සාන්ත ඇලෝසියස් සහ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලවලට ජයග්‍රහණ

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 202

312
19th March U19 Schools Cricket

මාර්තු 19 වැනි සිකුරාදා ද වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග කිහිපයක් පැවැත්වුණු අතර දෙදින සුහද තරග කිහිපයක් ද ඊට සමගාමීව පැවැත්වුනා. 

පැවති එක්දින තරගවල දී සාන්ත ඇලෝසියස් සහ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාල ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වූයේ පිළිවෙළින් මොරටු මහා විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය පරාජයට පත් කරමින්.

ඊට අමතරව නාලන්දා විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවති එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා සාන්ත අන්තෝනි විද්‍යාලයට පිතිකරණයේ නිරත වීමට අවස්ථාවක් උදා වුනේ නැහැ. කෙසේ නමුත් එම තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වූ නිසාවෙන් දෙපිලටම සම ප්‍රසාද ලකුණු ලබා දෙමින් තරගය අවසන් කිරීමට විනිසුරුවරුන් කටයුතු කළා.

තවත් ක්‍රිකට් පුවත්: 

ඊට අමතරව පැවති දෙදින තරග හතරෙන් තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වුනු අතර අනෙක් තරග දෙකේ පළමු දිනය නිමා වන විට සාන්ත ජෝසප් විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය තරගයේ වැඩි වාසිය දිනා ගැනීමට සමත්ව සිටියා.

පැවති එක්දින තරගවල දී සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ සදීප හලංගොඩ ලකුණු 85ක් ලබා ගනිමින් දිනයේ වැඩිම ලකුණු ලාභියා වන විට, ලුම්බිණි විද්‍යාලයේ  තිරංජය රසාංජන කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් පෙන්නුම් කළා.

දෙදින තරග දෙස සලකා බැලීමේ දී සාන්ත පීතර විද්‍යාලයේ දනාල් හේමානන්ද ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ කඩුලු 5ක් සහ දෙවන ඉනිමේ කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතරව ත්‍රිත්ව ඉනිම් දෙක තුලම අර්ධ ශතක ලබා ගැනීමට උමෙයිර් රයිසාන් සමත් වූ අතර නායක අභිෂේක් ආනන්දකුමාර් ත්‍රිත්ව දෙවන ඉනිමේ දී අර්ධ ශතකයක් ලබා ගනිමින් පූර්ණ තරග පරාජයකින් සිය කණ්ඩායම බේරාගත්තා.

සාන්ත තෝමස් විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය අතර පැවැත්වෙන දෙදින තරගයේ දී සාන්ත තෝමස් මැදපෙළ පිතිකරු රයන් ප්‍රනාන්දු ශතකයක් ලබා ගනිමින් දස්කම් පෙන්නුම් කරද්දී, පිළිතුරු ආනන්ද දෙවන ඉනිම වෙනුවෙන් නුශාල් ධර්මරත්න නොදැවී ලකුණු 60*ක් ලබා ගත්තා.

ඊට අමතරව වෙස්ලි විද්‍යාලයට එරෙහිව සුපිරි නොදැවුණු ශතකයක් ලබා ගැනීමට ශෙවෝන් ඩැනියල් සමත් වුනා. ඔහුගේ එම නොදැවුණු ලකුණු 134* ඉනිම සඳහා 4 පහර 15ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුනා.

එක්දින තරග

සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය

මොරටු මහා විද්‍යාලය – 91 (30.1): සඳුන් මදුසංක 4/14, මිහිරංග නිම්සර 2/19.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 93/4 (18.5): ඔමල් සදිත් 36*, ඩිලාන් තාරක 2/12, සුකිත දෙව්තිලින 2/17.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 194/9 (50): සදීප හලංගොඩ 82, කවිෂ්ක ඩිල්ශාන් 35, ශෂික ගිහාන් 21, තිරංජය රසාංජන 5/41.

ලුම්බිණි විද්‍යාලය – 105 (28.1): යසිරු යුගාත් 24, විකුම් කල්හාර 24, චරිත් සමුදිත 3/14, අකිල නිම්සර 3/16, මලීෂ සිල්වා 2/17

නාලන්දා විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තොනි විද්‍යාලය

නාලන්දා විද්‍යාලය – 168/9 (47.2): විනුජ රන්පුල් 68, ජිමුතු එරංග 34*, නිකිල් අබේගුණසේකර 21, යසිරු ගමආරච්චි 2/08, අසිත වන්නිනායක 2/32, චමිඳු වික්‍රමසිංහ 2/33.

තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන්

දෙදින තරග

සාන්ත පීතර විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 277/9d (72.5): නිපුනක ෆොන්සේකා 76, ශෙනාල් බොතේජු 51, වනුජ කුමාර 45, ශානුක ගලගොඩ 26, නිමාන් උමේෂ් 24, මනුල කුලරත්න 5/60, අභිෂේක් ආනන්දකුමාර් 3/81.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම  –  169 (50): උමෙයිර් රයිසාන් 56, තෙවින් අමරසිංහ 28, පවන් පතිරාජ 21, දනාල් හේමානන්ද 5/62, වනුජ කුමාර 3/34.

ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම –  F/O 188/8 (63.1): උමෙයිර් රයිසාන් 56, අභිෂේක් ආනන්දකුමාර් 53, අනුජ කුමාර 3/51, දනාල් හේමානන්ද 2/14, ජසුරන් බෙන්ජමින් 2/34.

තරග ජය පරාජයෙන් තොරව අවසන්

කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 217 (74.2): හංසජ ජයසිංහ 47, අනුද ජයවීර 45, කනිෂ්ක රන්තිලකගේ 32, යසිරු රොද්‍රිගෝ 5/63.

සාන්ත තෝමස් විද්‍යාලය –  236/8d (74.1): රයන් ප්‍රනාන්දු 127, මහිත් පෙරේරා 33, යසිරු රොද්‍රිගෝ 23, නෙත්ම සමරවීර 3/64, සවිරු බණ්ඩාර 2/52.

ආනන්ද විද්‍යාල දෙවන ඉනිම – 90/1 (31.2): නුශාල් ධර්මරත්න 60*, අනුද ජයවීර 28.

තරග ජය පරාජයෙන් තොරව අවසන්

සාන්ත ජෝසප් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) –  223/2 (58): ශෙවෝන් ඩැනියල් 134*, ශෙරන් ෆොන්සේකා 73.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 166 (82): සංදේශ් ප්‍රනාන්දු 42, බිහඟ මෙන්ඩිස් 31, තරින්ඳ නාමල් 3/34, නාලක ජයවර්ධන 2/36, අම්ෂි ද සිල්වා 2/49.

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 8/0 (4)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<