, සුරේෂ් ප්‍රනාන්දු 2/19

පළමු දිනය – සෙබස්තියන් ලකුණු 111ක් පසුපසින්

  • SSC සහ Lankan CC කණ්ඩායම් අතර තරගය කොළඹ SSC පිටියේ දී

කාසියේ වාසිය: Lankan CC

SSC – 311/8 (90) කවිඳු නදීශාන් 93*, කවිශ්ක සේනාධීර 71, ඔමේෂ් මෙන්ඩිස් 40, පුන්තිල කුමාර 4/68


B කාණ්ඩය

  • NCC සහ මීගමුව කණ්ඩායම් අතර තරගය කොළඹ NCC පිටියේ දී

කාසියේ වාසිය: මීගමුව ක්‍රීඩා සමාජය

මීගමුව – 235 (71.4) සඳරුවන් චින්තක 63, දිමුත් සඳරුවන් 42, යුගීෂ ඩිෂාන් 7/77

NCC – 59/6 (16) අහන් වික්‍රමසිංහ 23*, නිශාන් පීරිස් 2/3, අවීෂ කේෂාන් 2/9, පසිඳු උෂෙට්ටි 2/30

පළමු දිනය – NCC ලකුණු 176ක් පසුපසින්

  • කුරුණෑගල යොවුන් සහ Saracens ක්‍රීඩා සමාජ අතර තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී

කාසියේ වාසිය: Saracens

Saracens – 227 (68.3) සඳුන් මෙන්ඩිස් 52, චමල්ක ප්‍රනාන්දු 49, ප්‍රවීන් සඳමාල් 35, තවීෂ කහදුවාරච්චි 35, ගිහාන් අංජන 3/45

කුරුණෑගල – 73/2 (19) දුලාජ් රණතුංග 38, මුදිත ප්‍රේමදාස 28, කවික ඩිල්ෂාන් 2/30

පළමු දිනය – කුරුණෑගල කණ්ඩායම ලකුණු 154කින් පසුපසින්

  • Bloomfield සහ හලාවත මේරියන්ස් අතර තරගය කොළඹ Bloomfield පිටියේ දී

කාසියේ වාසිය: Bloomfield

Bloomfield – 331/8 (98) සනෝජ් දර්ශික 85, චිහාන් කලිඳු 67, කවියන් නරේස් 62, ඉරුෂික තිමිර 5/104


C කාණ්ඩය

  • නුගේගොඩ සහ රාගම ක්‍රීඩා සමාජ කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී

කාසියේ වාසිය: රාගම ක්‍රීඩා සමාජය

රාගම – 346/6 (92) අවිශ්ක තරිඳු 159*, ඩෙලෝන් පීරිස් 51*, සහන් නානායක්කාර 3/93

  • බදුරලිය සහ ටැමිල් යූනියන් අතර තරගය මග්ගොන සරේ විලේජ් පිටියේ දී

කාසියේ වාසිය: බදුරලිය

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – 332/6 (90) නවෝද් පරණවිතාන 99, දමිත් පෙරේරා 75, සිතාර හපුහින්න 38*, තමිඳු වික්‍රමාරච්චි 2/90

  • පොලිස් සහ පානදුර ක්‍රීඩා සමාජ අතර තරගය කොළඹ පොලිස් පිටියේ දී

කාසියේ වාසිය: පානදුර ක්‍රීඩා සමාජය

පානදුර – 140 (47) දුනිත් ජයතුංග 50, අසේල සිගේරා 6/28

පොලිස් – 79/5 (41) ජී. කොටුවේගොඩ 28, ඉවංක සංජුල 2/17, සසංක නිර්මාල් 2/21

පළමු දිනය – පොලිසිය ලකුණු 61කින් පසුපසින්


D කාණ්ඩය

  • කෝල්ට්ස් සහ Ace Capital ක්‍රීඩා සමාජ අතර තරගය කොළඹ කෝල්ට්ස් පිටියේ දී

කාසියේ වාසිය Ace Capital

කෝල්ට්ස් – 400 (80.4) ෂෙරාන් ෆොන්සේකා 85, අවිශ්ක පෙරේරා 66, මුදිත ලක්ෂාන් 57, කවිෂ්ක අංජුල 49, කවිඳු අමන්ත 46, ශලින් ද මෙල් 35, නිමසර අතරගල්ල 4/80, තනුක දාබරේ 3/62

Ace Capital – 38/1 (7) අමිත දාබරේ 25*

පළමු දිනය – Ace Capital ලකුණු 362ක් පසුපසින්

  • යුද හමුදා සහ BRC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී

කාසියේ වාසිය: යුද හමුදා

BRC – 151 (45.3) දනාල් හේමානන්ද 39, පුබුදු බණ්ඩාර 28*, ලක්ෂාන් ගමගේ 5/51, අසංක මනෝජ් 4/42

යුද හමුදා – 95/5 (33) මහේෂ් කුමාර 32, පැතුම් බොතේජු 21*, දනාල් හේමානන්ද 4/38

පළමු දිනය – යුද හමුදාව ලකුණු 56ක් පසුපසින්

  • ගාල්ල සහ කළුතර නගර සමාජ අතර තරගය

කාසියේ වාසිය: ගාල්ල ක්‍රීඩා සමාජය

ගාල්ල ක්‍රීඩා සමාජය – 185 (60.5) ඩිල්ෂාන් කාංචන 70, දුලාෂ් උදයංග 40, තෙමල් බණ්ඩාර 3/97

කළුතර නගර සමාජය – 39/2 (20) කව්ෂාන් කුලසූරිය 16, සුන්හානු රාජපක්ෂ 1/10, කවිඳු දිල්හාර 1/14

පළමු දිනය – කළුතර සමාජය ලකුණු 146ක් පසුපසින්

හෙට (12) තරගාවලියේ දෙවැනි දිනය ක්‍රියාත්මක වනවා. තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<