2023 IPL තරගාවලියේ අවසන් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ නම් කෙරේ

IPL 2023

1654

2023 IPL තරගාවලියේ Play-Off තරග වටයේ තරග පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර තරගාවලියේ Play-Off තරග හතර (Qualifier 1, Qualifier 2, Eliminator සහ Final) Chennai හි M.A.Chidambaram ක්‍රීඩාංගණයේ සහ Ahmedabad හි Narendra Modi ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

එම තරග පැවැත්වීමට නියමිත දින සහ ක්‍රීඩාංගණ මෙසේයි;

  • Qualifier 1 – මැයි 23 Chennai
  • Eliminator – මැයි 24 – Chennai
  • Qualifier 2 – මැයි 26 – Ahmedabad
  • අවසන් මහා තරගය – මැයි 28 – Ahmedabad

එමෙන් ම 2022 IPL තරගාවලියේ දී ද Qualifier 2 සහ අවසන් මහා තරගය පැවැත්වුණේ Ahmedabad හීදී වන අතර, Chennai වෙත මෙසේ IPL Play-Off තරගයක් පැවැත්වීමට අවස්ථාව හිමි වුනේ 2019 වසරෙන් පසුව වීමත් විශේෂත්වයක්.

2023 IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. දිනෙන් දින උණුසුම් වන IPL තරගාවලියේ උණුසුම අත් විඳීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<