Michael Clarkeට සිය වෘත්තීය ජීවිතය පවා අවදානමට වැටෙන තරම් සැර කම්මුල් පහරක්!

8613

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක Michael Clarke හට තමාව රැවටීම පිළිබඳ වරද පටවමින් ඔහුගේ පෙම්වතිය විසින් කම්මුල් පහරක් එල්ල කරන වීඩියෝ පටයක් නිසා Clarkeගේ විස්තර විචාරක වෘත්තිය වැඩ කටයුතුවලට පවා බාධාවක් එල්ල වීමේ අවදානමක් මතු වී තිබෙනවා.

හිටපු ඕස්ට්‍රේලියානු නායකයා සිය පෙම්වතිය Jade Yarbrough සමඟින් ක්වීන්ස්ලන්ඩ් හිදී නිවාඩුවක් ගත කරමින් සිටින අතරතුර, Yarbrough විසින් Clarkeට තමන්ව රැවටූ බවට චෝදනා එල්ල කරන අයුරු සහ ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරන ආකාරයත්, ඇය විසින් ඔහුට කම්මුල් පහර එල්ල කරනා ආකාරයත් දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

මෙයත් සමඟින් එළඹෙන Border – Gavaskar තරගාවලියේ (ඉන්දු – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය) විස්තර විචාරයට සම්බන්ධ වීමට නියමිත ව තිබූ අවස්ථාව ද Clarkeට අහිමි වීමේ අවදානමක් මතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය මගින් වාර්තා කරන්නේ.

මෙම සිදු වීම වන විට Clarke සමඟ ඔහුගේ පෙම්වතියට අමතරව, ඇයගේ සහෝදරිය සහ පෙම්වතා ද එම ස්ථානයේ සිටි බවයි වාර්තා වන්නේ.

මෙම වීඩියෝ පටය The Daily Telegraph හී පළමුවෙන් පල වී ඇති අතර, ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සිදුවීම නිසා දැනටමත් ඔහුට යම් ආලේපන වර්ගයක් සමඟ ඇති වීමට තිබූ ගනුදෙනුවක්  අහමි වී ඇති බවයි.

මේ සිදුවීම සම්බන්ධයෙන් තවමත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වෙතින් නිල ප්‍රකාශයක් සිදුකර නැතත්, ඔවුන් දැනටමත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය මෙම සිදුවීම උලුප්පා දක්වමින් තවදුරටත් සඳහන් කරන්නේ මෙය Michael Clarkeගේ කරදර වල ආරම්භය පමණක් බවයි.

2015 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට දිනා දුන් නායකයා වන Clarke ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ටතම නායකයෙක් මෙන්ම පිතිකරුවෙකු ලෙස ද සැලකුම් ලබනවා.

“මම මේ සිදුවීමෙන් තුෂ්ණිම්භූත ව සිටිමි. මට ඉහළතම ගෞරවයෙන් සලකන අයව මම මේ ස්ථානයට පත් කළා. මෙම සිදුවීමට පෙර මගේ ක්‍රියාවන් ගැන ලැජ්ජා සහගත සහ පසුතැවිලි වනවා හැර වෙන දෙයක් නැහැ.

මෙය මට සම්පූර්ණයෙන්ම අයිතියි එමෙන්ම වරද ඇත්තේ මගේ අතේ පමණයි.”

Clarke විසින් සිදුවීම හෙළිදරව් කළ The Daily Telegraph වෙත අදහස් දක්වමින් පවසා තිබුණා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<