Babarගේ සහයට ක්‍රිකට් පාලක මණ්ඩලයත් පැමිණෙයි

2913

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා වල වැඩි වශයෙන් ම කතාබහට ලක් වන මාතෘකාවක් වන Babar Azamගේ යැයි කියන වීඩියෝ පට පිළිබඳව ප්‍රථම වරට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙතින් ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා.

පසුගිය සඳුදා රාත්‍රියේ Instagram පරිශීලකයකු විසින් Babar Aza විසින් තවත් කාන්තාවක් සමඟ (ඇය පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩකයකුගේ පෙම්වතියක් බව ද සඳහන් කරමින්) කරන ලද සංවාද කිහිපයක හඬ සහ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැර තිබූ අතර එයින් පසුව එය සමාජ මාධ්‍යයේ (විශේෂයෙන්ම twitter හී) ශීඝ්‍රයෙන් පැතිර ගියා.

කෙසේ වෙතත් මෙම සිදු වීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) විසින් අද දිනයේ Fox Cricket පළ කර තිබූ twitter පණිවුඩයකට (Babarගේ සිදුවීමට සම්බන්ධව) ප්‍රතිචාර දක්වමින් Babarට සහය පළ කර තිබුණා.

Babar Azam පවා ප්‍රතිචාර දැක්වීමට නොවටිනා අන්දමේ පදනම් විරහිත පුද්ගලික චෝදනාවක් නොසලකා හැරීමට අපගේ මාධ්‍ය සහකරුවෙකු ලෙස ඔබ සිතන්නට ඇති.”

Fox Sport විසින් එම පණිවිඩය ඉවත් කර දැමීමෙන් පසු PCB විසින් මෙම twitter සටහන තබා තිබුණා.

PCBට අමතරව බොහෝ පාකිස්තාන ක්‍රීඩාලෝලීන්ගේ සහය ද මේ වන විට Babar Azamට හිමි වී ඇති අතර, මේ වන විටත් twitter සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ #StayStrongBabarAzam, #BehindYouSkipper වැනි Hashtags වඩාත් ප්‍රචලිත වෙමින් ද පවතිනවා.

ගෙවුණු කාලසීමාව පුරාවටම පාකිස්තාන කණ්ඩායම Babar Azamගේ නායකත්වයෙන් යුතුව (විශේෂයෙන්ම සිය රටේ දී ම) ඉතා දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අතර මෙම හේතූන් නිසා ඔහුගේ නායකත්වය පවා අනතුරේ වැටී ඇති මොහොතක ඔහුට මෙම නොසිතූ සිදුවීමට මුහුණ දීමට සිදු වුනා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

NDTV ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<