කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

ක්‍රිකට්

විශ්ව චතුරංගගෙන් ශතකයක්

Pic 1

සිංගර් අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම ඊයේ (8) අවසන් වෙද්දී, තවත් තරග කිහිපයක්ම පළමු දිනයට ආරම්භ විය. අවසන් වූ තරග අතුරෙන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය මහනුවර ධර්මරාජ විද්‍යාලයට එදිරිව විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 321 (63.5): අවිදු තීක්ෂණ 122, ධනංජය ලක්ෂාන් 61, චාමිකර හේවාගේ 25, විනුජ කිරිඇල්ල 24, ගිහාන් විතාරණ 8/24

මහනුවර ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 151 (42.3): සචින්ත සේනානායක 51, තිලංග උදේශන 5/37, සදුන් මෙන්ඩිස් 4/53

මහනුවර ධර්මරාජ විද්‍යාලය දෙවන ඉනිම  (f/o) – සියල්ලන්ම දැවී 177 (56.2): දේශාන් ගුණසිංහ 62, නිවන්ත හේරත් 32, සදුන් මෙන්ඩිස් 6/65

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය දෙවන ඉනිම – කිසිවෙකු නොදැවී ලකුණු 8 (පන්දුවාර 3.3):

රාජකීය විද්‍යාලය පළමු ඉනිම – 137/8 dec (34): පසිදු සූරියබණ්ඩාර 47, රොනුක ජයවර්ධන 46, ලසිදු නානායක්කාර 26, කවුමල් නානායක්කාර 3/18, තිලාන් නිමේෂ් 3/33

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 307/6 (53): විශ්ව චතුරංග 103, දිලංක මදුරංග 87*, අවිදු ප්‍රනාන්දු 39, තිලාන් නිමේෂ් 38, හිමේශ් රාමනායක 5/75

සම්පූර්ණ ලකුණු සටහන: ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 10ක ජයක්


කාන්තාවෝ ප්‍රථම ජය වාර්තා කරති

pic 2

කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවැනි දිනය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර 5 වන තරගය ඊයේ  (8) පී සරා පිටියේ දී පැවැත්විණි.

මෙම තරගයේ කාසිය වාසිය දිනා ගත්  ශ්‍රී ලංකා කාන්තාවන් පළමුව පන්දුවට පහර දෙමින් තරගය ආරම්භ කළේය. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් චමරි අතපත්තු සහ එෂානි ලොකුසූරිය පිටියට පැමිණියත් ආරම්භක සබඳතාව ලකුණු 24ක්ව තිබිය දී පළමු කඩුල්ල ලෙස ලොකුසූරිය ලකුණු 14කට දැවී යනවාත් සමඟම ඊලග පන්දු වාරයේ දී දෙවැනි කඩුල්ල ලෙස අතපත්තු ලකුණු 6ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට ලක්විය.

සම්පූර්ණ තරග වාර්තාව: ශ්‍රී ලංකා කාන්තාවන් නැවත තරගයට


දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෝ අවසන් 4ට

pic 3

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සංවිධානයෙන් පැවැත්වෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම හා බංගලාදේශ දෘශ්‍යාබාධිත කණ්ඩායම අතර තරගය ඊයේ (8) ඉන්දියාවේ අලූර් හි කර්ණාටක ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර එම තරගයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම කඩුලු 6ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි.

බංගලාදේශ දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම – 141/8 (20): මහබුබල් එමන් 33, මොහොමඩ් මලික් 32, මොහොමඩ් රශීඩ් 20*, දිනේෂ් හේරත් 2/18, දිමුත් රවීන්ද්‍ර 1/14, පැතුම් කුමාර 1/14, දිනේෂ් මතුගම 1/15

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම – 142/4 (12): කවිදු කුමාර 56*, රුවන් වසන්ත 33, දිමුතු රවීන්ද්‍ර 32*, මොහොමඩ් ෆයිසාල් 2/18

සවිස්තර තරග වාර්තාව: ශ්‍රී ලංකාව බංගලාදේශය පරදවයි; ශ්‍රී ලංකාව අවසන් 4ට


රබාඩා සහ දික්වැල්ල වැරැද්ද භාරගනී

Pic 4

කේප්ටවුන් හිදී පසුගිය අඟහරුවාදා (07) පැවැත්වුණු සිව්වැනි එක්දින තරගය අතරතුර පෙන්වූ නොමනා හැසිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලගේ සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩාගේ තරග ගාස්තුවෙන් සියයට 50ක් කපා හැරීමට ICCය තීරණය කර තිබේ.

 

සවිස්තර වාර්තාව: දික්වැල්ලට සහ රබාඩාට දඩයක් සමඟින් දඬුවම් ලකුණු 3ක්

දිනයක අවසානය

අද දිනයේ පුවත් සඳහා රැදී සිටින්න – මුල් පිටුව සමඟින්